ලා රෝස
ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා
මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා
දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා
මැව් හීනේ සිඳී මා තනිවුනා
නුහුරු මිහිරෙන් ඔබේ
නෙතු දිලී පියවිලා
සිත පුරා පෑව හද පුදා වින්ද
ආදරෙත් සැඟවූවා
දෑතින් අල්ලා .................
ඈත කඳු නිම්නයේ සිටියදී පියඹලා
පුංචි රන්පාට සමනල්ලු රෑන අද වගේ සිහිවුනා
දෑතින් අල්ලා මගේ සිතම සිඹලා
පෑ සෙනෙහේ තියේ මා දිවිතුරා
ලා රෝස ......................
To Download mp3 click here
ගායනය :- චිලී තිලංක
පද රචනය:-
සංගීතය -
තරු කැකුළියේ
තරු කැකුළියේ යලි මැවෙන්න හීනේ
ගෑවී ලයේ මුව සිඹින්න ඕනේ
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
නොකියූව කාරණේ මා ඉන්න තීරණේ
මං ආදරෙන් මංමුලා වෙලා
ඔබ ඉන්නේ මා සිතේ සසරේම යා කෙරේ
මම ආදරෙන් මත් වෙලා සදා
සඳවන්තියේ සිතගත්තියේ හමුවන්න නිල් නිම්නයේ
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
සැනසෙන්න ජීවිතේ මට දෙන්න ආදරේ
සේයා වෙමින් වෙන් වෙලා නොයා
මුමුණන්න මේ ලෙසේ මා ඉන්න මානයේ
මාගේ වෙමින් ලං වෙලා සදා
ගිම්හානයේ කැන්දා සෙනේ
දෙනවාද පෙම තෝරලා
රෑ හීන ගානේ ඔබ ඉන්න ඕනේ
මා ජිවිතේ සඳ වගේ
තරු කැකුළියේ යලි....................
To Download The mp3 click here.
ගායනය - චිලී තිලංක
පද රචනය -
සංගීතය -
පෙම් පාට වෙලා
පෙම් පාට වෙලා සිත් යාය පුරා
රතු මල් ගවුමෙන් සිරියා වෑහුණා
රෑ සිහින නෙලා පෙම් පැතුම් මවා
බලා උන්නු කාලේ දැන් උදා වෙලා
වෙල් යායේ හමනා කිරි කෝඩු සිනහා
ආදරේ හැඟුම් වත් කළා
ලා දම් අහසේ පියඹන්න රිසිසේ
ආසයි හැබැහින් රහසේ
ආදරේ වාරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................
හැන්දෑවේ දොළ පාරේ දැවටීලා පවනැල්ලේ
ඇවිල්ලා සිප ගන්නම් සබඳේ
ජීවිතේ මල් යායේ සැනසෙන්න ඔබ තුරුලේ
ආසයි මටත් දැන් ඉතින්
ආදරේ වරම් ගයලා ජිවිතේ තෝරා බේරා
ආදරේ විඳිමූ ලං වෙලා.......................
පෙම් පාට වෙලා..........................
To Download The mp3 click here.
ගායනය - චිලී තිලංක
පද රචනය - ඩිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝන