Pages - Menu

Earn Money Online

Showing posts with label Sanath Nandasiri. Show all posts
Showing posts with label Sanath Nandasiri. Show all posts

Friday, September 14, 2012

Eda Meda Thura - Sanath Nandasiri

එදා මෙදා තුර


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනක
සොඳුරිය මට‍ නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර ....................

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.....................

To Download mp3 click here


ගායනය - සනත් නන්දසිරි 
පද රචනය - විමල් ජයශාන්ත

Friday, May 18, 2012

Waradak Kalath - Sanath Nandasiri

වරදක් කලත්  



වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස්දෙක වගේ //


ඔබේ ගිනි නිවා ඇගේ හිත දවා
අප එක් ‍වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිස් අතින්

පිසලන්නේ කොයි කඳුලුදෝ


වරදක් කලත්.....................


අසරණ ඔබයි තනිවුන ඇයයි

මට සාප කර යාවිදෝ//
ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ


වරදක් කලත්…...................


To Download mp3 click here




ගායනය :- සනත් නන්දසිරි
පද රචනය:-
සංගීතය -

Followers