Pages - Menu

Earn Money Online

Showing posts with label Damith Asanka. Show all posts
Showing posts with label Damith Asanka. Show all posts

Saturday, February 10, 2018

Pama Wela Muna Gasunu Nisa - Damith Asanka

පමා වෙලා මුණ ගැහුණු නිසා

පමා වෙලා මුණ ගැහුණු නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පන වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකං
හුස්ම මගෙ ඔයා .....................

පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමු වෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා




ගායනය - දමිත් අසංක

Sunday, January 13, 2013

Sitha Mage Handuwa(Sitha mage Riduna) - Damith Asanka /There Bina Sinhala Version

 සිත මගේ රිදුනා

සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා


ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා

මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා


To Download mp3 click here   



Saturday, November 3, 2012

Raththaran Mage - Damith Asanka, Ashanthi

 රත්තරන් මාගේ


රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ

හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ  වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්  වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ  රස නොයිදුල් දීගේ
හීනෙන්  දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා


රත්තරන් මාගේ...........................

නාදල්ලේ  පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි  හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා


රත්තරන් මාගේ...........................

To Download mp3 click here 

ගායනය - අශාන්ති සහ දමිත් අසංක
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා

Friday, March 2, 2012

Mata Heenayak Wela - Damith Asanka

මට හීනයක් වෙලා





මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ //

රෑ දොලොස් පැයේ
ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ
ඔබේ හිත කොහේද පාවුනේ //

අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ

ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ //


අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ


මට හීනයක් වෙලා...............



To Download mp3 click here.






ගායනය : දමිත් අසංක
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : අමිල දිලාන්

Thursday, January 26, 2012

Adare Hithenawa - Damith Asanka

ආදරේ හිතෙනවා 



ආදරේ හිතෙනවා මුදු හැඟුම් රෑ පුරා
ගේනවා ඈ රෑ නුරා හීතලේ මා පෑහිලා
ජිවිතේ විඳිනවා සඳ හොරෙන් පායලා
පාවුණා ඈ මා සොයා ඈ සිනා වෑහුනා

ආයේ ආයේ සිහිනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී

මීදුමේ බලනවා නෙතු අගින් මා දිහා
තේරුනා කී කරනා යාවුනේ නෑ වේදනා
පාරමී පුරනවා සිතු ලෙසින් පෑහිලා
පාවෙලා ඈ රූ සොබා ඈ සදා ගෑවුනා

ආයේ ආයේ හීනේ පායා වී
ආදර හැඟුමන් සිතු සේ සසදාවී
ඈතේ ඈතේ ආයේ සේයාවී
ඈ මුව සුසුමන් කොපුලේ ගැවසේවී //





ගායනය - දමිත් අසංක
සංගීතය - ප්‍රියන්ත නාවලගේ
පද රචනය - ෂෙහාන් ගලහිටියාව

Followers