Pages - Menu

Earn Money Online

Showing posts with label Others. Show all posts
Showing posts with label Others. Show all posts

Saturday, May 30, 2015

Hadawatha Gahena - Viraj perera

හදවත ගැහෙනා 

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව
අපි දුර ඇදිලා

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා

රෑ අහසේ තරු
නෑ දැන්  හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ

දුන් අදරේම ජීවිතේ වෙලා

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ
දුන් අදරේම ජිවිතේ වෙලා


Mp3 Download 

ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
 ගායනය - විරාජ් පෙරේරා

Monday, January 5, 2015

Saptha Swarayai - Roony

සප්ත ස්වරයයි

නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා

හිත පුරා විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු දෑස අබියස නැවතිලා
ඇගේ නිකිණි සිනහ මල්........


මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි...සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඈ... සුවඳ හමනා...


mp3 Download




Artist  - Indika Ruwan (Roony)
Lyrics - Hasitha Vithanage
Music - Nayana Karunanayake

Saturday, January 3, 2015

Obata witharai - Jude Rogans

 ඔබට විතරයි මා පෙම් කලේ

ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත් //
වෙනකෙක් පතන් නෑ 
ඔබව හැරනම් හීනෙන් වත්
තවකෙකුගේ වෙන් නෑ 
රත්තරනේ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කලේ 
ඔයා ලැබුනත් නැතත්

හිත ශෝකයෙන් දවනා
වෙනසක් ඔබේ දුටුවා 
ආදරේ කලත් කොතෙක් මා 
ඔයා වෙනස් වෙලා  // 
ඔබට විතරයි මා පෙම් කලේ 
ඔයා ලැබුනත් නැතත්

මගේ තැන වෙනකෙක් ගෙනදෝ
දැන් මා එපා වෙලාදෝ 
ඔබ නොලැබුනෝතින් මටනම්
මටත් මාව නම් එපා  

ඔබට විතරයි...................


 MP3 Download




Artist - Jude Rogans
Music - Sumudu Watareka
Lyrics - Dilan Gamage

Friday, March 14, 2014

Husma Sibinnam - Saranga Disasekara ft Umali Thilakarathne

හුස්ම සිඹින්නම්

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා

මේ හිත ගත්ත රෑ හීන චායා
නෙතු ගාව නැවතීලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා

තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා
දුර ඈත ඔබ ගාවා සඟවා
හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා

සුසුමන් සුවඳේ පාවීලා
ඔබෙ අසලට වීලා
මගේ ආදරේ ගලපාලා
ඔබෙ නමටම ලියලා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

හැඟුමන් මහදේ පීදීලා
ඔබෙ තුරුලෙම සොයලා
නිහඬව අඳුරේ තනිවීලා
ඔබ සෙව්වා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

To Download the mp3 Click here 

ගායනය - සාරංග දිසාසේකර & උමාලි තිලකරත්න 

Friday, January 17, 2014

Maga Balana - Dilshan Weerasinghe

මග බලනා

මග බලනා ළඟ හිඳිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මග අහුරා
සුසුමක් කතා කලා

පපුතුරේ ගැඹුරේ රැඳී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා

යනෙන දිගු ගමනේ
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා
නුඹ ළඟ තියන්නම්

පපු තුරේ ................

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම් 

රැඳෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්
 

පපු තුරේ ................. 

ගායනය - දිල්ශාන් වීරසිංහ





To Download the mp3 Click here

Wednesday, February 27, 2013

Ma Deneth Piyawila - Saranga Disasekara

මා දෙනෙත් පියවීලා  

මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //

තුරුලේ  නැළවී එදා
කීව පෙම් ගී කතා
සුඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවීලා ........

ලදළු මල් පෙති පවා
මිහිමතේ  සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා

මා දෙනෙත් පියවීලා ........

To Download mp3 click here  



ගායනය - සාරංග දිසාසේකර
පද රචනය - නලින් ද සිල්වා
සංගීතය - සංඛ දිනෙත්

Wednesday, October 17, 2012

Me Saumya Rathriya - Dharmadasa Walpola

මේ සෞම්‍ය රාත්‍රීය


මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................//


සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා //
ආනන්ද රාත්‍රි සෞම්‍ය කාන්ති
මා ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................. //

To Download original mp3 click here

To Download The Remake Click Here

ගායනය - ධර්මදාස වල්පොල


Friday, September 21, 2012

Sansare - Dayasiri Jayasekara

සංසාරේ 


සංසාරේ ආ ලෙසිනා
ශ්රුන්ගාරේ යා කෙරුණා //
පිනි යායේ සැරිසරලා
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතු සුදු මල හද තුල පිපුනා
ඔබේ සුවඳති මද නල වෑහීලා
පායා වස්සානේ සේයා 
ඇස්මානේ ගාවා සංසිදෙනා සේමා 
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සඳ පරදන වත මට සිහිවීලා
විල් තීරේ පීරා ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

සංසාරේ ආ ලෙසිනා.................


