Pages - Menu

Earn Money Online

Saturday, April 21, 2012

Adariye - Theekshana Anuradha

ආදරියේ 


මා ආදරියේ මගෙ ආදරියේ
නුඹ කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සඳ රාජිනියේ සඳ රාජිනියේ
නුඹ කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබේ දෑසේ බැල්මෙන් සැනසීලා
කෝමල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවුද ඔබ කවුද සුර අඟන ලීලා
කවුද ඔබ කවුද සුර අඟන ලීලා

නොසිතූ විලස මා දෙනෙතෙ පොපියාලා
නොදුටු අයුරින් ඔබ යනවද සැඟවීලා
ලොවම ගෙනැවිත් මගේ සුරතේ නවතාලා
කවුද ඔබ කවුද දෙව්දුවක ලීලා

මා ආදරියේ.............................



ගායනය :- තීක්ෂණ අනුරාධ
පද රචනය:-
සංගීතය -

Kumudiniya Obai mage - Indu Mihirani

කුමුදුනිය ඔබයි මගේ




කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය ඔබයි මගේ................



මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නිතින් පතමින් ඔබේ සෙනේ

සඳවතිය මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Wednesday, April 18, 2012

Dekopul Kandulin Thema - Lahiru Perera

දෙකොපුල් කඳුලින් තෙමා




දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ

මින් පෙරදී අපි මේ වගේ
වෙන්වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ ඔබ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා....................


සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබේ සිහිනවල මා හිඳී
මගේ සිහිනවල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ


දෙකොපුල් කඳුලින් තෙමා..............


To Download mp3 click here






ගායනය :- ලහිරු පෙරේරා
පද රචනය:-
සංගීතය -

As Adaren Purona - Kaveesha Kaviraj

ඇස් ආදරෙන් පුරෝනා



ඇස් ආදරෙන් පුරෝනා
හිත පාලුවෙන් ගලෝනා
ඔබ මගෙම වෙන්න ඕනා
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ
මා හදවතින්ම උමතුවී තියේ 

ඔබ සිහිවන හැම මොහොතක් ගානේ
දැක ගන්නට ඔබ මා ලඟ නෑනේ
නුදුරේදීම කරගන්නට මාගේ
අවසර දෙන්නට පමණයි ඕනේ
ඉඩ දෙන්නම් පපුතුරේ
නැලවෙනු මැන සොඳුරියේ
ඔබ මටම තමයි ඕනා

ඇස් ආදරෙන්...

රැකගන්නම් ජීවිතයම වාගේ
එක සැරයක් හද ගත්තානම් මාගේ
සැනසෙන්නට හැමදාමත් ආයේ
එනවද හිමිකම ගන්නට මගෙ හීනේ
නොසිදෙන මහ සාගරේ
තරමට මගෙ ආදරේ
ඔබ මටම තමයි ඕනා


ඇස් ආදරෙන්...


To Download mp3 click here






ගායනය :- කවීශ කවිරාජ්
පද රචනය:- කුශාන් මනීන්ද්‍ර
සංගීතය - සදීප්ත


Sunday, April 15, 2012

Heenayakda me - Shashika Nisansala & Prasanga Thisera

හීනයක්ද මේ







හීනයක්ද මේ නිල් මැණික් දෑස ළං වෙලා
නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා

දෝරෙ ගලා යන කඳුළු ගංගා සිඳී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
ආලයෙන් කියා දුන් නේක සෝ දුක් නිවී

පීරු අහසෙ තරු මල් දැන් ඇත විකසිත වී


මා සුපෙම් ප්‍රියාවියේමේ පණ නලත් ඔබේ


හීනයක්ද මේ.................................. 


මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී

කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී


මා සුපෙම් ප්‍රියාවියේ
මේ හදවතත් ඔබේ


හීනයක්ද මේ.................................. 



To Download mp3 click here 



ගායනය - ප්‍රසන්ග තිසේරා
පද රචනය -
සංගීතය -

Tuesday, April 10, 2012

Sithata Danena Me Lathawul - T.M Jayarathna

සිතට දැනෙන මේ ලතැවුල්





සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විදගන්නම් කවදා හෝ
ඔබ හිමි වේ නම්


සිතට දැනෙන මේ ලතැවුල්.........


අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්


සිතට දැනෙන මේ ලතැවුල්.........



To Download mp3 click here


ගායනය - ටී.එම් ජයරත්න
පද රචනය -
සංගීතය -

Monday, April 9, 2012

Kath kawuruwath Nathi - Amarasiri Pieris

කාත් කවුරුවත් නැති බව




කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා

නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා



සාංකාව ඇහරෙන ගන අදුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තෙ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ 


 කාත් කවුරුවත් නැති............... 

To Download mp3 click here





ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -

Wednesday, April 4, 2012

Neela Dase - Romesh & Lakshan

නීල දෑසේ


නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ //

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ
පෙම් ශිලා  ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවත උයන් තෙරේ නෙලූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් ඵලේ
රස සොයන බිඟු කැල විස දළ තුඩින්
සඟවමී දිවිපුරා මාගේ ආදරේ
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

මතකයන් මාගේ


නීල දෑසේ දුටුවා ............


To Download The mp3 click here.






ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය :
සංගීතය :

Tuesday, April 3, 2012

Mulu Lowama nathi wunath - T.M Jayarathna

මුලු ලොවම නැති වුනත්



මුලු ලොවම නැති වුනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් // 


ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවු ලෝකයෙන්  //
වෙන්ව සිටිනා හුදකලාවේ

එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්


මුලු ලොවම නැති වුනත්................... 


ලොවේ දිනයක තනි වුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්  //
සොයා එන්නට සිටින කැප වී

එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්


මුලු ලොවම නැති වුනත්.................... 



To Download mp3 click here


ගායනය - ටී.එම් ජයරත්න
පද රචනය -
සංගීතය -

Followers