Pages - Menu

Earn Money Online

Showing posts with label Manjula Pushpakumara. Show all posts
Showing posts with label Manjula Pushpakumara. Show all posts

Monday, November 26, 2012

Himiwuna Oba Mata - Manjula Pushpakumara

 හිමි වුනු ඔබ මට

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ මේ ජීවිතේ
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැරයයි කියා

සිහින නෙලා පැලඳුදා 
මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිඳ දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ 
කඳුළු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා.......... 


 

ගායනය - මංජුල පුෂ්පකුමාර
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝන  

Followers