Pages - Menu

Earn Money Online

Tuesday, January 31, 2012

Hitha Wawannema Na - Bathiya & Santhush

හිත වාවන්නේම නෑ 



හිත වාවන්නේම නෑ - ඔබ අයෙත් එන්නේ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
හිරුකෝඩු මැදියම් රෑ දුන් හීන එළිවෙන් නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ලඳේ//

දෑසත් පියාන ඉන්නෙ
බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලී
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ අයි ආදරී
ඔබ යන්නේ අයි ආදරී

හිත වාවන්නේම නෑ........................

උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑ
තනි වෙන්න බෑ මට ඉතින්//
කෙහෙරල්ලේ ගෑවී ගෑවී
සුවඳ සෙව්වෙ මා එදා
ලං වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
ඔබ යන්නේ අයි ආදරී
ඔබ යන්නේ අයි ආදරී

හිත වාවන්නේම නෑ........................



To Download The mp3 click here.


ගායනය - භාතිය සන්තුෂ්
පද රචනය -
සංගීතය -

Monday, January 30, 2012

Oba - Sanka Dineth

ඔබ

හිත ළඟ ඔබ කෙඳිරූ කතා
හීනෙක දුර මා තනි කළා
මා හිටියා දෑසම පියා
ඔබ මා ළඟ තව ඇති කියා
සිත නෑ ඔබ මා හැරගිය දා පටන්
විඳින්න නෑ ජීවිතයක් ඉතින්
ඔබ ඇයි මේ තරමට රිදෙව්වේ

ආදරේ ඔබ ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබදෝ මා සිත තනි කලේ
ආදරේ ආදරේ
ඇයිදෝ මේ ලෙස හැර ගියේ
ඔබ ඇයි මා සිත තනි කළේ
ආදරේ

ඔබ ඇයි මට ලං වුණේ
තනි අඳුරක මා දිය කළේ
මට මගෙ දුක විතරක් තියා
ජීවිතයම අරගෙන ගියා
පෙරදා ඔබ මා හා ගත කල ආදරේ
ඔබ ඇයි අහසට විසි කළේ
මට බෑ ඉගිලෙන්න ඔය තරම්

ආදරේ ඔබ ඇයිදෝ.................//



To Download The mp3 click here.









ගායනය - සංඛ දිනෙත්
පද රචනය -
සංගීතය -

Hathara Kendare - Shihan Mihiranga

හතර කේන්දරේ පාලු කියලා



හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා





To Download The mp3 click here.










ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය -  මනුරංග විජේසේකර
සංගීතය - චරිත අතලගේ

Pathu Senehe Sya Ru - Poorna Sachintha & Kushani

පැතු සෙනෙහේ සේයා රූ



පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල් වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා

කෝලම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්
මිමිනුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවම ලං වෙලා
අපේ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතිං
රැඳෙනා හිතේ සුසුමක් තරම්
සංසාරේම හුරු ඒ සුසුමේ පැටලිලා
මගේ ජීවිත ගමනට ඔය නෙතු ඉඟි කළා

පැතු සෙනෙහේ සේයා රූ................



To Download The mp3 click here.



ගායනය - පුර්ණ සචින්ත
පද රචනය -  රචිතා වකිස්ට
සංගීතය - තිලින රුහුනගේ

Oba Heenayak - Sanka Dineth

ඔබ හීනයක්



ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ//

ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා

ඔබ හීනයක්‌............

රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා

ඔබ හීනයක්‌............

මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා

ඔබ හීනයක්‌............



To Download The mp3 click here.




