Pages - Menu

Earn Money Online

Saturday, November 3, 2012

Raththaran Mage - Damith Asanka, Ashanthi

 රත්තරන් මාගේ


රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ

හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ  වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්  වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ  රස නොයිදුල් දීගේ
හීනෙන්  දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා


රත්තරන් මාගේ...........................

නාදල්ලේ  පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි  හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා


රත්තරන් මාගේ...........................

To Download mp3 click here 

ගායනය - අශාන්ති සහ දමිත් අසංක
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා

2 comments:

  1. ගොඩක් ලස්සන සින්දුවක්...!!
    ඇත්තටම දමිත්ගෙයි අශාන්තිගෙයි වොයිස් නියමෙට ගැලපෙනවා..
    නියමයි..!
    lyricz වලට ගොඩක් ස්තුතියි..!!

    frm
    GoldsonglK

    ReplyDelete

Followers