Pages - Menu

Earn Money Online

Monday, December 24, 2012

Pem Kindura (Sanda Kalmen) - Waruna Madhusanka

පෙම් කිඳුරා (සඳ කැල්මෙන්)

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා
ඇස් මායිම් ගාවා 
විත් කඳුලක් දීලා
ඔබ නොරිදා හිඳිමී මා

ජීවිතයේ පෙම් සුවඳ ඔබ නම් 
සුවඳින් මා මත් වෙන්නම්
ඔය හිතම මා ලම ඇත්නම් 
ඒ හිතට මා ලං වෙන්නම්

හිත් ගඟුලේම ගිලීලා
මා සනසන්න සුහදේ 
මුළු දිවියේම රැඳීලා 
තව රස දෙන්න මිහීරේ
මේ දිවියේ මල් පිපුනේ ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන් නාවා
හිම යායෙන් ආවා
ඔබ සොයාලා පෙම් කිඳුරා 
ඔය හිතම මා ලම ඇත්නම් 
ඒ හිතට මා ලං වෙන්නම්

මුළු සසරේම බැඳිලා
ඈ මගේ වෙන්න පැතුවේ
ඇයි සිතු සේම සිඹලා
ඔය නිල් දෑස වැසුවේ
මේ දිවියේ මල් පිපුනේ ඔබ හින්දාදෝ
රෑ සඳ සේ මේ දිවියේම එලියයි ඔයා

සඳ කැල්මෙන්.............................

To Download mp3 click here

Go over and put your mouse pointer on T of To download........ if you can't click on the link.




ගායනය - වරුණ මදුසංක



 

Saturday, December 15, 2012

Apasu Yannata Para Kiyanawada - Chandrasena Hettiarachchi

 ආපසු යන්නට පාර කියනවද


ආපසු යන්නට පාර කියනවද
දැන් සමුගන්න ළඟයි
ආයෙත් දවසක අප හමුවන්නට
කළ පින් මදිද සිතෙයි //

යොදුන් ගණන් දුර ආවෙද පසුකර
මල් මාවතක නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිවේ



ආපසු යන්නට පාර කියනවද............
 
කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ
හෙට සමුගන්න නොවේ
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පි
වේ

To Download mp3 click here  
 
ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Wednesday, December 5, 2012

Kavikariye (Unuhuma Winda Winda) - Bathiya Santhush

කවිකාරියේ(උණුහුම විඳ විඳ)


උණුහුම විඳ විඳ සියො ළඟ දැනුනේ මායා
සත්තයි ළඳුනේ ආවේ  සඳවත පායා
සරාගී නුවන් චායා හදේ දැල්විලා මා
ඔබයි මාගේ පෙම් වස්සානේ //

කවිකාරියේ (කවිකාරියේ)

මට හාදු දී (මට හාදු දී)
ඔබෙ දෑස මානේ හීන වස්සානේ
මායම් කතා  (මායම් කතා)
මුළු රෑම වැහී (මුළු රෑම වැහී)
ඔබෙ කෝල දෑසේ පැටලි මා ඉන්නේ
අපෙ ආදරේ දැන් කවි පෙළක් වාගේ
අපෙ ආදරේ දැන් කවි පෙළක්

උණුහුම විඳ විඳ දෙතොලේ හැඟුමන් පාලා
දෑඟිලි දිව්වේ කොපුලේ රැඟුමක් දීලා
නුරාගී බැලුම් සේයා දසුන් මත් කළා මා
ඇවිත් නේද පෙම් වස්සානේ

කවිකාරිය.............................

To Download mp3 click here  



ගායනය - භාතිය සන්තුෂ්
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
  


Monday, November 26, 2012

Himiwuna Oba Mata - Manjula Pushpakumara

 හිමි වුනු ඔබ මට

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ මේ ජීවිතේ
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැරයයි කියා

සිහින නෙලා පැලඳුදා 
මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිඳ දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ 
කඳුළු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා.......... 


 

ගායනය - මංජුල පුෂ්පකුමාර
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝන  

Friday, November 23, 2012

Man Asai - Theekshana Anuradha

මං ආසයි

මං ආසයි හිනා වෙන්න 
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ  එන විට 
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එන විට 
ලෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුලක් තබා යන්න

මං ආසයි හිනා වෙන්න..............

