Pages - Menu

Earn Money Online

Wednesday, February 29, 2012

IIandariyo (Punchi Wathe) - Sanka dineth & Gayani

ඉලන්දාරියෝ (පුංචි වතේ රංචු ගැහෙන)




පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා
සමනල තටු සලා සෙමින් සිත ඉගිල ගියා
හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා
ඉලන්දාරියෝ සෙල්ලම් කරනවද ඔයා

හිනා වෙන්නෙපා ඔහොම හිතම පැටලුනා
නුපුරුදු නොදැනුන සුවඳක් හිතේ නැවතුනා
මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර වුනා
මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා

මට මං ගෙන අමතක වුනු දවස් වැඩි වුනා


පුංචි වතේ රංචු ගැහෙන.......................


හිත රිදවන කතා ගොතා කියන්නට එපා
මගේ කඳුලු මට වැඩි නෑ සිඹින්නට එපා
අහසින් තරු කඩා වැටේ හිතන්නට එපා
ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

ඔයා සඳක් මේ අහසින් වැටෙන්නට එපා

පුංචි වතේ රංචු ගැහෙන....................... 


To Download The mp3 click here.



ගායනය : සංඛ දිනෙත් & ගයනි මධූශා
පද රචනය :
සංගීතය :

Susuman Salai - Centigradz (Udaya Sri)

සුසුමන් සලයි




සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුලු වැටී උණුහුම සිසිලයි 
තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව

අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි

රළ බිඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණය



සුසුමන් සලයි ..........................


To Download The mp3 click here.




ගායනය - සෙන්ටිග්‍රේඩ්ස් (උදය ශ්‍රී)
පද රචනය -
සංගීතය -



Tharakawo Madin Ahase - Centigradz

තාරකාවෝ මැදින් අහසේ




තාරකාවෝ මැදින් අහසේ
පොලොව වෙත ආ සීත පිනි මෙන්
දයාබර ලෙස සිනාසී

බලා සිටියත් අහිමි වී 


මා සොයාවිත් මගේ සුරතේ
නුඹ වෙලෙනු දැකුමට සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී


නෙක ලතාවන් තුරු සොයාවී
වෙලී පැටලී සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී 


මා සොයාවිත් ...................


To Download The mp3 click here.


ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -

Sayurak Nodutu Gangulak - Sunil Edirisinghe

සයුරක් නොදු‍ටු ගඟුලක්




සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ //

කඳුලක් නොසැලු නෙතකින්

හස‍රැල්  සොයන්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා


සයුරක් නොදු‍ටු ..........


සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්

සෙනෙහස සොයන්නෙපා


සයුරක් නොදු‍ටු .......... //



To Download The mp3 click here.


ගායනය : සුනිල් එදිරිසිංහ

Ra Wada Muraya - Sunil Edirisinghe

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට




රෑ වැඩ මුරය අවසන් වන කනිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය..............................

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ



To Download The mp3 click here.



ගායනය : සුනිල් එදිරිසිංහ

Digu Dasa - Romesh Sugathapala

දිගු දෑස දුටුවාම




දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ //

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම....................//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විඳිනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ



දිගු දෑස දුටුවාම.......................... // 

To Download The mp3 click here.



ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල

Tuesday, February 28, 2012

Mathakada Handawe - Raini Charuka Gunathilaka

මතකද හැන්දෑවේ




අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා
ඔබ පෙරදා ආදරෙන් මා ලඟින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ............//



සුසුමේ වෙලී උණුසුම් වෙවී
වස්සානයේ අප ළං වූ හැටී 
හිරිමල් හිතේ හීනයක් වගේ
හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ


ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ
මතකද හැන්දෑවේ ..............///


To Download The mp3 click here.








ගායනය : රයිනි චාරුකා
පද රචනය :
සංගීතය :

Monday, February 27, 2012

Visekara Arumaththi - Ranidu Lankage

විසේකාර අරුමැත්තී




විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
නෙතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුනන්න

මගේ පුංචි හැඩකාරී


අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ


විසේකාර අරුමැත්තී.......................


අරුමේ හීන බැඳුනු දා......................



