Pages - Menu

Earn Money Online

Showing posts with label Sanka Dineth. Show all posts
Showing posts with label Sanka Dineth. Show all posts

Sunday, January 28, 2018

Raa Sihine Ma - Sanka Dineth

රෑ සිහිනේ මා

රෑ.....රෑ සිහිනේ මා මායාවේ පෑ  සේයාවී ඈ
ඈ.... මදහාස පා  දැහැනේ බිඳී ආදරේ පෑ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා  හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා  අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා......මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ......ඒ රැයම මා සිටියේ නුඹේ
යහනේ ළදේ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ //

සනසාවී මා හා........................

ඔය බඹසරට සිත බැඳිලා......................



ගායනය : සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්

Sunday, August 26, 2012

Hitha Ridawana - Sanka Dineth

නුඹ ළඟ නැතිදා ( හිත රිදවනා) 


හිත රිදවනා සුසුමක් වගේ 
නෙත හඬවනා කඳුලක් දිගේ //
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

නුඹ ළඟ නැතිදා ////

හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

නුඹ ළඟ නැතිදා ////


හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ //
දවසක ඇවිත් ළඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

නුඹ ළඟ නැතිදා ////


To Download mp3 click here




ගායනය - සංඛ දිනෙත්
පද රචනය - ඉසුරු වීරසිංහ
සංගීතය -  සංඛ දිනෙත් 

Sunday, March 25, 2012

Kalpa Kalayak pura - Sanka Dineth & Meena Prashadini

කල්ප කාලයක් පුරා


කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා //
දෑසේ නැවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා  


මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා


කල්ප කාලයක් පුරා..................

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 


කල්ප කාලයක් පුරා.................


To Download The mp3 click here.

ගායනය : සංඛ දිනෙත් & මීනා ප්‍රසාදිනී
පද රචනය :
සංගීතය :


Wednesday, February 29, 2012

IIandariyo (Punchi Wathe) - Sanka dineth & Gayani

ඉලන්දාරියෝ (පුංචි වතේ රංචු ගැහෙන)




පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා

හිනා වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා
මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා

මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා


පුංචි වතේ රංචු ගැහෙන.......................


හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

පුංචි වතේ රංචු ගැහෙන....................... 


To Download The mp3 click here.



ගායනය : සංඛ දිනෙත් & ගයනි මධූශා
පද රචනය :
සංගීතය :

Monday, February 27, 2012

Susumata Susumak - Sanka dineth & Uresha

සුසුමට සුසුමක් ( කොඳමල් ඇතිරූ)




කොඳමල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය හඬමින් දේ තිබුණාවේ මතකේ නැලවෙන්නම්
ඔබේ හඬ විතරක් මට ඇහුණාවේ

නිහඬතාවේ වයන්නේ සංගිතේ ////

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

තුරු වියනට පිණි කැට වැටෙනා විට
ඒ හඩ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙණ නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ

නිහඩතාවේ වයන්නේ සංගිතේ //

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

අපටම වෙන්වුණු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිඳෙන ආදර උල්පත
ගලා හැදෙන හැටි හදෙන් හදේ

නිහඩතාවේ වයන්නේ සංගිතේ //


සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

To Download The mp3 click here.






ගායනය : සංඛ දිනෙත් & උරේෂා රවිහාරි
පද රචනය : නිලාර් එන් කාසිම්
සංගීතය : රංග දසනායක

Thursday, February 9, 2012

Chanchla Hangumaka - Sanka Dineth ft Maheshika

චංචල හැඟුමක



චංචල වේ හැගුම් රෑ ආකානේ
කඳුලැල් වෙනවා මයි හඳපානේ
පායා දියවී යන දේදුන්නේ
පියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි අදරේ
මායාවක්මයි අදරේ

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
යස එලිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාව ද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ

මිරිඟුවම ද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ //

පැන සීමාවක් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ //
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ලං වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ

ක්ෂිතිජයම ද හැමදාම දෙහිතක් එක්කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හීත් වෙන්කෙරුවේ //

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ //
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ලං වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ



To Download The mp3 click here.








ගායනය - සංඛ දිනෙත්
පද රචනය - 
සංගීතය -


Monday, January 30, 2012

Oba - Sanka Dineth

ඔබ

හිත ළඟ ඔබ කෙඳිරූ කතා
හීනෙක දුර මා තනි කළා
මා හිටියා දෑසම පියා
ඔබ මා ළඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විඳින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබ ඇයි මේ තරමට රිදෙව්වේ

ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනි කලේ
ආදරේ ආදරේ
ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනි කළේ
ආදරේ

ඔබ ඇයි මට ලං වුණේ
තනි අඳුරක මා දිය කළේ
මට මගෙ දුක විතරක් තියා
ජීවිතයම අරගෙන ගියා
පෙරදා ඔබ මා හා ගත කල ආදරේ
ඔබ ඇයි අහසට විසි කළේ
මට බෑ ඉගිලෙන්න ඔය තරම්

ආදරේ ඔබ ඇයිදෝ.................//



To Download The mp3 click here.









ගායනය - සංඛ දිනෙත්
පද රචනය -
සංගීතය -

Oba Heenayak - Sanka Dineth

ඔබ හීනයක්



ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ//

ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා

ඔබ හීනයක්‌............

රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා

ඔබ හීනයක්‌............

මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා

ඔබ හීනයක්‌............



To Download The mp3 click here.




ගායනය - සං දිනෙත්
පද රචනය -  නලින් ද සිල්වා
සංගීතය - තිලින රුහුනගේ  




Followers