Pages - Menu

Earn Money Online

Showing posts with label Sunil Edirisinghe. Show all posts
Showing posts with label Sunil Edirisinghe. Show all posts

Sunday, January 28, 2018

Chandra Mandale - Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ........................................



ගායනය - සුනිල් එදිරිසිංහ

Me Tharam Siyumalida Kalugal - Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා

මේ තරම්...




ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රවි වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක

Wednesday, March 19, 2014

Pana Mada Kadithi - Sunil Edirisinghe

පැන මඩ කඩිති

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු ....................




ගායනය - සුනිල් එදිරිසිංහ
To Download the mp3 Click here   

Sunday, March 25, 2012

Aluth Wassak - Sunil Edirisinghe

අලුත් වැස්සක්



අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වගේ
අලුත් වැස්සක් වහින්නට සැරසේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනී
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැරසේ


වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැරසේ


අලුත් වැස්සක්...........................



To Download The mp3 click here.


ගායනය : සුනිල් එදිරිසිංහ

Wednesday, February 29, 2012

Sayurak Nodutu Gangulak - Sunil Edirisinghe

සයුරක් නොදු‍ටු ගඟුලක්




සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ //

කඳුලක් නොසැලු නෙතකින්

හස‍රැල්  සොයන්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා


සයුරක් නොදු‍ටු ..........


සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුනත් බිඳුනු හදකින්

සෙනෙහස සොයන්නෙපා


සයුරක් නොදු‍ටු .......... //



To Download The mp3 click here.


ගායනය : සුනිල් එදිරිසිංහ

Ra Wada Muraya - Sunil Edirisinghe

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට




රෑ වැඩ මුරය අවසන් වන කනිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය..............................

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ



To Download The mp3 click here.



ගායනය : සුනිල් එදිරිසිංහ

Wednesday, February 15, 2012

Sandakada Pahanaka - Sunil Edirisinghe

සඳකඩ පහනක

සඳකඩ පහනක කැටයම් ඔපලා පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී
සියුමැලි කැකුලක් මැලවෙද්දී

දහසක් පෙති මත රහසක් කොඳුරා තුඩින් තුඩක ගෙනයන බිංදූ
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා පොපියන දෙතොලක් එහි කැන්දූ
අහස ගුගුරා කළුවක් වපුරා ඒ හා මුහුවුනු වැහි බිංදු
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ
තවකෙක් ඈ වෙත හද රැන්දූ

සඳකඩ පහනක.........................................

හදවිල ඉපැදුනු කැකුළක් නොකලටි නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත්කොට ගිලිහුන කඳුලක් සත්සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වු රිදුනු තැවුනු හද එක්ටැම් මැදුරක කවුලු අරා
රුවන් විමානේ පියාඹා එනතුරු පොපියන හදවත සිටියි බලා


To Download The mp3 click here.





ගායනය - සුනිල් එදරිසිංහ




Nethe Kandulu Pisa Damanna - Sunil Edirisinghe

නෙතේ කඳුළු පිස දමන්න



නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්

අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින් //


නෙතේ කඳුළු.......................... 


සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින් //


නෙතේ කඳුළු.......................... 



To Download The mp3 click here.




ගායනය: සුනිල් එදිරිසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ
පද රචනය: ආනන්ද අමරසිරි

Followers