විසේකාර අරුමැත්තී.......................


To Download The mp3 click here.




ගායනය : රනිදු ලංකාගේ & නතාෂා
පද රචනය : චානක ජයසේකර
සංගීතය : රනිදු ලංකාගේ

Sitha Handai - Nirosha Virajini

සිත හඬයි



සිත හඬයි මා තනිවී 
මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ
කඳුලු පමණද මේ ලෝකේ 
කඳුලු පමණද මේ ලෝකේ 


ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි

තාම හැඬුනු මා දෑසේ සිහිනයක්ම මායාවේ


ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ
ඉන්න බෑ ලඟ ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ

දිවිය අද මේ අඳුරු කලේ

ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර

සිහිනයක්ව වෙන්වුයේ ආදරේට පිටුපෑවේ


සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ
සිත හඬයි........................


To Download the original mp3 click here.


To Download the Remake Click Here




ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය :
සංගීතය :

Susumata Susumak - Sanka dineth & Uresha

සුසුමට සුසුමක් ( කොඳමල් ඇතිරූ)




කොඳමල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම්
ඔබෙ සිත මද සිහිලෙන් නිවුනාවේ
සිහිනය හඬමින් දේ තිබුණාවේ මතකේ නැලවෙන්නම්
ඔබේ හඬ විතරක් මට ඇහුණාවේ

නිහඬතාවේ වයන්නේ සංගිතේ ////

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

තුරු වියනට පිණි කැට වැටෙනා විට
ඒ හඩ කවියකි නිසංසලේ
දිය කඳුරක පොඩි පෙණ නැගෙනා විට
සන්ධ්වනියකි පෙම් ප්‍රගීතයේ

නිහඩතාවේ වයන්නේ සංගිතේ //

සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

අපටම වෙන්වුණු මේ නිදි නැති රෑ
බවුන් වඩනවා හෙමින් සැරේ
කිසිදා නොසිඳෙන ආදර උල්පත
ගලා හැදෙන හැටි හදෙන් හදේ

නිහඩතාවේ වයන්නේ සංගිතේ //


සුසුමට සුසුමක් මුහුවණ උණුහුම ඔබමය ////

To Download The mp3 click here.






ගායනය : සංඛ දිනෙත් & උරේෂා රවිහාරි
පද රචනය : නිලාර් එන් කාසිම්
සංගීතය : රංග දසනායක

Sunday, February 26, 2012

Sihina Hora - Sajjad Hasan

සිහින හොරා


සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා

පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ

තරු දෑස හෙමින් කියන කතා............

සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ

හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ


තරු දැස හෙමින් කියන කතා...............


සිහින හොරා.......................................


To Download The mp3 click here.




ගායනය : සජාඩ් හසන්
පද රචනය : දිලාන් ගමගේ
සංගීතය : රදීෂ් වැන්දබෝන





Sihilehi Handawe - Amila Indarjith Ft Sandeeptha

සිහිලෙහි හැන්දෑවේ



සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ

තරු අරන් රෑ සඳ අරන්
ගෙනවිත් පුදන්නට මා දන්නෙ නෑ
ඇති තරම් සෙනෙහස අරන්

ඔය හිත පුරවන්න බැරි නම් නෑ


සිහිලෙහි හැන්දෑවේ................

දෙතොලගේ ඇඳි මදහසේ
සැඟවී මැකී යන්න මා දෙන්නෙ නෑ
නෙතු අගේ ඇති ආදරේ

දිව්රා කියන්නට ඕනෙම නෑ


සිහිලෙහි හැන්දෑවේ................


To Download The mp3 click here.






