මේ මහ කන්ද
ඔබ මා සමග අතිනත ගන්නා දවසමේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස
වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි
ඔබ මා සමග.....................
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
No comments:
Post a Comment