Pages - Menu

Earn Money Online

Showing posts with label D. Show all posts
Showing posts with label D. Show all posts

Thursday, January 25, 2018

Panchiye - Jude Rogans

පැංචියේ


දුක හිතුනද පැංචියේ
ලඟ නැහැ කියලා
දුර රටකට මං ගියේ
අපි ගැන හිතලා

ඔබෙ සුවඳම ලඟ තියේ
අනෙ නැහැ මැකිලා
පපුවම මගේ ඇවිලුනේ
නුඹ ගැන හිතලා

හඬවන්නේ නෑ හිත පාරන්නෙ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදනවත කකියන්නේ
කඳුලැලි රූරන්නේ ඔබ නිසා

ඔබේ රුව ඇත මා ලයේ
ගැඹුරට ඇඳිලා
නැත හිත කොහෙවත් ගියේ
ඔබෙ ලඟ ඉඳලා

සිපගත් හැටි ගොම්මනේ
ඔය ඇස් වහලා
මතකද මං හැංගුනේ
උණුහුම හොයලා

හඬවන්නේ නෑ හිත පාරන්නෙ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදනවත කකියන්නේ
කඳුලැලි රූරන්නේ ඔබ නිසා

ගායනය : ජූඩ් රෝජන්ස්
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : චතුරංග ද සිල්වා





Duwani (Hithanawa Mamath) - Mihindu Ariyarathne

 දුවනී (හිතනවා මමත් පියෙකු වූ වැයි)

හිතනවා මමත් පියෙකු වූ වැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුළුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමි නැතත් මට වන්නට පිය උරුමේ
නොවුනත් ඇය මගේ දුවණී
අපි මැව් සිහිනේ සිටියේ ඇයයි
අපි මැවූ සිහිනේ නිම් හිම් සොයා
අද උනත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

ගායනය : මිහිඳු ආරියරත්න
ගේය පද : මනුරංග විජේසේකර
සංගීතය : අශාන් ප්‍රනාන්දු

Wednesday, January 7, 2015

Dura Atha Sulangeda - Uresha & Udaya Sri

දුර ඈත සුලඟේද

දුර ඈත සුලඟේද පාවී හමන්නේ
උපනූපන් හැම වාරයේ
මුදු සීත
සුවඳේද මුසුවී දැනෙන්නේ
සංසාර ආරන්යයේ

බිඟු ගායනා සොයා මේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ

ප්‍රියයානනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ 
මේ විහඟ ගී ගායනා

ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උනුහුම පිරේ පෙම්සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොදුරු සන්ගායනා

දුර ඈත සුලඟේද පාවී හමන්නේ........

MP3 Download 



ගායනය - උරේෂා රවිහාරි & උදය ශ්‍රී

Monday, November 24, 2014

Duka Wadi Nethe - Ruwan Hettiarachchi

දුක වැඩි නෙතේ

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්න බෑ මතකෙන් ඔබගේ


දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා //
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුණේ
තවමත් මතකයි දිවුරා මගෙ ඔබ කීවා
දිවුරා මගෙ ඔබ කීවා


පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා


දුක වැඩි නෙතේ.................................




ගායනය - රුවන් හෙට්ටිආරච්චි



Mp3 Download

Tuesday, August 21, 2012

Husmak Durin Inna - Shashika Nisansala

හුස්මක් දුරින් ඉන්න


දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපිට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්

අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් 

දුර යන්න සිතුවාට..............................


To Download mp3 click here



ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Sunday, May 13, 2012

Duras wi Na Priye - Ryan Marlon

දුරස් වී නෑ ප්‍රියේ



දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි
ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි
හිනැහෙන්න එක සැරයක්
නොහඬන් හදින්
බලන් සුදු මා දිහා මා ඔබේ ළඟයි 


සඳු හා කතා කර නැහැ ඇදී
තරු හා බැඳී ඔබෙන් යනු බැහැ මිදී
අහසින් නැගෙන හඬ මා හට 
නොඇසී ඇසෙයි 
බලන් සුදු මා අද ඔබ ළඟ
තවමත් රැඳෙයි


ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවින්
ජීවිතේ සරදමින් අපි වෙන් කලේ
ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි
හිනහෙන්න එක සැරයක් මා ඔබේ ලඟයි 


දුරස් වී නෑ ප්‍රියේ....................................


To Download mp3 click here






ගායනය :- රයන් මාලන්
පද රචනය :-
සංගීතය :-

Dunnu Wedana - Nirosha Virajini

දුන්නු වේදනා



දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි

ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා 


මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ

සෝ සංකා හිරිහැර කරන්නේ


කෙටි කාලයකින්................

සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ

ඔබ කොහේදෝ හිඳින්නේ


කෙටි කාලයකින්................



දුන්නු වේදනා..................... 



To Download mp3 click here




ගායනය :- නිරෝෂා විරාජිනී
පද රචනය :-
සංගීතය :-

Wednesday, April 18, 2012

Dekopul Kandulin Thema - Lahiru Perera

දෙකොපුල් කඳුලින් තෙමා




දෙකොපුල් කඳුලින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා
ලතැවෙමි රෑ තුන්යාමේ
සුහදිනියේ

මින් පෙරදී අපි මේ වගේ
වෙන්වී යන්නට ඇති
මේ කඳුළු ගංගා ඉමේ
කොතැනක හෝ
මගේ ජීවිතේ ඉකිබිඳී
ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබ පපුතුරේ මා හිදී
මගේ පපුතුරේ ඔබ හිදී
ලංවෙන්න වෙන්නේ නම් නෑ
සුහදිනියේ

දෙකොපුල් කඳුලින් තෙමා....................