ගායනය : අමිල ඉන්ද්‍රජිත් & සංදීප්ත
පද රචනය : කුෂාන් මනීන්ද්‍ර
සංගීතය : සංදීප්ත ගුණවර්ධන

Shungara Geethe - Chinthaka Malith

ශුන්ගාර ගීතේ



ශුන්ගාර ගීතේ මිහිර වින්දා
දුර ඈත කන්දේ නෙතු රන්දා
ඉදුනීල දෑසේ දල්වා තිබුනාද මන්දා
නොකියූව රහසේ රස හන්ගා

ළග ඉන්න පුලුවන්ද
ආයේ දවසක් රහසේම හමුවෙලා
කිමිදෙන්න පුලුවන්ද දෑසේ
ආයෙත් පහසේ ළං වෙලා //

ඒ මුවග මදහාසේ ඉඟියක්ද මට පෑවේ
ඔබේ ආදරේ මාගේ සිත ඉල්ලා

තනිවෙන්න බෑ සිතේ  හිත හඬනවා 
සුළඟේ වෙලීලා මං ආවා
හමුවෙන්න ඕනි මයි
ඇයිද ඉන්නේ හැංගිලා
සනසන්න මා සදා රූබරියේ
පෙරුමන් පුරා සදා මා ඉන්නවා
ඔබ මාගෙමයි නේද ආදරෙයි නේද
දිවිපුරා අහනවා


ළග ඉන්න පුලුවන්ද ..............

ශුන්ගාර ගීතේ.....................


ළග ඉන්න පුලුවන්ද............////



To Download The mp3 click here.




ගායනය : චින්තක මලිත්
පද රචනය :
සංගීතය :

Perada Mawu Sina - Shihan Mihiranga

පෙරදා මැවූ සිනා



පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා //

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...........//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...............//


To Download The mp3 click here.






ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය

Saturday, February 25, 2012

Akasa Gange - Kasun Kalhara

ආකාස ගඟේ 





ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇදී
එමි ආදරේ සිත සාදමී
මුදු හාදු දී හද ගිනි නිවමී
සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහෙද ඇය මට කිව්වාවේ
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ඈ ඉන්නා සිහි මැදුරේ
ලා අඳුරේ මේ යාමේ
පාවීදෝ ගී රාවේ
ඒදාහි සන්තාපේ
ඒ හඬනා හඬ දෝ ඇයගේ
දෑසේම පායා රෑ සීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

රෑ බෝවී ආවාවේ
දී දුක දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ
ඈ මතකේ සුසුමේ සිරවේ
දෑසේම පායා රෑ හීන ගේනා
ඈ කෝ සොයා දැවෙමී
පෑයූව සඳේ ආකාසේ රැඳී
ඈ වාගේ දිලී රිදවයි නුඹ හිනැහී

ආකාස ගඟේ..........................



ගායනය : කසුන් කල්හාර
පද රචනය : හිමාලි ලියනගේ
සංගීතය : රාජ්

Meewitha piruna - Dinesh Tharanga

මීවිත පිරුනා



මීවිත පිරුනා මැදියම් රෑඔබ නැති
පාළුව දැනුනා ඉවසුම් නෑ


නෙතු ළඟ සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ //

සියොලඟ තෙමුනා තුරුලට වී
සඳ ගිනිගත්තා උණුසුම් වී
මතකය පමණයි ඈ මියැදී

මේ තනි යහනේ මා තනිවී


නෙතු ළඟ සීතල මැවුනා.............//

මීවිත පිරුනා මැදියම් රෑ.............

වාවනු බෑ හිත ගිනිගත්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී

ඔය නිලනෙතු නිහඬයි අද පියවී


නෙතු ළග සීතල මැවුනා ..............//


මීවිත පිරුනා මැදියම් රෑ....................


To Download The mp3 click here.






ගායනය : දිනේෂ් තරංග
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : සංජු පෙරේරා

Tharupata Nilata Dilisena - Dushan Jayathilaka

තරු පාට නිලට දිලිසෙන



තරු පාට නිලට දිලිසෙන
ඇස් කතා කරන ලස්සන

මම නොදන්නවා නොවෙයි දන්නවා
මම නොදන්නවා වගේ ඉනන්වා


මල් පාර දිගට ඉහිරුන
රොන් සුවඳ හෙලා හිත මත
මනමාල කතාවන් කියනවා
හිත රිදුනත් නොරිදුනත් හැඬේනවා


හිත නොහුලන හැම කඳුලම
පිසලන ඔය රළු අත්වල
දැවටි දැවටී ඉන්නද මං හීන කියනා පාරේ
රත්තරෙන් ඇවිද යමූ දුරදිග සංසාරේ


මට නොකියන හැම රහසම
ලියවෙන ඔය තරු ඇස්වල
පැටලි පැටලී ඉන්න තමයි හැමදාමත් ඕනේ
නින්ද නොයනා රෑ තනියට රහසක් මං ගානේ


තරු පාට නිලට දිලිසෙන.............................






