Pages - Menu

Earn Money Online

Showing posts with label S. Show all posts
Showing posts with label S. Show all posts

Sunday, January 28, 2018

Saragaye - Sanuka Wickramasinghe

සරාගයේ

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී
අද තනිකම ඉතිරි වී
සඳ ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

කාමරේ මුළු පුරා
නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා
දෙස බල බලා
මං මුලා වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
බැඳීම්ක් ඇති රුවක් හා මා වෙලී

උනුසුම් උදයක................................





ගායනය - සනුක වික්‍රමසිංහ

Sithuwili Sirawi - Bandara Athauda

සිතුවිලි සිරවී හදවත පතුලේ

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී...........................

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී..........................

ගායනය - බණ්ඩාර අතාවුද

Saturday, January 27, 2018

Sulanga Numba Wage - Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි





සුළඟ නුඹ වගේ..................

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - යමුනා මාලිනි පෙරේරා
සංගීතය - ගුණදාස කපුගේ

Thursday, January 25, 2018

Sandakan Watila - Victor Rathnayake

සඳකැන් වැසිලා

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණදුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී //

ජීවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා....................

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා...

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

Thursday, April 2, 2015

Sithata Hora - Rahal Alwis

සිතට හොරා

සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
කඳුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

මියදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ පෑයු සඳ සාවී
අද රෑ මගේ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ

සිතට හොරා මං ඔබේ වෙලා දැන්............



ගායනය - රහල් අල්විස්

MP3 Download


Monday, January 5, 2015

Saba Nowena Heena Hari Mihiri - Kasun Kalhara

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි


MP3 Download



ගායනය - කසුන් කල්හාර
සංගීතය - නාලක අංජන කුමාර
පද - නයනසේන වන්නිනායක

Saptha Swarayai - Roony

සප්ත ස්වරයයි

නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා

හිත පුරා විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු දෑස අබියස නැවතිලා
ඇගේ නිකිණි සිනහ මල්........


මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි...සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඈ... සුවඳ හමනා...


mp3 Download




Artist  - Indika Ruwan (Roony)
Lyrics - Hasitha Vithanage
Music - Nayana Karunanayake

Friday, March 21, 2014

Sonduriya - Amarasiri Pieris

සොඳුරිය

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


සොඳුරිය

ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගායනය - අමරසිරි පීරිස්

To Download the mp3 Click here  

Saturday, April 13, 2013

Suranganwee Mage - Ruwan Hettiarachchi

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා //

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපෙයි මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලඳේ //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා

මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ  ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

සුරංගනාවී මගේ..........................

To Download mp3 click here  
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - රාජ්

Friday, February 1, 2013

Sanda Sanda wage - Kasun Kalhara

සඳ සඳ වගේ

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ


To Download mp3 click here  
ගායනය - කසුන් කල්හාර


Sunday, January 13, 2013

Sitha Mage Handuwa(Sitha mage Riduna) - Damith Asanka /There Bina Sinhala Version

 සිත මගේ රිදුනා

සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා


ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා

මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා


To Download mp3 click here   



Saturday, January 5, 2013

Susum Lamin Mage Diha - Karunarathna Divulgane

 සුසුම් ලමින් මගේ දිහා


සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //
 

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
ලි මදසක් හෙලා 

ලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කත් කිරිල්ලී මට අගෙයි

සුසුම් ලමින් මගේ දිහා

අමනාපෙන් බලයි ..........

To Download mp3 click here 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Monday, December 24, 2012

Pem Kindura (Sanda Kalmen) - Waruna Madhusanka

පෙම් කිඳුරා (සඳ කැල්මෙන්)

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා 
විත් කඳුලක් දීලා
ඔබ නොරිදා හිඳිමී මා

ජීවිතයේ පෙම් සුවඳ ඔබ නම් 
සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලම ඇත්නම් 
ඒ හිතට මා ලං වෙන්නම්

හිත් ගඟුලේම ගිලීලා
මා සනසන්න සුහදේ 
මුළු දිවියේම රැඳීලා 
තව රස දෙන්න මිහීරේ
මේ දිවියේ මල් පිපුනේ ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා 
ඔය හිතම මා ලම ඇත්නම් 
ඒ හිතට මා ලං වෙන්නම්

මුළු සසරේම බැඳිලා
ඈ මගේ වෙන්න පැතුවේ
ඇයි සිතු සේම සිඹලා
ඔය නිල් දෑස වැසුවේ
මේ දිවියේ මල් පිපුනේ ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන්.............................