To Download mp3 click here  





ගායනය - තීක්ෂණ අනුරාධ
පද රචනය -රන්ජිත් ප්‍රේමවීර
සංගීතය -නවෝද් නිලංග

Wednesday, November 21, 2012

Hitha Hadaganna Ba - Chamika Sirimanne

හිත හදා ගන්න බෑ 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා  ආදරේ හැර යනවා
මා සදා හඬනවා  මාරුතේ දුක දරා 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී ජීවිතය දී මාගේ ලඟ න්නු වෙලේ 

කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
හීන කඳුළින් තෙමා ඈත සැඟවී ඔයා මාව අඳුරේ හෙළා
දෑස ලඟ අද නෑ මගේ මා සදා හඬනවා මාරුතේ දුක දරා 

හීන වියකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමි වී

මාව තනිවී දෑස බොඳවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය රෑ දිවා මාව හැර දා සදා
ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා මාරුතේ දුක දරා

හිත හදා ගන්න බෑ...........................................


To Download mp3 click here 



ගායනය -  චාමික සිරිමාන්න
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - කපිල්

Heenayak Wage - Surendra Perera

 හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන්වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා
පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා

දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්.............

To Download mp3 click here



ගායනය - ස්රේන්ද්‍ර පෙරේරා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

 

Wednesday, November 14, 2012

Obe Namata Pudami Sada (Oya As Diha) - Pradeep Rangana

ඔය ඇස් දිහා පෙම යාවෙලා


ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් පෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා


ඔය ඇස් දිහා......................................

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ 

මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා





ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය - සචිත් උදයංග
සංගීතය -සංජුල හිමාල

Thursday, November 8, 2012

Oba Wenuwenma Thama (Muwa Randi Hasrella)- Udaya Sri

ඔබ වෙනුවෙන්ම තමා

මුව රැඳි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා 


මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා 


මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුවදෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හද කිති කවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගෙ හිත ළඟ..............................


දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා


To Download mp3 click here 



ගායනය - උදය ශ්‍රී
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - උදය ශ්‍රී

Wednesday, November 7, 2012

Nihanda Gamane (Bambara Nade) - Bachi Susan, Shanika Madhumali

 නිහඬ ගමනේ

නිහඬ ගමනේ මේ තරම් දුර 
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ  

නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ 

රැඳෙනු මාගේ සුවඳ වාගේ 
බඹර නාදේ ඇසෙන මානේ  
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩ දෙන්න තුරුලේ   
හිනහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින නුඹෙ සියුමැලි දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගේම ලඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳ ගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ 
පෙම් පැතුම් මා හදේ 

ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට  පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ


නිහඬ ගමනේ........................

To Download mp3 click here

ගායනය - බාචි සුසාන් හා ශානිකා මධුමාලි
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය -කේෂාන් පෙරේරා

Saturday, November 3, 2012

Raththaran Mage - Damith Asanka, Ashanthi

 රත්තරන් මාගේ


රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ

හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ  වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්  වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ  රස නොයිදුල් දීගේ
හීනෙන්  දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා


රත්තරන් මාගේ...........................

නාදල්ලේ  පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි  හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා


රත්තරන් මාගේ...........................

To Download mp3 click here 

ගායනය - අශාන්ති සහ දමිත් අසංක
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා

Wednesday, October 24, 2012

Sarasawiyedi heta witharai hamu wanne - Dayarathna Ranathunga

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //


මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහාවැලි දෑලේ සපු සෙවනේ 

කළා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ

සරසවියේදි .....................................


To Download the mp3 Click Here

ගායනය - දයාරත්න රණතුංග

Oya Nisa - Chandrasena Hettiarachchi

ඔයා නිසා


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙත්දෙන්

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංගාවට එළිය අරන්
ආදර මල් යායක්‌ අරන්

බලා ඉන්නම් තව හුඟක්‌ කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා ..................................


To Download mp3 click here





ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ලසිත් ජයනේත්තිරච්චිගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

Tuesday, October 23, 2012

Muthu Kandulin - Chandrasena Hettiarachchi

මුතු කඳුලින් මා දෙනෙතේ 


මුතු කඳුලින් මා දෙනෙතේ 
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන් 
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //


මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා


මුතු කඳුලින් ...................... //


TO Download the Original mp3 Click Here

TO Download the Remake mp3 Click Here




ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ලසිත් වසන්ත
සංගීතය - සරත් වික්‍රම


Saturday, October 20, 2012

Unu Kandulak wee dase - Shashika Nisansala

උණු කඳුලක් වී දෑසේ


උණු කඳුලක් වී දෑසේ 
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දනුනාද මගෙ ආදරේ //

හද වේදනාවෙන් වැළපෙයි අනේ
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ

කුළුදුල් ආලේ රසකලේමී
ළමැදේ හංගා ගුලි කලේමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා

උණු කඳුලක් වී දෑසේ...............


ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලතී
මගෙ මිතුරිය හා ඉගිලීල
ඔබ යයි මා නෙතු රවටාලා
ඉකි ගසනා හද හඬවාලා


උණු කඳුලක් වී දෑසේ................//


To Download mp3 click here

ගායනය - ශෂිකා නිසංසල

Thursday, October 18, 2012

Hitha Assata Heena Godak - Athula Adhikari

හිත අස්සට හීන ගොඩක්


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා

අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා

තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා

සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක්........................


To Download mp3 click here



ගායනය -  අතුල අධිකාරි


Wednesday, October 17, 2012

Me Saumya Rathriya - Dharmadasa Walpola

මේ සෞම්‍ය රාත්‍රීය


මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................//


සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා //
ආනන්ද රාත්‍රි සෞම්‍ය කාන්ති
මා ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................. //

To Download original mp3 click here

To Download The Remake Click Here

ගායනය - ධර්මදාස වල්පොල


Tuesday, October 2, 2012

Pata Wenas Wana - Samitha Mudunkotuwa

පාට වෙනස් වන

පාට වෙනස් වන
සමනලයෙකු ලඟ
සමනලියක් උනානෙ මං
පාට වෙනස් නොවී ඉන්න //


සුළඟේ දැවටී මල් පෙති සැලූනා
සුසුමක හසුවී සෙනෙහස බිඳුනා
ආදර හීනය තරු මත සඟවා
කලූවර අහසක තනි කෙරුවේ ඇයි

කඳුලේ සේයා අඳුරේ නැගුනා
සියුමැලි අත්තටු එකිනෙක බින්දා
ජීවිත අහසේ මා තනි කර දා

ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි

පාට වෙනස් වන...................


To Download mp3 click here



ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - නිශාන්ත ශාන්තදේව
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල

Sulagata Kalin (Piyavi Teledrama Theme Song) - Jaya Sri

සුළඟට කලින්


සුළඟට කලින් පාවී ලස්සණ මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ 
නොදැනුනු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් නිල් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්

මල්කෙමි අතරේ සඟවා රහසේ
මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉගිලී යන්නට ආයෙත්
අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
නටුවේ බරවී රතු රෝස මලක්


සුළඟට කලින් .......

To Download mp3 click here



ගායනය -  ජය ශ්‍රී
පද රචනය - තුෂානි බුළුමුල්ල
සංගීතය -  ජය ශ්‍රී

Friday, September 21, 2012

Sansare - Dayasiri Jayasekara

සංසාරේ 


සංසාරේ ආ ලෙසිනා
ශ්රුන්ගාරේ යා කෙරුණා //
පිනි යායේ සැරිසරලා
වරු ගානේ කොඳුරමිනා
හිත අස්සේ ඈ රැඳුනා
හිත මානේ පිනි ඉසිනා
නෙතු යායේ ඉඟි වසිනා

රතු දෙතොලක පැහැසර වැදුනා
වතු සුදු මල හද තුල පිපුනා
ඔබේ සුවඳති මද නල වෑහීලා
පායා වස්සානේ සේයා 
ඇස්මානේ ගාවා සංසිදෙනා සේමා 
පෙම් කෙරුවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

ලැසි ගමනට ආලය හිතිලා
ඇසිපිය යට සෙනෙහස පිරුනා
සඳ පරදන වත මට සිහිවීලා
විල් තීරේ පීරා ගිම්හානේ පේනා
ඇස් බැඳුනේ ඈ හා ලං වෙනවා ඈ
නෙතු පැටලී ආදා මාගේ කීයා
මල් වාරේ ආවා සොයා

සංසාරේ ආ ලෙසිනා.................


To Download mp3 click here



ගායනය - දයාසිරි ජයසේකර
පද රචනය - ෂෙහාන් ගලහිටියාව
සංගීතය - සචිත් පීරිස්

Tuesday, September 18, 2012

Seetha Maruthe - Ruwan Hettiarachchi

සීත මාරුතේ


සීත මාරුතේ වෙලෙමින් ඇස් දිහා බලන් 
ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ
ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ
එළියයි ඒ හැඟුම් හිතේ ඔබමයි ජීවිතේ මගේ

දෑලේ ගඟුලැල්ලක් සේ මා සීතයි හිත බෝමා 
දෝරේ යයි සිතුවිලි සේනා ආදරයෙන් පෙඟිලා //
ජීවිතයේ සතුටයි මා දුටුවේ
සාගරයේ ගැඹුරයි මේ හැඟුමේ

සීත මාරුතේ........................