To Download The mp3 click here.






ගායනය : දුෂාන් ජයතිලක & උරේෂා
පද රචනය : සමන් එදිරිමුණි
සංගීතය : දුෂාන් ජයතිලක







Denuwan (Rahasin Sadi) - Peshala Ft Meena

දෙනුවන් (රහසින් සැදි )


රහසින් සැදි පෙම් සිතුවිලි
ලමැදේ ඔබේ අතුරන්නෙමි
යුග ගී බැඳී සුලඟක්‌ ලෙසින්
සවනේ ඔබේ රැව්දෙන්නෙමි

දෙනුවන් පුරා ඔබ විඳගන්නෙමී
හදවතින්ම මා පිලිගත් ලබැඳී
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමී
ජීවිතෙදි මා පැතු සුපෙම්වතී

දහසින් සැදි පෙම් සිතුවිලි

ලමැදෙ ඔබේ අතුරන්නෙමි //


දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමී
පෙම් තෙපුල් පුදා තෙරපෙන විටදී
රහසින් පවා ඔබ අමතන්නෙමී

ආදයේදි මා ඔබහට පරදිමි

ජීවිතේ සුවඳතී
ආදරේ උල්පතී
වරලේ සුවඳ ගෑවී ඔබේ
තුරුලේ පහස දැඩිවෙයි මගේ



දෙනුවන් පුරා...................


To Download The mp3 click here.




ගායනය : පේෂල
පද රචනය :
සංගීතය : ඉරාජ්

Dedunna Wage -Dushyanth Weeraman

දේදුන්න වාගේ



දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයේ කිව්වා
ඈ එන්නේ නෑ නේ පායන්නේ නෑ නේ

දේදුන්නේ පාට හෙව්වා ///


ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේදුන්නේ පාට ප්‍රේම ලෝකයේම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔබයි මමයි සිනා සුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා


දේදුන්න වාගේ..............................


දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යා වුනා
දේ දුන්න කෝ ඔයා කියන්නකෝ සුරංගනා

දේදුන්න වාගේ.................................///


To Download The mp3 click here.






ගායනය : දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය :  දුෂ්‍යන්ත් වීරමන්





Friday, February 24, 2012

Keewa Geethaya - Amila Nidahsa Ft Kasun


කීව ගීතය



කීව ගීතය නෑසුනාවද
ආදරෙන් මම කීවනේ
සීත මුව මත දෑත තැබුවට‍
ඈට උණුසුම් නෑ කීවේ

මගේ ආදරේ නෑ යලී
සෝ සුසුම් මැද කිමිදිලා
යලි යන්නේ නෑ ඔබ නිසා
නාමයෙන් මා ආදරේ

විල්ල පාමුල දෑත දුන්නම
ඈත තරු නෙත් බොඳ වූයේ
හීනයක උණුසුම් දැනෙන විට
ඈට ඉවසුම් නෑ වූයේ

මගේ ආදරේ.....................

දෑත පැටලී ඈතටම ගිය
නේක සිතුවම් විසිරීලා
කාලයක ඉම බෝම සුන්දර
කවක් ලෙස ඈ පෙන්වූවා //

කීව ගීතය නෑසුනාවද................



To Download mp3 click here.





ගායනය - අමිල නිදහස
පද රචනය -
සංගීතය -


Hangum Warusawe - Kasun Kalhara

හැඟුම් වරුසාවේ



හැඟුම් වරුසාවේ...........

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල තලේ කැළඹේ
සඳ දියේ රහසේ //

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හෙදුනු හීනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල පෙති සලා සැරසී
නෑ වසන්තය එන්නේ
කුරුටු ගෑ ගිමන්කළ වැතිරී
මුවරද සිඹින්නේ ආදරේ

හැඟුම් වරුසාවේ



To Download mp3 click here.


