Pages - Menu

Earn Money Online

Sunday, May 27, 2012

Aya yanna giya makila - Amarasiri Pieris

ඇය යන්න ගියා මැකිලා



ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ 
ඇය යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා 
මිහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
යන්න ගියා මැකිලා

ඇය යන්න ගියා මැකිලා.........

යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර




ඇය යන්න ගියා මැකිලා.........


To Download mp3 click here


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -

Saturday, May 19, 2012

La Rosa - Chillie

ලා රෝස 



ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා


නුහුරු මිහිරෙන් ඔබේ
නෙතු දිලී පියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙත් සැඟවූවා



දෑතින් අල්ලා .................


ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා

ලා රෝස ......................


To Download mp3 click here






ගායනය :- චිලී තිලංක
පද රචනය:-
සංගීතය -






Friday, May 18, 2012

Waradak Kalath - Sanath Nandasiri

වරදක් කලත්  



වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස්දෙක වගේ //


ඔබේ ගිනි නිවා ඇගේ හිත දවා
අප එක් ‍වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිස් අතින්

පිසලන්නේ කොයි කඳුලුදෝ


වරදක් කලත්.....................


අසරණ ඔබයි තනිවුන ඇයයි

මට සාප කර යාවිදෝ//
ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ


වරදක් කලත්…...................


To Download mp3 click here




ගායනය :- සනත් නන්දසිරි
පද රචනය:-
සංගීතය -

Mage Adaraneeya Adare - Udesh Indula

මාගේ ආදරණීය ආදරේ


මාගේ ආදරණීය ආදරේ
වෙන හිතකට පවරා තියා
යන්නට ඇයි මට ඉඟි කලේ
මට නම් නුඹ විතරයි උන්නේ


වාවන්න බෑ කඳුළු මෙතරම්
ගලා යද්දී දෙනෙත තෙමා 
තනිවෙන්න බෑ සුසුමන් මෙතරම්
තොදොල් වෙද්දී මතක් වෙලා 
මා හැර යන්න ගියේ මොන හිතකින්ද කියා
තාමත් මට හිතා ගන්න බෑ 

හිමි වෙන්නෙපා සෝ සුසුම් මෙතරම්
පෙම් කල හිතකින් සසර පුරා
තනි වෙන්න එපා කිසිදා ඔබ නම්
සතටින් ඉනු මැන හිනා වෙලා 
මා හැර යන්න ගියේ මොන හිතකින්ද කියා
තාමත් මට හිතාගන්න බෑ 


මාගේ ආදරණීය ආදරේ...........................


To Download mp3 click here


ගායනය :- උදේශ් ඉන්දුල
පද රචනය:-
සංගීතය -

Me Diganthaye - Rukantha Gunathilaka

මේ දිගන්තයේ



මේ දිගන්තයේ මල් වසන්තයේ
ඈ නිසංසලේ මා නිසංසලේ
නිල් ගුවන් ගැබේ පායනා සඳේ
දන්නවාද ඒ පෙම් කතන්දරේ
සිත නෑ කියන්නෙ නෑ
ගත බෑ කියන්නෙ නෑ
ඇය හාදු දෙන්නෙ නෑ
ඈට තෙරෙන්නෑ
සිතුවැල් රැඳෙන්නෙ නෑ 
නෙතුවැල් බැ‍‍‍ඳෙන්නෙ නෑ
පැතුමන් නෙලන්න නෑ 
ඇය ආදරේ දෙන්නෑ

මේඝ මාරුතේ රෑට සීතලේ
යොවුන් හැඟුම් මගේ
තැලෙයි පෙලෙයි ගතේ


ලඳුනේ අනුකම්පා නැතිදෝ සිතිලා
ඇය මාව දන්නෑ
මගේ ස්නෙහේ දන්නෑ
කොඳුරා කියන්න නෑ

දුර ඈත ඉන්නෙ ඈ


ඔබ මට ගෙන දෙන වේදනා 
යලි යලි පාරයි චේතනා
මා දුක කඳුලේ නෑවෙනා
වසන්තයේ රෑ


ඔබ ගැන සිතමින් රෑ දිවා
වසන්තයේ මල් පීදිලා
ඉවත බලාගෙන ඇයි ඔයා


මට ඔබ නැති ලොව එපා
මා සනසනු රෑ දිවා
රෑ දිවා රෑ දිවා රෑ
නෙතුවැල් මැලවී සිතුමල් වැලපී
හසකැන් මියැදී හද සෝ වියැකී


To Download mp3 click here




ගායනය :- රූකාන්ත ගුණතිලක
පද රචනය:-
සංගීතය -

Wednesday, May 16, 2012

Suwanda Dena Mal Wane - Rukantha Gunathilaka

සුවඳ දෙන මල් වනේ

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ
සුසුම් නැගිලා



සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා


මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා 
වේදනා දරා
වේදනා දරා 


සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුලු බිඳු නිල් නුවන් පුරා රැඳිලා


මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ රහස් වසා ජීවිතේ ගලයි
මේ කුලුත් පියා සලා කුලින් කුලේ රැ‍ඳෙයි
ආදරේ අමා හැඟුම් මා සිතේ නැගෙයි

මා සිතේ නැගෙයි

සුවඳ දෙන මල් වනේ.....................