යහනේ තනි යහනේ පේනා හීනෙන් ඉඟිපානා
රෑ තුන්යම ඔය ඇස් මවනා මා මුසපත් කරනා // 
ආදරයේ මිහිරෙන් මා නිවුණේ 
ඒ ඇසුරේ අලුතින් මා ඉපිදේ

සීත මාරුතේ........................


To Download mp3 click here




ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - නිලාර් M. කාසිම්
සංගීතය - අමිත් ගුරු

Iwasaida Manda - Athula & Samitha

ඉවසයිද මන්දා


ඉවසයිද මන්දා මා දුන් රිදුම්
වෙනිවීලා ආදා වෙනතක් බලන්
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
තව කඳුළු නෑ මේ දෙනෙතේ ඉතින්
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

ගොළුවෙච්ච තරු දෑසේ කඳුළැල් උනන්නේ

දරා ගන්න බෑනේ මතකේ විලාපේ
ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ
ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
මට මාද නැති වුනා සත්තයි හෙමින්

මේ පාළු දුක් සිහිනේ අතරමන් වෙලා බොහොසේ
ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
ජීවිතය වැටුන තරම් නැගිට ගන්න බෑ ආයේ
මැරි මැරී උපදී මේ සංසාර ආදරේ
උන්නාට මා රහසේ තුරුලක හෙමින්
මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්

ඉවසයිද මන්දා................................




To Download The mp3 click here.

ගායනය - අතුල &සමිතා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Sunday, September 16, 2012

Nanadunana Sihinaya Wela (Anuththara Theme Song) - Romesh sugathapala

නන්නාදුනන සිහිනය වෙලා


නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //

To Download The mp3 click here.


ගායනය - රොමේෂ් සුගතපාල

පද රචනය :  රචිත වාකිෂ්ට
සංගීතය : තිලින රුහුණගේ



Saturday, September 15, 2012

Piyapath Labee - Thisara Weerasinghe & Hashan D Balasuriya

පියාපත් ලැබී

මා නොදුටුව මගේ හිතට
පියාපත් ලැබී 
තෙත් තටු වියලුන බව හැඟුනා
පියාඹන්න පියාඹන්න සිත හරි සොඳුරුයි
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

හදවත පිරිමැද සිතුවිලි අවදිවෙලා
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න

අවදිවූ සිතුවිලි දකිනට සිතට ඉඩ දෙන්න
ඒ සොඳුරු බව සොයා යන්න සිතට ඉඩ දෙන්න



ගායනය - තිසර වීරසිංහ & හෂාන් බාලසූරිය
පද රචනය - ඉන්දික මායාකඩුව
සංගීතය - අමිත් ගුරු

Friday, September 14, 2012

Eda Meda Thura - Sanath Nandasiri

එදා මෙදා තුර


එදා මෙදා තුර කදුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ලයේ ගලාගිය ‍සෙනේහයේ සුව
සිනා පිරුණු රත් දෙතොල් පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ලයේ බැඳ අවසන් ගමනක
සොඳුරිය මට‍ නොකියාම ගියා

දෑස් කවුළු පත් පලා කදුලු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදා තුර ....................

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ලයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ‍ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්නම්
මේ අපි ඉපදෙමු එකට ප්‍රියේ

එදා මෙදා තුර.....................

To Download mp3 click here


ගායනය - සනත් නන්දසිරි 
පද රචනය - විමල් ජයශාන්ත

Monday, September 10, 2012

Nawathi Methekin - Kasun Kalhara

නැවතී මෙතෙකින්


නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුව හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගෙ ඒ රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා

මතකද හැම රෑ පහන් වනතුරා
පැතූ පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්

ඉරණම ලියැවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවේ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගම්ද සොඳුරේ කෙලෙසින්

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම් 
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්

To Download mp3 click here




ගායනය -  කසුන් කල්හාර
පද රචනය - අචල සොලමන්
සංගීතය - කසුන් කල්හාර

Sunday, August 26, 2012

Sanda Renu Wahena - Prince Udayapriyantha

සඳ රේණු වෑහෙනා

සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්
හද පිරුනු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින්
සඳ රේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ලඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනිවී සදා හෙලන සුසුමන් නිවා

ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා..........................


