Pages - Menu

Earn Money Online

Friday, December 6, 2013

Athul Hithe (Amma) - Asanka Priyamantha Pieris

ඇතුල් හිතේ (අම්මා)

ඇතුල් හිතේ හිත පතුලෙම පරිස්සමින් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කරපින්නා
නැලවිල්ලෙන් ආත්මයම උණුහුම් කළ අම්මා මගේ අම්මා

වචන රහිත දිගම ප්‍රේම ගීය කණේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
නැති බැරිකම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා

ඇතුල් හිතේ......................

හරි ම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විඳිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා
ආත්මය ම හැදුවේ අම්මා

ඇතුල් හිතේ......................


To Download the mp3 Click Here 


ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

Thursday, December 5, 2013

Premalingane - Dayasiri Jayasekara

ප්‍රේමාලින්ගනේ

ප්‍රේමාලින්ගනේ නිල් පාට ඇස් ඇයි හිනැහුනේ
හීනෙන්ම මුළු රෑම ඔබ ලංවුනේ //

උන්මාද ආදරේ ඉවසන්න බෑ අනේ
කිමිදෙන්න හැඟුමන් විලේ
සන්සාර මාවතේ තනිවෙන්න බෑ අනේ
ඉගිලෙන්න හද මාලිගේ
සෝතාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ

ප්‍රේමාලින්ගනේ......................

නෙතු කී කතන්දරේ කවිකාර මන්තරේ
මුමුනන්න හෙමින් සැරේ
අර පේන අම්බරේ පාවෙමු නිරන්තරේ 
නැහැවෙන්න සඳ කැන් හදේ
සෝතාප දුරලන්න ජීවිතේ
ඔබ ඉන්න නෙතු ගාව මායිමේ

ප්‍රේමාලින්ගනේ......................

To Download the mp3 click here 


ගායනය - දයාසිරි ජයසේකර

Saturday, October 12, 2013

Adarema Geethayak - Kasun Kalhara

අදරේම ගීතයක්


නුඹ ළඟ මගෙ හිත රැඳුණාට
දින දින දින දැන් ගෙවුණාට
පණ නළ වගේ ඔබ ළඟ මගේ
මගේ හිත මගේ හිත රැඳුනාට

අදරේම ගීතයක්
ආත්මයේ සංගීතයක්
අදරේම ගීතයක් වගේ  //

පෙර වාගේ හවසක
හැකි වුණොත් දවසක
හමු වෙලා ලං වෙලා
ලං වෙලා
ඉන්නට දවසෙම ලංවීලා
ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා

අදරේම ගීතයක් ................

නුඹ නොමැති දවසක
හෙට ඇවිත් කුමටද
වැළපිලා වැළපිලා වෙන් වෙලා
බොරුවට කුමටද දුක් වීලා
නූපන් හෙට දින ගැන හිතලා

අදරේම ගීතයක් ..............

To Download mp3 click here

ගායනය - කසුන් කල්හාර

Friday, August 9, 2013

Mal Mada Hasa Peedena - Randir Ft Bathiya & Umaria

මල් මද හාස පීදෙනා

මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස  පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා

ඇය  මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවෙ සංසාරේ 
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ  පෙමින් ලං වීලා


මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස  පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා

රුව දැක ඈගේ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා


මල් මද හාස පීදෙනා.........

To Download mp3 click here  

ගායනය - රන්දීර් & භාතිය


Sunday, July 28, 2013

Alawantna Neth Vida - Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා

ආලවන්ත නෙත් විදා
මන්දහාස නංවලා
සඳ කින්නරී සුන්දරී
මුතු පළස මත දිදුලනා
මන බන්දිනී නන්දිනී

මුතු පළස මත හිනැහෙනා

සඳ කැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගව්මකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරු නෙත් වසා
මතකයි තවත් අපි හිනැහුනා

මතකයි තවත් ඔයා හිනැහුනා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කල හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි

මතකයි  තවත් ඔයා හිටි හැටී

ආලවන්ත නෙත් විදා...


To Download mp3 click here 

ගායනය - දයාසිරි ජයසේකර

Saturday, July 13, 2013

Kandulu Pirila - Udaya Sri

කඳුළු පිරිලා

කඳුළු පිරිලා දෙනෙත තෙමිලා සිනිදු හිත පෑරිලා
ඔබම සොයලා රැයම ගෙවිලා සිහින අවතැන්වෙලා
හමුවන්න බෑ ඔයා සැඟවී මෙදා
තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා

රතුපාට වෙරළේ පා පොඩි තියා
පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
හැබැහින්ද කිව්වේ ඔබ මගේ තමා
තාමත් අතීතේ මා නැවතිලා

යළි නොඑන සෙනෙහේ මග හමුවෙලා
මට ගැයුව ගීතේ ඔහු හා ගයා
හිතකින්ද යන්නේ ඔබ හිනැහිලා
තාමත් අතීතේ මා නැවතිලා

To Download mp3 click here 

ගායනය - උදය ශ්‍රී

Saturday, June 8, 2013

Ayeth Handanna - Theekshana Anuradha


ආයෙත් හඬන්න 

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
 

ආඩම්බර රුව දැකලා සිත අයෙත් උමතුවෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්වත් කථා
අපේම ලොවේදි අපි මුන ගැසේවී සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා

 
ආයෙත් හඬන්න......................................................

