පෙම් සිහිනේ
ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා //
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටු මායාවී
මා ලඟින් ලං වෙලා ඔබ එදා කි කතා
මගේ දිළිඳු ලෝකේ මාලිගාවක් කළා
ඒ තැනු මාලිගා සුන් වෙලා ගිය දිනේ
හඩන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා
පෙම් සිහිනේ ....
වස්සානයේ තනි වෙලා තුරුලුවී උණුසුමින්
දැගිල්ලේ පැටලී උන් සැන්දෑව සුන්දරයි
ඔබ මගේ හැම බවේ දිව්රලා සෙනෙහසින්
කි කතාව මාගේ ලෝකේ තනි වෙලා ගියා
පෙම් සිහිනේ .......
ගායනය - ප්‍රදීප් රංගන
ඔය ඇස් දිහා පෙම යාවෙලා
ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් පෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ
මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
ඔය ඇස් දිහා......................................
ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ
මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා
ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය - සචිත් උදයංග
සංගීතය -සංජුල හිමාල
ආඩම්බරකාරී
නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සඟග ගස්සන ආඩම්බරකම මට සීදේව
කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීව
සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී
නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා
සිත රහසේ බඳුනා
ඔය වත කමලේ පුන් සඳ සේ රුව
ආඩම්බර පානා ගතියට
ආල හැගුම් මැවුනා
නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..............
කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුනාව උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුනා වගේ ආදරේ ඉල්ලාවී
නෙතු ළග දග කරනා මගෙ ආඩම්බරකාරී
නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..............
To Download The mp3 click here.
ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය-
සංගීතය -