සුළඟ නුඹ වගේ
සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේමල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි
සුළඟ නුඹ වගේ..................
සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - යමුනා මාලිනි පෙරේරා
සංගීතය - ගුණදාස කපුගේ
No comments:
Post a Comment