Pages - Menu

Earn Money Online

Showing posts with label W.D. Amaradewa. Show all posts
Showing posts with label W.D. Amaradewa. Show all posts

Sunday, January 28, 2018

Me Guru Pare - W.D. Amaradewa

මේ ගුරු පාරේ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත //
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පා‍රේ..........................

ඉර හඳ ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ //
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පා‍රේ..........................

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි

Saturday, January 27, 2018

Nim Him Sewwa Ma Sasare - W.D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේ 

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ලයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා මා සසරේ............

ඉර හඳ සේමා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ............

ගායනය - පණ්ඩිත් අමරදේව ශූරීන්

Me Maha Kanda (Oba Ma Samaga) - W.D. Amaradewa

මේ මහ කන්ද

ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි


ඔබ මා සමග.....................

ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව 

Kolomthota Natha Mahaluwi - W.D. Amaradewa

කොළොම්තොට නැත මහළු වී

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ



පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා



කොළොම්තොට........

කුඹ ගසක්‌ උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක්‌ නැගිලා

කොළොම්තොට.......

ගායනය  - ඩබ්ලිව්. ඩි. අමරදේව
සංගීතය - ගුණදාස කපුගේ
පද - ලුෂන් බුලත්සිංහල

Followers