ගායනය - සං දිනෙත්
පද රචනය -  නලින් ද සිල්වා
සංගීතය - තිලින රුහුනගේ  




Tharu Kakuli - Chillie Thilanka

තරු කැකුළියේ 

තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

නොකියූව කාරණේ මා ඉන්න තීරණේ
මං ආදරෙන් මංමුලා වෙලා
ඔබ ඉන්නේ මා සිතේ සසරේම යා කෙරේ
මම ආදරෙන් මත් වෙලා සදා
සඳවන්තියේ සිතගත්තියේ හමුවන්න නිල් නිම්නයේ
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

සැනසෙන්න ජීවිතේ මට දෙන්න ආදරේ
සේයා වෙමින් වෙන් වෙලා නොයා
මුමුණන්න මේ ලෙසේ මා ඉන්න මානයේ
මාගේ වෙමින් ලං වෙලා සදා
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ

තරු කැකුළියේ යලි....................





To Download The mp3 click here.


ගායනය - චිලී තිලංක
පද රචනය -
සංගීතය -  

Pem Pata wela - Chillie Thilanka

පෙම් පාට වෙලා



පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා

වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුම් වත් කළා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................

හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබඳේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................

පෙම් පාට වෙලා..........................





To Download The mp3 click here.








ගායනය - චිලී තිලංක
පද රචනය -  ඩිලාන් ගමගේ
සංගීතය -  රදීෂ් වැන්දබෝන

Sadi Ran Abaranin - Milton Mallawaarachchi

සැදී රන් අබරනෙන්  



සැදී රන් අබරනෙන් රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරෙන් පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා
නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්

සැදී රන් අබරනෙන්................

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති වවිඳින්නම්
සසර මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්

සැදී රන් අබරනෙන්................



To Download mp3 click here.


To Download the Remake Click Here






ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - 
සංගීතය -  ක්ලැරන්ස් විජේවර්ධන










Sunday, January 29, 2012

Sanda Ona (Masha) - Kasun Kalhara

සඳ ඕනා (මාෂා) - Kasun Kalhara 



සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා උරා මල් පෙති ඇති රූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ ...................

මාෂා සොයා දාමා නොයා බලා හිඳී මේ දෙනෙත් විදාලා//

දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගේද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගේම නෑ
නවතාලා හිත විමසාලා තරු ඉඟි පාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟි පාලා හිත විමසාලා..................

ඈ වීනා රෑ ඕනෑ නෑ තාමත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන්නෑ තාමත් ඈ ළඟ නෑ
කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා සිපගන් ඕනා
ඈ කොඳුරාලා රහසින් කීවා තව ලන්වීලා.............

මාෂා වෙනදා මෙන් රතු තොල් පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදාමෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ අයෙත් එන්නෑ
රෑ අහසේ නෑ සිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ..................

මාෂා සොයා සියතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා//



To Download mp3 click here.



ගායනය - කසුන් කල්හාර
පද රචනය - ලක්මාල් වීරසිරි 
සංගීතය -  කසුන් කල්හාර

Saturday, January 28, 2012

Duka Hadu Dena Raye - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අගත විය
විරහී හද ගිලන් වෙලා//

ගහ කොළද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු
සයුරේ ඒ රුවට රැවටුනේ


දුක හාදු දෙන රැයේ..........


නන්නාඳුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා


දුක හාදු දෙන රැයේ..........



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය -ගුණදාස කපුගේ

Dawasak Pala Nathi Hene - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර 
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ//

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ


මං එනතුරු ඉඳිකඩ ලඟඉන්නවාද අම්මේ//


To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනවිරත්න
සංගීතය -

Dasa Nilupul Thema - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ

හඬනු මල්මාලියේ//

නිහඬ හදවත් පොතේ ලියවුනු 
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ//


ඔබේ කඳුලැලි මා සිතේනිබඳ පදවැල් ඇඳේ
නිබඳ පදවැල් ඇඳේ



දෑස නිලුපුල් තෙමා .................


පබළු මිණිමුතු නැතේ මා සතූ 
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ//


තුෂර පිනි ලෙස මල් මතේකඳුලු පොකුරේ රැඳේ
කඳුලු පොකුරේ රැඳේ



දෑස නිලුපුල් තෙමා .................



To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

Sinhala Sindu Kiyalana - Gunadasa Kapuge

සිංහල සින්දු කියන - Gunadasa Kapuge

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී //

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී


සිංහල සින්දු කියන...................


ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී



සිංහල සින්දු කියන...................



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

Susu Nanda Ay - Gunadasa Kapuge

සුදු නැන්දා ඇයි - Gunadasa Kapuge
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මගහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නගා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නැහැ දන්නේ


සුදු නැන්දා ඇය....................


තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා


සුදු නැන්දා ඇය.......................



To Download mp3 click here.


ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය - 

Tiken Tika - Daddy

ටිකෙන් ටික - Daddy

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්


පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ


ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........
මේ තරම් දුර කටින් කට  කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව


To Download mp3 click here.




ගායනය -  Daddy
පද රචනය -  Daddy  & මනුරංග විජේසේකර
සංගීතය - Daddy

Ninda nathi Raye - Gunadasa Kapuge

නින්ද නැති රැයේ - Gunadasa Kapuge

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ.............................


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ.............................



To Download mp3 click here.


ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී ගමගේ
සංගීතය - 
ගුණදාස කපුගේ

Alen wela Ganna - Samitha Mudunkotuwa & Athula Adhikari

ආලෙන් වෙලා ගන්න - Samitha Mudunkotuwa & Athula Adhikari

ආලෙන් වෙලා ගන්න කෝලම් කළා
හිත ආලෙන් මුදා ගන්න මායම් කළා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කළා
ඔබ සායම් මකා ලන්න වෑයම් කළා

මම දෑසින් කළා ඔබට පෙම් යෝජනා
ඔබ කළා යෝජනා වලට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
ඇයි ඔයා බැලුවෙ මගේ ඇස් දිහා නාඩනා....


පෙම් වසන්තේ ඇවිත් නැත්ද තාමත් ඔහේ
පාළුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කාලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් වගේ 

ආලෙන් වෙලා ගන්න ...................................... 


To Download mp3 click here.

ගායනය -  අතුල & සමිතා
පද රචනය - මාදව හේවාවසම්
සංගීතය - මාදව හේවාවසම්

Friday, January 27, 2012

Sagare Tharam - Dammika Edirisinghe

සාගරේ තරම් - Dammika Edirisinghe



සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හී සර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම්.............................

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
සාගර රල හා තනුවක රන්දා
ආදරණීයම කවියක් ලිව්වා
ඇසිපිය ගෑ ඒ හීනේ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

සාගරේ තරම්.............................



To Download mp3 click here.




ගායනය -  ධම්මික එදිරිසංහ
පද රචනය - තිලින රණතුංග
සංගීතය - රකිත වකිස්ට

Hiru Ebena Guru Pare

හිරු එබෙනා ගුරු පාරේ -  Radeesh Vandabona



හිරු එබෙනා ගුරු පාරේ
සුදු සමනල රෑනක් වාගේ
යෙහෙළියෝ හා ඔබ එනවා
සුදු සීත මීදුම් යායේ
ඔය සිනහා මන බඳිනා
නෙතු දැහැනේ වෙලුනා මාගේ
මට හැඟුනා මට දැනුනා
ඔබ සමන් පිච්ච මල වාගේ
මේ ඉස්සර දවසක රහසේ
මට අහන්න හිතුනා විගසේ
මගෙ පුංචි කුමාරිය වෙයිදෝ ඔබ නේදෝ
ආදරී ආදරී.................