ගායනය - කසුන් කල්හාර
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
සංගීතය - නාලක අංජන කුමාර


Thursday, February 23, 2012

Math Mal Sena - Kasun Kalhara

මත් මල් සේනා



මත් මල් සේනා පාවේ පාවේ දෑසේ දැවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ සෙනෙහේ සුවසේ මා
ලා ඉරේ රන් ගෑවිලා

සදා ස්නේහයේ මල් වැහි වෑහුණා

පිපි හාදු සුළඟේ මුවගාව ගැවසේ
දෙතොලේ ලැගුම් සොය සොයා
සඳ රේණු යායේ මෘදු සීත පිරුණේ
ළංවෙන්න මයි නෙත් පියා
උදාවේ මා
සැඳෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා
නොදොඩා ම දෑසේ කවි ගීත මැවුණේ
දෙතොලේ සුසුම් උතුරලා
උදාවේ මා සැඳෑවේ මුදා
නෙක ස්වර්ණ රැස් රඟනා වැහි තිරේ



To Download The mp3 click here.






ගායනය - කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය -

Kandu Para Atha Aine - Milton Mallawaarachci

කඳු පාර ඈත අයිනේ



කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
//

යාළු වී දෙවටේ එදා
කී කතා අසා //
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා


කඳු පාර ඈත අයිනේ................


ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා //
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා



කඳු පාර ඈත අයිනේ................



To Download mp3 click here.



Remake by Sanka Dineth
To Download the Remake Click Here







ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -

Wednesday, February 22, 2012

Tharu Mal Yayama - Gunadasa Kapuge

තරුමල් යායම



තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී 

මා හෑරදා ඈ ගිය දවසේ
මා හෑරදා ඈ ගිය දවසේ


දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති
පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්

එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි


තරුමල් යායම.......................

නුවර උයන් මැද හමුවූ ලඳුුන් නැති
යටසින් බලුනෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් 

එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි


තරුමල් යායම................... 


To Download The mp3 click here.






ගායනය : ගුණදාස කපුගේ

Dasa Themila - Infaas ft Iraj & Devashrie

දෑස තෙමිලා





දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා
ඔබම පතලා සිතැඟි ගලපා
ආදරේ ටජ් මහලක් බැන්දා

සුවඳ හමනා සුළඟකට මා
ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිතද හැදුනා දුකද දැනෙනා
වෙනතකට ජීවිතේ දුන්දා

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

දුක නැල්ලූ ආදරේ
උණුසුමෙන් ඈත් නොවේ
අමතක කලත් මෙසේ
මතකේ හෙටත් තියේ
පිළිගන්න බෑ ලඳේ
පලිගන්න නම් නොවේ
එහෙනම් වෙනස් වුනේ
දෛවයයි වෙන් කලේ

දෑස තෙමිලා හීන පෙඟුනා
ඔබට තිබු ආදරේ හින්දා

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ
ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ
සැමරුම් තබා ඇයි පිටුපා ගියේ
අදහන්න බෑ සත්තයි ප්‍රියේ

දෑස තෙමිලා හීන පෙඟුනා.............. //




To Download The mp3 click here.





ගායනය : ඉන්ෆාස් ft ඉරාජ්.
පද රචනය :
සංගීතය :


Ma Sithata Ahamben - Deepika Priyadarshini

මා සිතට අහම්බෙන්



මා සිතට අහම්බෙන්
ඔබ එබිකම් කළ අරුමය රහසින්
මුළු ලොවට මුවාවෙන්
සඟවා ගන්නෙද මතුදා කෙලෙසින් //
මා සිතට අහම්බෙන්

අඳුර සඳක් වේවී
ඒ එළියේ පෙනේ නේද අපගේ සක්මන්
පින්න ගඟක් වේවී
ඒ වතුරේ නැගී ඒවි අපගේ හසකැන්

මා සිතට අහම්බෙන්...................

ලොවම උරණ වේවි
සාපව සිත් නොදෙනා ලෙස සීතල දිය පැන්
සිහින රුදුරු වේවි
උහුලා ගමු අපම නේද අපගේ දෙවියන්
මා සිතට අහම්බෙන්...................