To Download mp3 click here



ගායනය :- රූකාන්ත ගුණතිලක
පද රචනය:-
සංගීතය -

Pinsara Oba Dakka Mulma dine - Amila Nadeeshani & Dimithri

පින්සාර නුඹ දැක්ක



පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ළඟටම සිතුනා නගේ
මල් යායේ සුවගන්න හැන්දෑකරේ

සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ


කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේණු දෙනවාද සිතුවා සඳේ
මල් වලට වදකරනා බඹරුන් රැලේ
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ ගිජුදුන් ඇවිල්ලා

හැඩකාර බඹරා ළඟ වැටීලා


වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි //

මගෙ වරුණ ගයනා ඔබ මා ළඟ ඉඳන්

හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්


වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්
මං කොහොම හිත දෙන්නෙ මගෙ හිත බයෙන් //


පින්සාර නුඹ දැක්ක.................................



කවිකාර ඔය බඹරා...................................



To Download mp3 click here






ගායනය :- අමිලා නදීෂානි & දිමිත්‍රි
පද රචනය:-
සංගීතය -



Monday, May 14, 2012

Kumudiniya Mamai Obe - Indu Mihirani

කුමුදුනිය මමයි ඔබේ 


කුමුදුනිය මමයි ඔබේ
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳ කුමරු මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය මමයි ඔබේ................



මිහිර පැතූ ස්නේහයේ සුවඳ ඉතිරුනේ
සිටින විටදි ඔබ ලඟින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නිතින් පතමින් ඔබේ සෙනේ

සඳ කුමරු මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Sunday, May 13, 2012

Duras wi Na Priye - Ryan Marlon

දුරස් වී නෑ ප්‍රියේ



දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි
ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි
හිනැහෙන්න එක සැරයක්
නොහඬන් හදින්
බලන් සුදු මා දිහා මා ඔබේ ළඟයි 


සඳු හා කතා කර නැහැ ඇදී
තරු හා බැඳී ඔබෙන් යනු බැහැ මිදී
අහසින් නැගෙන හඬ මා හට 
නොඇසී ඇසෙයි 
බලන් සුදු මා අද ඔබ ළඟ
තවමත් රැඳෙයි


ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවින්
ජීවිතේ සරදමින් අපි වෙන් කලේ
ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි
හිනහෙන්න එක සැරයක් මා ඔබේ ලඟයි 


දුරස් වී නෑ ප්‍රියේ....................................


To Download mp3 click here






ගායනය :- රයන් මාලන්
පද රචනය :-
සංගීතය :-

Dunnu Wedana - Nirosha Virajini

දුන්නු වේදනා



දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි

ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා 


මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ

සෝ සංකා හිරිහැර කරන්නේ


කෙටි කාලයකින්................

සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ

ඔබ කොහේදෝ හිඳින්නේ


කෙටි කාලයකින්................



දුන්නු වේදනා..................... 



To Download mp3 click here




ගායනය :- නිරෝෂා විරාජිනී
පද රචනය :-
සංගීතය :-

Thursday, May 10, 2012

Rosa Kathandara - Nimanthi Chamodi





රෝස කතන්දර 

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ


අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා


ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මන් තලාවේ
රෑ සලුවකට මන් දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ

පෙම්වත්  කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා


රෝස කතන්දර..............



ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ලං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවනෙපා



රෝස කතන්දර..............


To Download mp3 click here


ගායනය :- නිමන්ති චමෝදි
පද රචනය :-
සංගීතය :-






Tuesday, May 8, 2012

Peradaka Susumak - Theekshana Anuradha

පෙරදාක සුසුමක්







පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී

ගැඹුරුයිද ආදරේ මේ හැටී
ගැඹුරුයිද ආදරේ මේ හැටී


හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී

කුලුදුල්ම හීනයක් මේ
මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත්
මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක්


තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇඳී
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලඟ නම්

හිත පිරුනු ආදරේ 
උහුලන්න බැරි තරම්

පෙරදාක සුසුමක්...


To Download mp3 click here


ගායනය :- තීක්ශන අනුරුද්ද
පද රචනය :- රචිත වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුනගේ

Wednesday, May 2, 2012

Manamala Sithak thibunada - Dinesh Tharanga

මනමාල සිතක් තිබුනද






මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ

ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ


මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ



නල රැළි  මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා.......................


මනමාල සිතක් තිබුනද..................... 



නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා..........................


මනමාල සිතක් තිබුනද .................


To Download mp3 click here







ගායනය :- දිනේෂ් තරංග
පද රචනය:-
සංගීතය -





Followers