Pages - Menu

Earn Money Online

Showing posts with label I. Show all posts
Showing posts with label I. Show all posts

Tuesday, September 18, 2012

Iwasaida Manda - Athula & Samitha

ඉවසයිද මන්දා


ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙනිවීලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ

දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරමන් වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා................................




To Download The mp3 click here.

ගායනය - අතුල &සමිතා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Tuesday, June 5, 2012

Idoraye Nagara Kone(Pransha Yuwathiyan) - Amal Perera

ඉඩෝරයේ නගර කොනේ



ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායවී පායාවී පමාවී 

මායවී පායාවී පමාවී 


ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගෙ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්

යන්න එනව නම් ඇයිද නෙතු පියන්

බලා නොයින් තවත් කල් අරන්


ඉඩෝරයේ නගර කොනේ..............


රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින් 

කියන නෙතු පියන් අහනවද ඉතින් 
කියන නෙතු පියන් අහනවද ඉතින් 

ශ්වේත වර්ණ කරලියේ ඉඳන්


ඉඩෝරයේ නගර කොනේ............//



To Download mp3 click here






ගායනය - අමල් පෙරේරා
පද රචනය - රුවන් නන්දික
 සංගීතය - කසුන් කල්හාර

Sunday, February 12, 2012

Iki Gasa Handana - Amarasiri Pieris

ඉකි ගසා හඬන



ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

හීනෙන් හිනැහී තුන්යම මා රවටා
මැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කඳුළුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා

මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා ///



To Download mp3 click here.






ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -






Followers