To Download The mp3 click here.




ගායනය : දීපිකා ප්‍රියදර්ශිනී
පද රචනය :
සංගීතය :

Mathudaka Kaasi Nisa - Jalinda Karunarathne

මතුදාක කාසී නිසා



මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා //

රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා ..............

නොකැඩී ගලනා දුක් සංසා‍රේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා‍
අග හිඟ කම් දැන් යන්නේ පියඹා
මතුදාක කාසී නිසා.............. //


To Download The mp3 click here.




ගායනය : ජලින්ද කරුණාරත්න
පද රචනය : මනුරංග විජේසේකර & Daddy
සංගීතය :චරිත අත්තලගේ & Daddy

Friday, February 17, 2012

Lowama epa wee - Nanda Malani

ලොවම එපා වී



ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිඳිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ

අසා අසෝබන නින්දා ගැරහුම්
වැළහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවඳකින්

පිපාසිත වූ හද සිහිලැල් වේ


ලොවම එපා වී................. 


ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්

මුළුගැන්වුණු සිත උණුසුම් වේ


ලොවම එපා වී................. 



To Download The mp3 click here.






ගායනය : නන්දා මාලනී
පද රචනය :
සංගීතය :



Mathake Hasarel - Dushyanth Weeraman ft Umara

මතකේ හස‍රැල්



කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් ‍දුක වාවන්නට බෑ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් සිප ගන්නකෝ මා දෙතොල්

මතකේ හස‍රැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන වියේ
ඔබ මා හැරදා ඇයිද ගියේ

ඔබ ඇයි අන්සතු වුනේ ඔබ ඇයි මා හැරගියේ
පූජනීයයි ආදරේ ඔබ එය නොදනී ප්‍රියේ
දිවි ඇතිතෙක් මේ බවේ ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ රුව සදා ඇඳී තිබේ

සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනී

ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හස‍රැල්..................


To Download The mp3 click here.






ගායනය : දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය :
සංගීතය :

Thursday, February 16, 2012

Kelilola Balmen - Randir

කෙලිලෝල බැල්මෙන්



කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා
පෙම් හීන යායේ මල් දේදුනු එලලා
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා

ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ
කෙලිලෝල බැල්මෙන්


ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී
හිත ඉබේ ඔබ සොයා ඉගිලයේ හිත මගේ

කෙලිලෝල බැල්මෙන්.......................


සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන්
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා‍ සේ
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ
හිත ඉබේ ඉන් මිදී ඉගිල‍යේ  කොයි කොහේ

කෙලිලෝල බැල්මෙන්............................ 


To Download The mp3 click here.



ගායනය : රන්දීර් විතාන
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : භාතිය ජයකොඩි

Siththam Karamin - Dayan Witharana

සිත්තම් කරමින්



සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා

දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ
වය පුරා
වයෙන් වයේ අහිමව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
බවයක යලි හමු වෙමුයි පතා

විඳින්න  දුන් ජීවිතය අරන්
මං විඳවන්නද මේ භවය පුරා

සිත්තම් කරමින්...................


To Download The mp3 click here.





ගායනය - දයාන් විතාරණ

Ada Thaniyen Ma - Shihan Mihiranga

අද තනියෙන් මා



අද තනියෙන් මා හඬන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ// 

ඔබ දන්නෑ  
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ 

අද තනියෙන් මා...................

සිත හැඟුමන් වේදනා
මට නොකියා පවුනා //
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා



අද තනියෙන් මා..................

තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා //
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා


To Download The mp3 click here.






ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - ශිහාන් මිහිරංග
සංගීතය - ශිහාන් මිහිරංග

Adambarakaari - Pradeep Rangana

ආඩම්බරකාරී



නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සඟග ගස්සන ආඩම්බරකම මට සීදේව
කෙදිනක හෝ නුඹ මගෙ ළග නවතීව
සිත මගේ ඉල්ලාවී මගෙ සුදු ආඩම්බරකාරී

නිල්මිනි දෑසේ කුලුදුල් පෙම දැකලා
සිත රහසේ බඳුනා
ඔය වත කමලේ පුන් සඳ සේ රුව
ආඩම්බර පානා ගතියට 
ආල හැගුම් මැවුනා

නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..............

