Pages - Menu

Earn Money Online

Friday, September 21, 2012

Sansare - Dayasiri Jayasekara

සංසාරේ 


සංසාරේ ආ ලෙසිනා
ශ්රුන්ගාරේ යා කෙරුණා //
පිනි යායේ සැරිසරලා
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතු සුදු මල හද තුල පිපුනා
ඔබේ සුවඳති මද නල වෑහීලා
පායා වස්සානේ සේයා 
ඇස්මානේ ගාවා සංසිදෙනා සේමා 
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සඳ පරදන වත මට සිහිවීලා
විල් තීරේ පීරා ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

සංසාරේ ආ ලෙසිනා.................


To Download mp3 click here



ගායනය - දයාසිරි ජයසේකර
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
සංගීතය - සචිත් පීරිස්

Tuesday, September 18, 2012

Seetha Maruthe - Ruwan Hettiarachchi

සීත මාරුතේ


සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් 
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා 
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ........................


යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා // 
ආදරයේ මිහිරෙන් මා නිවුණේ 
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ........................


To Download mp3 click here




ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - නිලාර් M. කාසිම්
සංගීතය - අමිත් ගුරු

Iwasaida Manda - Athula & Samitha

ඉවසයිද මන්දා


ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙනිවීලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ

දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරමන් වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා................................




To Download The mp3 click here.

ගායනය - අතුල &සමිතා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Sunday, September 16, 2012

Nanadunana Sihinaya Wela (Anuththara Theme Song) - Romesh sugathapala

නන්නාදුනන සිහිනය වෙලා


නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //

To Download The mp3 click here.


ගායනය - රොමේෂ් සුගතපාල

පද රචනය :  රචිත වාකිෂ්ට
සංගීතය : තිලින රුහුණගේ



Saturday, September 15, 2012

Piyapath Labee - Thisara Weerasinghe & Hashan D Balasuriya

පියාපත් ලැබී

මා නොදුටුව මගේ හිතට
පියාපත් ලැබී 
තෙත් තටු වියලුන බව හැඟුනා
පියාඹන්න පියාඹන්න සිත හරි සොඳුරුයි
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

හදවත පිරිමැද සිතුවිලි අවදිවෙලා
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

අවදිවූ සිතුවිලි දකිනට සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න



ගායනය - තිසර වීරසිංහ & හෂාන් බාලසූරිය
පද රචනය - ඉන්දික මායාකඩුව
සංගීතය - අමිත් ගුරු

Friday, September 14, 2012

Eda Meda Thura - Sanath Nandasiri

එදා මෙදා තුර


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනක
සොඳුරිය මට‍ නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර ....................

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.....................

To Download mp3 click here


ගායනය - සනත් නන්දසිරි 
පද රචනය - විමල් ජයශාන්ත

Monday, September 10, 2012

Nawathi Methekin - Kasun Kalhara

නැවතී මෙතෙකින්


නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම් 
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

To Download mp3 click here




ගායනය -  කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර

Followers