Pages - Menu

Earn Money Online

Showing posts with label K. Show all posts
Showing posts with label K. Show all posts

Sunday, January 28, 2018

Kiyanna Kiyanna - Nadeeka Jayawaradane

කියන්න කියන්න

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයී ඔබ නම හොරෙන්

කියන්න කියන්න.................

ගායනය - නදීක ජයවර්ධන

Kohe Yanneda Kohe Inneda - Bandara Athauda & Malani Bulathsinhala

කොහේ යන්නේද කොහේ ඉන්නේද

කොහේ යන්නේද
කොහේ ඉන්නේද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවී ජිවිතේ අපි ලංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන් එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ලං වෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා ඉඳිමු සිත් සතන් නැති ලෝකයා
පෙම්සුවේ දකිනා තුරා

කොහේ යන්නේද ..............................



ගායනය -බණ්ඩාර අතාවුද සහ මාලනී බුලත්සිංහල

Saturday, January 27, 2018

Kolomthota Natha Mahaluwi - W.D. Amaradewa

කොළොම්තොට නැත මහළු වී

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ



පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා



කොළොම්තොට........

කුඹ ගසක්‌ උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක්‌ නැගිලා

කොළොම්තොට.......

ගායනය  - ඩබ්ලිව්. ඩි. අමරදේව
සංගීතය - ගුණදාස කපුගේ
පද - ලුෂන් බුලත්සිංහල

Thursday, July 17, 2014

Kalpayak ma - Romesh sugathapala Lakmini Udawatta

කල්පයක් මා බලාන ඉන්නම්

කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් වෙනස් නොවී
ඔබෙ ආදරේ මා වෙත
ලැබෙනා තුරා ලැබෙනා තුරා

සත්තකයි මා ඔබේම වෙන්නම්
අංශුවක්වත් වෙනස් නොවී
ඔබේ ජීවිතේ මා වෙත
පුදනා තුරා පුදනා තුරා

නෙතු පියන්න බැරි වෙන තරමට
ආදරේ ගෙනත්
ජීවිතේම වෙනස් කරනා
මා හටත් හොරෙන්

මා දකින්න ඇවිදින් හීනෙට
ආදරේ අරං
ආදරේ දැනෙනවා මට
අහසටත් උඩින්

කල්පයක් මා...............



ගායනය - රොමේෂ් සුගතපාල


Mp3 Download
 

Saturday, July 13, 2013

Kandulu Pirila - Udaya Sri

කඳුළු පිරිලා

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා

රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා

යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා

To Download mp3 click here 

ගායනය - උදය ශ්‍රී

Wednesday, December 5, 2012

Kavikariye (Unuhuma Winda Winda) - Bathiya Santhush

කවිකාරියේ(උණුහුම විඳ විඳ)


උණුහුම විඳ විඳ සියො ළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ  සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)

මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා  (මායම් කතා)
මුළු රෑම වැහී (මුළු රෑම වැහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරිය.............................

To Download mp3 click here  



ගායනය - භාතිය සන්තුෂ්
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
  


Monday, May 14, 2012

Kumudiniya Mamai Obe - Indu Mihirani

කුමුදුනිය මමයි ඔබේ 


කුමුදුනිය මමයි ඔබේ
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳ කුමරු මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය මමයි ඔබේ................



මිහිර පැතූ ස්නේහයේ සුවඳ ඉතිරුනේ
සිටින විටදි ඔබ ලඟින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නිතින් පතමින් ඔබේ සෙනේ

සඳ කුමරු මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Saturday, April 21, 2012

Kumudiniya Obai mage - Indu Mihirani

කුමුදුනිය ඔබයි මගේ




කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය ඔබයි මගේ................



මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නිතින් පතමින් ඔබේ සෙනේ

සඳවතිය මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Tuesday, March 27, 2012

Kumaranane - Mariazelle Goonetilleke

කුමරානනෙ







කුමරානනෙ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
ඉරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා

සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ

කඳුලින්ම ගිනි බින්දේ

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා


කුමරානනෙ ..................