To Download mp3 click here



ගායනය - දයාසිරි ජයසේකර
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
සංගීතය - සචිත් පීරිස්

Saturday, September 15, 2012

Piyapath Labee - Thisara Weerasinghe & Hashan D Balasuriya

පියාපත් ලැබී

මා නොදුටුව මගේ හිතට
පියාපත් ලැබී 
තෙත් තටු වියලුන බව හැඟුනා
පියාඹන්න පියාඹන්න සිත හරි සොඳුරුයි
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

හදවත පිරිමැද සිතුවිලි අවදිවෙලා
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

අවදිවූ සිතුවිලි දකිනට සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න



ගායනය - තිසර වීරසිංහ & හෂාන් බාලසූරිය
පද රචනය - ඉන්දික මායාකඩුව
සංගීතය - අමිත් ගුරු

Tuesday, August 21, 2012

Mata Oya Mage Pana Wage - Dilum & Sameera

මට ඔයා මගෙ පන වගේ

මට ඔයා මගෙ පන වගේ
ළඟ නැතත් මගෙ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ //

ඔයා මගේ පන වාගේලූ
මට දරාගන්න බැරි ඒක
ලූ 
හිනාවෙන්නෙ සඳ වාගෙ
ලූ
මට බලා ඉන්න බැරි ඒක
ලූ
සඳ හොරා ගත්තෙ එක රෑක
ලූ
මට හිතාගන්න බැරි වෙන්න
ලූ
මට නිදාගන්න බැරි ඒකලූ

මට ඔයා මගෙ පන වගේ............


ඔයාවමයි මට ඕනෙලූ
මට කියාගන්න බැරි ඒක
ලූ
ඔයාටමයි මං ආස
ලූ 
ම‍ට ඔයා නැතිව බැරි ඒකලූ
අපි හිනා වුනේ එක පාරලූ 

රෑ හීනෙන් පේන්නේ මාවලූ 
මං ඒ හීනේ හරි ලස්සනලූ

මට ඔයා මගෙ පන වගේ............


මට හොරා මගෙ ළඟට එයි
අත අරන් මට තුරුලු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්

ඔබ මවෙත පිදූ දේ ආදරේ

මට ඔයා මගෙ පන වගේ............


To Download mp3 click here


ගායනය - දිලුම් & සමීර
පද රචනය -  දිලුම් & සමීර
සංගීතය - දිලුම් & සමීර

Tuesday, July 3, 2012

Santhapayen Sitha Pawi Yawi - Harshadewa

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ


සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
හිස්වාතලේ ඈ සොයා
තාරුකවෙන් මන්පෙත් අසා
මේ පාලු තනියහනේ

පෙම්හීන අවුලා තියා
ඈ කොයිද වෙන් වී ගියේ//

ගිම්හන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී

දුස්වක්නයක් වේ ජීවිතේ//
වාලුකවේ වැස්සක් වගේ
පාලු වු මෙ සන්තනයේ
වැගිරෙන්න අවොත් ඉතින්
සුපිපේවී පෙම්වත් කුසුම්
පෙම් හීන අවුලා තියා
ඈ කොහිද වෙන් වී ගියේ

මල් රේනු විස්සෝපයෙන්
මල් යාය හැර යාවී
‍රෑසියොන්ගේ ගී මැදින්//
පාලු වු මේ යාමෙ ගෙවෙයි
හාදු වු දා පෑ අදරෙන්

ලන් වෙන්න අවොත් ඉතින්
දැල් වේවි ප්‍රේමේ පහන්
පෙම් හීන අවුලා තියා
ඈ කොහෙද වෙන් වී ගියේ



සන්තාපයෙන් හිත පාවී යාවි ආකාසේ.............


To Download mp3 click here






ගායනය - හර්ෂදේව
පද රචනය - නිලාර් කාසිම්
සංගීතය - රාජ්

Tuesday, June 26, 2012

Hitha Mage Alawanthai - Kasun Primal & Thrishala Wijetunga

හිත මාගේ ආලවන්තයි



නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි
පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි

හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මාගේ හීනෙම නවතින්න

මාගේ සිහිනේ //
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ
සිහින තරු විලේ මගේ හිත තනි වේ
ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනි වේ
හිත තනි වේ


එන්න හීනෙන් වත් ඔබ එන්න...............



To Download mp3 click here




ගායනය - කසුන් ප්‍රිමාල්

Tuesday, June 19, 2012

Tharu Werale - Gayantha & Damith

තරු වෙරළේ

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුර හඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්

වස්සාවී හිත් යායේ වරුසා


මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ//


To Download mp3 click here




ගායනය - ගයන්ත & දමිත්

Wednesday, June 13, 2012

Sandak Wenna bari Nam - Imasha Muthukumari

සඳක් වෙන්න බැරි නම්


සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //

සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී


සඳක් වෙන්න බැරි නම්............ 


මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවී
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම්..............