නිදි දෙව්දුවට හොරින් නී නෙතු පිය අද්දර ඉන්නේ
රහසින් එබී බලන්නී යලි සැඟවී යන්නී
අහසට හිරු ඕනෑමයි - පොළොවට දිය ඕනෑමයි
මා ජීවිතෙත් ඔබමයි - මේ නෙතු පියෙනා තුරා

අඳුරුයි ඒ සැන්දෑවේ
අප හමුවූ ගුරු පාරේ
කඳුලින් ඔබ සමු ගත්තේ
නිහඬයි අඳුරුයි මා ලෝකේ

කඳුලට ඉඩ දී යන්නම්
හීනෙන් වත් එනවා නම්
මා සිහිනේ රැඳිලා ඉන්නම්
හීනෙන් හමුවන්නම්

හිරු එබෙනා ගුරු පාරේ..............................



To  Download mp3 click here.



ගායනය -  රදීෂ් වැන්දබෝන
පද රචනය - බන්දුල හෙට්ටිආරච්චි
සංගීතය - රදීෂ් වැන්දබෝන

Thursday, January 26, 2012

Dase welemin ma

දෑසේ වෙලෙමින් මා - Sajjad Hasan



දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා

පෙම් හීනෙක නැවතීලා දීලාදෝ හිත ලියලා
හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං  නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

දෑසේ වෙලෙමින් මා ......................



To Download mp3 click here.


ගායනය - සජාඩ් හසන්
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝන 

Adare Hithenawa - Damith Asanka

ආදරේ හිතෙනවා 



ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී //





ගායනය - දමිත් අසංක
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
පද රචනය - ෂෙහාන් ගලහිටියාව

Wednesday, January 25, 2012

Nil ambare - නිල් අඹරේ

නිල් අඹරේ  -  Romesh sugathapaala



නිල් අඹරේ සොඳුරු පැහැය - ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට - මුදු දෙතොලේ දවටන්න
සමනල රෑනේ එන්න - මගේ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මන් ආදරෙයි මුළු ජීවිතේ පුරා ආදරෙයි

දේදුන්නේ නැගිලා - නිල් අහසේ පැදලා
තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා //

පෙම් වර්ණ ලෝකේ පෙම් මල ගොතා
ගෙල පළඳවා සිප ගන්නවා............

හිරු සයුරේ ගිලිලා - සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරුවැල් වගේ පෙනෙනවා //

අප්‍රමාන පෙම් ලෝකේ අනන්තය සොයා
ඔබේ අත අරන් පිය නගනවා...............

නිල් අඹරේ සොඳුරු පැහැය................




ගායනය - රොමේෂ් සුගතපාල
සංගීතය - රොමේෂ් සුගතපාල
පද රචනය - නන්දන වික්‍රමගේ

Me Sanda wunath - (මේ සඳ වුනත්)

මේ සඳ වුනත් - Buddhika Ushan



මේ සඳ වුනත් - පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්න උනත්
ඒ හුළඟමත් අයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්
ඉවසම්දෝ...............................

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ//



ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයේ නුඹ නෑ දුක කඳුලුත් නෑ
රැය ආවත් මම නෑ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ//





ගායනය - බුද්ධික උෂාන්
පද රචනය - ඉසුරු වීරසිංහ
සංගීතය -  සංඛ දිනෙත්




To Download mp3 click here.

Oba tharam - ( ඔබ තරම් )

 ඔබ තරම් -   Theekshana Anurdha

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

රැය පුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභපලතා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවිතුර විඳවමී
අහිමි කරන මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභ පතලා ඈතට වෙන්නම්

ඔබ තරම්.......................




To Download mp3 click here.



ගායනය - තීක්ෂණ අනුරාධ

පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීශ් වැන්දබෝන














Me as diha balan - (මේ ඇස් දිහා බලන්)

මේ ඇස් දිහා බලන් -  Shihan Mihiranga   

මේ ඇස් දිහා බලන්
දැන් වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා....
දැන් වත් කියන්න මගේ රත්තරන්

පැහැදුල් නුවන් දල්වා මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් .......

කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි බින්ඳා
සිල් ගත්තු සිත සඟවා ඔබේ දෑත වෙත අත පෑවා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් .......



To Download mp3 click here.


ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීශ් වැන්දබෝන







Followers