To Download mp3 click here




ගායනය - මරියසෙල් ගුණතිලක
පද රචනය -
සංගීතය -

Sunday, March 25, 2012

Kalpa Kalayak pura - Sanka Dineth & Meena Prashadini

කල්ප කාලයක් පුරා


කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා //
දෑසේ නැවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා  


මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා


කල්ප කාලයක් පුරා..................

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 


කල්ප කාලයක් පුරා.................


To Download The mp3 click here.

ගායනය : සංඛ දිනෙත් & මීනා ප්‍රසාදිනී
පද රචනය :
සංගීතය :


Saturday, March 3, 2012

Ko Ma Pathu - T.M Jayarathne

කෝ මා පැතූ ඔබෙ ආදරේ





කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ


ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී //
යලි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා

කෝ මා පැතූ .......

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ

මුසුවී ඇසේ වා සුළඟේ පවා //
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා


කෝ මා පැතූ ...........


පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා


කෝ මා පැතූ .............


To Download The mp3 click here.




ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Kandulu Bindak Ma Wenuwen - Rukantha Gunathilaka

කඳුළු බිඳක් මා වෙනුවෙන්





කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන් //

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුද කලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

කඳුළු බිඳක් මා..............

එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා

ඔබ සැනසේ නම්


කඳුළු බිඳක් මා..............



To Download The mp3 click here


ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:

Thursday, March 1, 2012

Keewa Sulanga Mata keewa - B&S / Uresha

කීවා සුලඟ මට කීවා





කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා 
කීවා සුලඟ මට කීවා කීවා 
පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව්නු දිලී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්ද මා 
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් විලස අමුනන්නද මා

කීවා සුලඟ...................... //


දෝරේ ගලනා.................


හිත ගිය තැනක...............



To Download mp3 click here.




ගායනය : B&S සහ උරේෂා රවිහාරි
පද රචනය :
සංගීතය :

Friday, February 24, 2012

Keewa Geethaya - Amila Nidahsa Ft Kasun


කීව ගීතය



කීව ගීතය නෑසුනාවද
ආදරෙන් මම කීවනේ
සීත මුව මත දෑත තැබුවට‍
ඈට උණුසුම් නෑ කීවේ

මගේ ආදරේ නෑ යලී
සෝ සුසුම් මැද කිමිදිලා
යලි යන්නේ නෑ ඔබ නිසා
නාමයෙන් මා ආදරේ

විල්ල පාමුල දෑත දුන්නම
ඈත තරු නෙත් බොඳ වූයේ
හීනයක උණුසුම් දැනෙන විට
ඈට ඉවසුම් නෑ වූයේ

මගේ ආදරේ.....................

දෑත පැටලී ඈතටම ගිය
නේක සිතුවම් විසිරීලා
කාලයක ඉම බෝම සුන්දර
කවක් ලෙස ඈ පෙන්වූවා //

කීව ගීතය නෑසුනාවද................



To Download mp3 click here.





ගායනය - අමිල නිදහස
පද රචනය -
සංගීතය -


Thursday, February 23, 2012

Kandu Para Atha Aine - Milton Mallawaarachci

කඳු පාර ඈත අයිනේ



කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
//

යාළු වී දෙවටේ එදා
කී කතා අසා //
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා


කඳු පාර ඈත අයිනේ................


ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා //
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා



කඳු පාර ඈත අයිනේ................



To Download mp3 click here.



Remake by Sanka Dineth
To Download the Remake Click Here







ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -

Thursday, February 16, 2012

Kelilola Balmen - Randir

කෙලිලෝල බැල්මෙන්



කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා
පෙම් හීන යායේ මල් දේදුනු එලලා
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා

ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ
කෙලිලෝල බැල්මෙන්


ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී
හිත ඉබේ ඔබ සොයා ඉගිලයේ හිත මගේ

කෙලිලෝල බැල්මෙන්.......................


සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන්
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා‍ සේ
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ
හිත ඉබේ ඉන් මිදී ඉගිල‍යේ  කොයි කොහේ

කෙලිලෝල බැල්මෙන්............................ 


To Download The mp3 click here.



ගායනය : රන්දීර් විතාන
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : භාතිය ජයකොඩි

Followers