සුදු සිනිඳු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇති
මුදු සුවඳ දැනෙනා ඉමේ
දෙතැන පිපී
හමුවීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වඩයි
අපි පතා ආවා වගේ
වෙන්වී යයි

ඔබේ සිහිනවල මා හිඳී
මගේ සිහිනවල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ
සුහදිනියේ


දෙකොපුල් කඳුලින් තෙමා..............


To Download mp3 click here






ගායනය :- ලහිරු පෙරේරා
පද රචනය:-
සංගීතය -

Wednesday, March 7, 2012

Duras Wannata Me Lesin - Dayarathna Ranathunga

දුරස් වන්නට මේ ලෙසින්




දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ //

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද //
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්

ඔබ හිනැහුණු ඒ කාලය මතකද


දුරස් වන්නට මේ ලෙසින්........

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද //
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා

ඔබේ ලගින් උන් කාලය මතකද


දුරස් වන්නට මේ ලෙසින්........



To Download mp3 click here.




ගායනය - දයාරත්න රණතුංග

Wednesday, February 29, 2012

Digu Dasa - Romesh Sugathapala

දිගු දෑස දුටුවාම




දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ //

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම....................//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විඳිනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ



දිගු දෑස දුටුවාම.......................... // 

To Download The mp3 click here.



ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල

Saturday, February 25, 2012

Denuwan (Rahasin Sadi) - Peshala Ft Meena

දෙනුවන් (රහසින් සැදි )


රහසින් සැදි පෙම් සිතුවිලි
ලමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී බැඳී සුලඟක්‌ ලෙසින්
සවනේ ඔබේ රැව්දෙන්නෙමි

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී
හදවතින්ම මා පිලිගත් ලබැඳී
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
ජීවිතෙදි මා පැතු සුපෙම්වතී

දහසින් සැදි පෙම් සිතුවිලි

ලමැදෙ ඔබේ අතුරන්නෙමි //


දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමී
පෙම් තෙපුල් පුදා තෙරපෙන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමී

ආදයේදි මා ඔබහට පරදිමි

ජීවිතේ සුවඳතී
ආදරේ උල්පතී
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩිවෙයි මගේ



දෙනුවන් පුරා...................


To Download The mp3 click here.




ගායනය : පේෂල
පද රචනය :
සංගීතය : ඉරාජ්

Dedunna Wage -Dushyanth Weeraman

දේදුන්න වාගේ



දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
ඈ එන්නේ නෑ නේ පායන්නේ නෑ නේ

දේදුන්නේ පාට හෙව්වා ///


ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේදුන්නේ පාට ප්‍රේම ලෝකයේම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔබයි මමයි සිනා සුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා


දේදුන්න වාගේ..............................


දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යා වුනා
දේ දුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා

දේදුන්න වාගේ.................................///


To Download The mp3 click here.






ගායනය : දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය :  දුෂ්‍යන්ත් වීරමන්





Wednesday, February 22, 2012

Dasa Themila - Infaas ft Iraj & Devashrie

දෑස තෙමිලා





දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා

සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්‍රියේ

දෑස තෙමිලා හීන පෙඟුනා.............. //




To Download The mp3 click here.





ගායනය : ඉන්ෆාස් ft ඉරාජ්.
පද රචනය :
සංගීතය :


Thursday, February 2, 2012

Dasin Pa - Lahiru Perera

දෑසින් පෑ



දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ
නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
යලි කිසිදා නොලියූ මේ ආදරේ

බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්//
නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ

දෑසින් පෑ............................

පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්//
අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ

දෑසින් පෑ............................



To Download The mp3 click here.







ගායනය - ලහිරු පෙරේරා
පද රචනය -  මනුරංග විජේසේකර
සංගීතය - ලහිරු පෙරේරා

Saturday, January 28, 2012

Duka Hadu Dena Raye - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අගත විය
විරහී හද ගිලන් වෙලා//

ගහ කොළද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු
සයුරේ ඒ රුවට රැවටුනේ


දුක හාදු දෙන රැයේ..........


නන්නාඳුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා


දුක හාදු දෙන රැයේ..........



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය -ගුණදාස කපුගේ

Dawasak Pala Nathi Hene - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර 
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ//

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ


මං එනතුරු ඉඳිකඩ ලඟඉන්නවාද අම්මේ//


To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනවිරත්න
සංගීතය -

Dasa Nilupul Thema - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ

හඬනු මල්මාලියේ//

නිහඬ හදවත් පොතේ ලියවුනු 
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ//


ඔබේ කඳුලැලි මා සිතේනිබඳ පදවැල් ඇඳේ
නිබඳ පදවැල් ඇඳේ



දෑස නිලුපුල් තෙමා .................


පබළු මිණිමුතු නැතේ මා සතූ 
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ//


තුෂර පිනි ලෙස මල් මතේකඳුලු පොකුරේ රැඳේ
කඳුලු පොකුරේ රැඳේ



දෑස නිලුපුල් තෙමා .................



To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

Thursday, January 26, 2012

Dase welemin ma

දෑසේ වෙලෙමින් මා - Sajjad Hasan



දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා

පෙම් හීනෙක නැවතීලා දීලාදෝ හිත ලියලා
හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං  නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

දෑසේ වෙලෙමින් මා ......................



To Download mp3 click here.


ගායනය - සජාඩ් හසන්
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝන 

Followers