කාටත් නොකියන කවුරුත් නොදන්න

රහසක් මුමුනාව උණුසුම ඉල්ලාවී
මගෙ සයනේ සැතපේවී
ආඩම්බර ගති නොතිබුනා වගේ
ආදරේ ඉල්ලාවී
නෙතු ළග දග කරනා මගෙ ආඩම්බරකාරී


නෙතු ළග දග කරනා ආඩම්බරකාරී..............







To Download The mp3 click here.

ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය-
සංගීතය - 





Wednesday, February 15, 2012

Mudu Muhune - Deepika Priyadarshani & Karunarathna Divulgane

මුදු මුහුණේ



මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද //

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද //
උර තලයේ හිස රන්දා

සුව වින්දේ මන් විතරද


මුදු මුහුණේ ..............


ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද //
ඉඟ නෙරියේ රැළි සැදුවේ

හිමි සඳුනේ මගෙ විතරද


මුදු මුහුණේ ..............



To Download The mp3 click here.





ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය- මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ

Gahaka Mal Pipila - Karunarathna Divulgane

ගහක මල් පිපිලා



ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කීමයි මා
තවම නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම්


ගහක මල් පිපිලා......................


සඳට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්

ගහක මල් පිපිලා......................


To Download The mp3 click here.





ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
පද රචනය - යමුනා මාලනී පෙරේරා
තනුව - ගුණදාස කපුගේ

Arambumama Kandulak Wela - Kasun Kalhara

ඇරඹුමම කඳුලක්‌ වෙලා



ඇරඹුමම කඳුලක්‌ වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක්‌බරම කවියක්‌ ලියා
එහි පද පෙළක්‌ අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා //
අනන්තය ළඟ මා දමා

අවසානයට පෙර ඈ ගියා


ඇරඹුමම කඳුලක්‌ වෙලා..................



To Download The mp3 click here.







ගායනය - කසුන් කල්හාර 
සංගීතය - නාලක අංජන කුමාර
පද රචනය - දිලීප අබේසේකර

Sandakada Pahanaka - Sunil Edirisinghe

සඳකඩ පහනක

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදූ
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහස ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ
තවකෙක් ඈ වෙත හද රැන්දූ

සඳකඩ පහනක.........................................

හදවිල ඉපැදුනු කැකුළක් නොකලටි නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා


To Download The mp3 click here.





ගායනය - සුනිල් එදරිසිංහ




Nethe Kandulu Pisa Damanna - Sunil Edirisinghe

නෙතේ කඳුළු පිස දමන්න



නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්

අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් //


නෙතේ කඳුළු.......................... 


සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් //


නෙතේ කඳුළු.......................... 



To Download The mp3 click here.




ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: ආනන්ද අමරසිරි

Obe Sina Langa - Jagath Wickramasingha

ඔබේ සිනා ලඟ



ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමි  ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා

ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා


ඔබේ සිනා ලඟ........................... //



To Download The mp3 click here.






ගායනය:  ජගත් වික්‍රමසිංහ
සංගීතය:  ජගත් වික්‍රමසිංහ
පද රචනය:  දේශාංජලී වික්‍රමසිංහ

Tuesday, February 14, 2012

Man Mula wee - Gunadasa Kapuge

මං මුලාවී



මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට

ඇයටද පාරක් ඇති නැති ගානය


මං මුලාවී........................... 


අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්

අප යන ගමනද අද මෙතැනින් නිමි


මං මුලාවී........................... //



To Download The mp3 click here.





ගායනය : ගුණදාස කපුගේසංගීතය: ගුණදාස කපුගේ
පද රචනය: සුනිල් ආරියරත්න

Liyathambara - Athma Liyanage

ලියතඹරා



ලියතඹරා
මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි //

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි
ලියතඹරා............


මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
ලියතඹරා.......................


To Download The mp3 click here.









ගායනය:  ආත්මා ලියනගේ
සංගීතය:
පද රචනය:
 

Followers