තිබුනත් හදේ පැතුමන් ඉටුවන්නෙ දෝ
ඔබ ගැන පැතූ සිතින් වැලපෙන්නෙ දෝ
කඳුළු හසරැල් පවා මසිත ලතැවුල් නිවා

ඔබ ඉන්න මාගේ ලඟින්

සඳ රේණු වෑහෙනා...........................

To Download original mp3 click here

To Download remake click here

ගායනය : ප්‍රින්ස් උදයප්‍රියන්ත
සංගීතය -  ලසිත් වසන්ත

Hitha Ridawana - Sanka Dineth

නුඹ ළඟ නැතිදා ( හිත රිදවනා) 


හිත රිදවනා සුසුමක් වගේ 
නෙත හඬවනා කඳුලක් දිගේ //
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

නුඹ ළඟ නැතිදා ////

හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

නුඹ ළඟ නැතිදා ////


හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ //
දවසක ඇවිත් ළඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

නුඹ ළඟ නැතිදා ////


To Download mp3 click here




ගායනය - සංඛ දිනෙත්
පද රචනය - ඉසුරු වීරසිංහ
සංගීතය -  සංඛ දිනෙත් 

Tuesday, August 21, 2012

Oba Yanna (Epa Thawath) - Milin

ඔබ යන්න


එපා තවත් මගේ හිත රිදවන්න //
ආල නුරාකම් නෑ මට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට වුනි රුදූරූ

ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා මගේ වෙනදා විදිහට
නුඹ මතක ලොවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරිවුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යලි ගොළු වූ හදකට

ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා…….

එපා තවත්…….

To Download mp3 click here



ගායනය - මිලින්
පද රචනය - ටිරාන් ගුණසේකර

Husmak Durin Inna - Shashika Nisansala

හුස්මක් දුරින් ඉන්න


දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපිට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්

අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් 

දුර යන්න සිතුවාට..............................


To Download mp3 click here



ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Mata Oya Mage Pana Wage - Dilum & Sameera

මට ඔයා මගෙ පන වගේ

මට ඔයා මගෙ පන වගේ
ළඟ නැතත් මගෙ ළඟ වගේ
හිත පුරා රැඳි සෙනෙහසින්
ඔබ මවෙත පිදූ දේ ආදරේ //

ඔයා මගේ පන වාගේලූ
මට දරාගන්න බැරි ඒක
ලූ 
හිනාවෙන්නෙ සඳ වාගෙ
ලූ
මට බලා ඉන්න බැරි ඒක
ලූ
සඳ හොරා ගත්තෙ එක රෑක
ලූ
මට හිතාගන්න බැරි වෙන්න
ලූ
මට නිදාගන්න බැරි ඒකලූ

මට ඔයා මගෙ පන වගේ............


ඔයාවමයි මට ඕනෙලූ
මට කියාගන්න බැරි ඒක
ලූ
ඔයාටමයි මං ආස
ලූ 
ම‍ට ඔයා නැතිව බැරි ඒකලූ
අපි හිනා වුනේ එක පාරලූ 

රෑ හීනෙන් පේන්නේ මාවලූ 
මං ඒ හීනේ හරි ලස්සනලූ

මට ඔයා මගෙ පන වගේ............


මට හොරා මගෙ ළඟට එයි
අත අරන් මට තුරුලු වෙයි
හිත පුරා රැඳි සෙනෙහසින්

ඔබ මවෙත පිදූ දේ ආදරේ

මට ඔයා මගෙ පන වගේ............


To Download mp3 click here


ගායනය - දිලුම් & සමීර
පද රචනය -  දිලුම් & සමීර
සංගීතය - දිලුම් & සමීර

Sunday, August 19, 2012

Hada Ganna Me Hitha Mage - Centigradz

හදාගන්න මේ හිත මාගේ

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා

හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


[Rap]

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ

නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ
ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


To Download mp3 click here



ගායනය -  Centigradz
පද රචනය -  සජිත් දිල්පහන්
සංගීතය - තුසිත නිරෝෂන්

Friday, August 17, 2012

Ma Dasa Na Nidi - Dinesh Tharanga

මා දෑස නෑ නිදී


මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී //
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා

ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ..........................

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ

ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී................ 

To Download mp3 click here



ගායනය - දිනේෂ් තරංග
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා


Thursday, July 19, 2012

Sinasenna bane (hangum math kala) - Romesh sugathapala

සිනාසෙන්න බෑනේ

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගේ නිවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ ///




To Download mp3 click here

ගායනය - රොමේෂ් සුගතපාල



Followers