To Download mp3 click here



ගායනය -  ඉමාෂා මුතුකුමාරි
පද රචනය - මනුරංග විජේසේකර
සංගීතය -   දිලුම් තේජන

Monday, June 11, 2012

Hirimal Hinawaka - Nimesha Gamage

හිරිමල් හිනාවක ඇවිදින්



හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරය ලගම මං ගිහින් නවතලා
ජිවිතේ පැතුම හීනයේ තවරලා

සංසාර මාවතේ දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ හිත ලියවිලා
මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා

හිරිමල් හිනාවක ඇවිදින්................

දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා
මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා


හිරිමල් හිනාවක ඇවිදින්................


To Download mp3 click here






ගායනය - නිමේෂා ගමගේ
 පද රචනය -  රචිත්‍රා වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Wednesday, May 16, 2012

Pinsara Oba Dakka Mulma dine - Amila Nadeeshani & Dimithri

පින්සාර නුඹ දැක්ක



පින්සාර නුඹ දැක්ක මුල්ම දිනේ
ගන්නට නුඹ ළඟටම සිතුනා නගේ
මල් යායේ සුවගන්න හැන්දෑකරේ

සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ


කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ
මල් රේණු දෙනවාද සිතුවා සඳේ
මල් වලට වදකරනා බඹරුන් රැලේ
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ ගිජුදුන් ඇවිල්ලා

හැඩකාර බඹරා ළඟ වැටීලා


වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි //

මගෙ වරුණ ගයනා ඔබ මා ළඟ ඉඳන්

හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින්


වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්
මං කොහොම හිත දෙන්නෙ මගෙ හිත බයෙන් //


පින්සාර නුඹ දැක්ක.................................



කවිකාර ඔය බඹරා...................................



To Download mp3 click here






ගායනය :- අමිලා නදීෂානි & දිමිත්‍රි
පද රචනය:-
සංගීතය -



Monday, May 14, 2012

Kumudiniya Mamai Obe - Indu Mihirani

කුමුදුනිය මමයි ඔබේ 


කුමුදුනිය මමයි ඔබේ
පිපුණු හද විලේ කුමුදු මල ඔබේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳ කුමරු මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනු සඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය මමයි ඔබේ................



මිහිර පැතූ ස්නේහයේ සුවඳ ඉතිරුනේ
සිටින විටදි ඔබ ලඟින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමී නිතින් පතමින් ඔබේ සෙනේ

සඳ කුමරු මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Sunday, May 13, 2012

Duras wi Na Priye - Ryan Marlon

දුරස් වී නෑ ප්‍රියේ



දුරස් වී නෑ ප්‍රියේ මා ඔබේ ළඟයි
ඇහෙනවද හඬ මගේ ආදරෙයි කියයි
හිනැහෙන්න එක සැරයක්
නොහඬන් හදින්
බලන් සුදු මා දිහා මා ඔබේ ළඟයි 


සඳු හා කතා කර නැහැ ඇදී
තරු හා බැඳී ඔබෙන් යනු බැහැ මිදී
අහසින් නැගෙන හඬ මා හට 
නොඇසී ඇසෙයි 
බලන් සුදු මා අද ඔබ ළඟ
තවමත් රැඳෙයි


ගියේ නෑ ප්‍රියේ ඔබගේ ලොවින්
ජීවිතේ සරදමින් අපි වෙන් කලේ
ඔබ හඬන හැම වෙලේ මා සිත දැවෙයි
හිනහෙන්න එක සැරයක් මා ඔබේ ලඟයි 


දුරස් වී නෑ ප්‍රියේ....................................


To Download mp3 click here






ගායනය :- රයන් මාලන්
පද රචනය :-
සංගීතය :-

Thursday, May 10, 2012

Rosa Kathandara - Nimanthi Chamodi





රෝස කතන්දර 

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ


අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා


ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මන් තලාවේ
රෑ සලුවකට මන් දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ

පෙම්වත්  කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා


රෝස කතන්දර..............



ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ලං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවනෙපා



රෝස කතන්දර..............


To Download mp3 click here


ගායනය :- නිමන්ති චමෝදි
පද රචනය :-
සංගීතය :-






Saturday, April 21, 2012

Kumudiniya Obai mage - Indu Mihirani

කුමුදුනිය ඔබයි මගේ




කුමුදුනිය ඔබයි මගේ
පිපුණු හද විලේ කුමුදු මල මගේ 
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරැ විජිතයේ
සඳ එලිය වගේ සඳවතිය මගේ


අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුනේ ලඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එලිය වගේ ලැබූ ඔබේ සෙනේ


කුමුදුනිය ඔබයි මගේ................



මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටිනවිටදි ඔබ ලගින් සිත නිවී සැනේ
දිවිගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නිතින් පතමින් ඔබේ සෙනේ

සඳවතිය මගේ සොඳුරැ විජිතයේ 


To Download mp3 click here


ගායනය :- ඉන්දු මිහිරානි
පද රචනය:-
සංගීතය -

Followers