To Download mp3 click here

Go over and put your mouse pointer on T of To download........ if you can't click on the link.




ගායනය - වරුණ මදුසංක



 

Wednesday, October 24, 2012

Sarasawiyedi heta witharai hamu wanne - Dayarathna Ranathunga

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //


මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහාවැලි දෑලේ සපු සෙවනේ 

කළා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ

සරසවියේදි .....................................


To Download the mp3 Click Here

ගායනය - දයාරත්න රණතුංග

Tuesday, October 2, 2012

Sulagata Kalin (Piyavi Teledrama Theme Song) - Jaya Sri

සුළඟට කලින්


සුළඟට කලින් පාවී ලස්සණ මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ 
නොදැනුනු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් නිල් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්

මල්කෙමි අතරේ සඟවා රහසේ
මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉගිලී යන්නට ආයෙත්
අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
නටුවේ බරවී රතු රෝස මලක්


සුළඟට කලින් .......

To Download mp3 click here



ගායනය -  ජය ශ්‍රී
පද රචනය - තුෂානි බුළුමුල්ල
සංගීතය -  ජය ශ්‍රී

Friday, September 21, 2012

Sansare - Dayasiri Jayasekara

සංසාරේ 


සංසාරේ ආ ලෙසිනා
ශ්රුන්ගාරේ යා කෙරුණා //
පිනි යායේ සැරිසරලා
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතු සුදු මල හද තුල පිපුනා
ඔබේ සුවඳති මද නල වෑහීලා
පායා වස්සානේ සේයා 
ඇස්මානේ ගාවා සංසිදෙනා සේමා 
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සඳ පරදන වත මට සිහිවීලා
විල් තීරේ පීරා ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

සංසාරේ ආ ලෙසිනා.................


To Download mp3 click here



ගායනය - දයාසිරි ජයසේකර
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
සංගීතය - සචිත් පීරිස්

Tuesday, September 18, 2012

Seetha Maruthe - Ruwan Hettiarachchi

සීත මාරුතේ


සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් 
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා 
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ........................


යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා // 
ආදරයේ මිහිරෙන් මා නිවුණේ 
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ........................


To Download mp3 click here




ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - නිලාර් M. කාසිම්
සංගීතය - අමිත් ගුරු

Sunday, August 26, 2012

Sanda Renu Wahena - Prince Udayapriyantha

සඳ රේණු වෑහෙනා

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා

ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා..........................


තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා

ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා...........................

To Download original mp3 click here

To Download remake click here

ගායනය : ප්‍රින්ස් උදයප්‍රියන්ත
සංගීතය -  ලසිත් වසන්ත

Thursday, July 19, 2012

Sinasenna bane (hangum math kala) - Romesh sugathapala

සිනාසෙන්න බෑනේ

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගේ නිවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ ///




To Download mp3 click here

ගායනය - රොමේෂ් සුගතපාල



Tuesday, July 3, 2012

Santhapayen Sitha Pawi Yawi - Harshadewa

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ


සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
හිස්වාතලේ ඈ සොයා
තාරුකවෙන් මන්පෙත් අසා
මේ පාලු තනියහනේ

පෙම්හීන අවුලා තියා
ඈ කොයිද වෙන් වී ගියේ//

ගිම්හන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී

දුස්වක්නයක් වේ ජීවිතේ//
වාලුකවේ වැස්සක් වගේ
පාලු වු මෙ සන්තනයේ
වැගිරෙන්න අවොත් ඉතින්
සුපිපේවී පෙම්වත් කුසුම්
පෙම් හීන අවුලා තියා
ඈ කොහිද වෙන් වී ගියේ

මල් රේනු විස්සෝපයෙන්
මල් යාය හැර යාවී
‍රෑසියොන්ගේ ගී මැදින්//
පාලු වු මේ යාමෙ ගෙවෙයි
හාදු වු දා පෑ අදරෙන්

ලන් වෙන්න අවොත් ඉතින්
දැල් වේවි ප්‍රේමේ පහන්
පෙම් හීන අවුලා තියා
ඈ කොහෙද වෙන් වී ගියේ



සන්තාපයෙන් හිත පාවී යාවි ආකාසේ.............


To Download mp3 click here






ගායනය - හර්ෂදේව
පද රචනය - නිලාර් කාසිම්
සංගීතය - රාජ්

Followers