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
අපේම ලොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා



ආයෙත් හඬන්............................................................ 

To Download MP3 Click Here 
 


ගායනය - තීක්ෂණ අනුරාධ

Saturday, May 11, 2013

Lan Lan Wela Sithin Ma - Noel Raj

ලං ලං වෙලා සිතින් මා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසේ ගියේදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

දුප්පත් කතාවෝ ඇති ළයේ ‍රැස් වෙලා
අහලා බලන්න ඒවා මතකද කියාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

ලං ලං වෙලා සිතින් මා හොර රහසේ ගොළුවෙලා ....



To Download mp3 click here



ගායනය : නොයෙල් රාජ්

Saturday, April 27, 2013

Me Ma Handwala - Peshala Ft Kona

මේ මා හඬවලා

මේ මා හඬවලා හැරදා වෙන්වීලා
මට අදහන්න බෑ තාම මේ වේදනා
දුන්නේ කවුරුන්ද  ඔයාමද කියා // 


සිහින මා හදේහී ගොඩ ගැහිලා
මතක රැස් කළා මා කඳුලට වෙලා
පාළුව දැනේ මේ මතකේ කතාවේ
සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ
ආදරෙයි  මා දිවිතෙක් සදා සෙනෙහේ පැතුම් විකීලා
මේ මා හඬවලා හැරදා වෙන්වීලා

අඳුර අතරේ මාව තවලා 
ඔබ ගියත් ඔහු වෙතට ඇදිලා
තාම සිහිවෙයි ඒ අතීතේ 
මියෙන තුරු මා ආදරෙයි 

මේ මා හඬවලා.................

To Download mp3 click here  


ගායනය - පේෂල

  

Saturday, April 13, 2013

Suranganwee Mage - Ruwan Hettiarachchi

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා

සුරංගනාවී මගේ හඳක් වගේ පායලා
හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා //

සිනාසෙන්න ආදරෙන් ඉහේ මල් පිපෙයි මගේ
හිතින් වින්ද වේදනා කොහේදෝ ගියේ ලඳේ //
මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

මගේ පුංචි පැල්පතේ පහනමයි ඔයා සඳේ
නිවී යන්න දෙන්නෙ නෑ දිව්රමී සදා

මේ තරම් හීනයක්‌ නෑ ඉතිං ලං වෙලා
සත්තමයි  ආදරේ තටු අරං ඉගිලිලා
රෑ  ගොම්මනේ ගුලිවෙලා තනි වෙමින්
මේ ආදරේ විඳමූ සුන්දරී

සුරංගනාවී මගේ..........................

To Download mp3 click here  
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - රාජ්

Saturday, April 6, 2013

Manamalayi Adareth Numba Tharam - Samitha Mudunkotuwa

මනමාලයි ආදරෙත් නුඹ තරම්

පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින්
ජීවිතේ හීනයක්‌ මමදෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලඟින් 
දඟකාරකම් හිත තියන් 
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින්
නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා හුස්ම වැටෙනා දුරින්

නුපුරුදම ආදරේ එක හිතට යා කරන් 
නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් 
තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම්


පාවෙලා කෝඩු ආකාසේ......................

To Download mp3 click here 

ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - රචිත වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Sunday, March 10, 2013

Malsara Heesarin - Shashika Nisansala

මල්සර හීසරින්

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
රිංගා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන්
දෙනවාද මා හට දෙනවාද මට ආදරේ

මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි
ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන
පාර මැද ඉන්නම් ඔබට ලංවී

හදේ දොරටුව ලඟට ඇවිදින්
සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ
වසර ගණනක් පෙරුම් පුරලා
ලැබූ මන්දීරේ මටම හිමිවූ


මල්සර හීසරින්.........................

To Download mp3 click here  



ගායනය - ශෂිකා නිසංසලා


Saturday, March 9, 2013

Obata Nohaka (Mal Devata) Centigradz

ඔබට නොහැක

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත

අතැගිලි නොබදෙන තිත බැදි 

සෙනෙහස සසර පුරා ලග ඉන්න ඇති
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමු වී වෙන් වී යන්න ඇති

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට
එකම සදේ සද එලිය දකිනකොට
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප
හිනහෙමු කදුලැලි සහවා හිත යට


ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්

Wednesday, February 27, 2013

Oya Hinda - Chandrasena Hettiarachchi

ඔයා හින්දා

ඔයා හින්දා මං වින්දා දුක් ගංගා 
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ  කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී
ලඟින් ඈ දුරස් වී

මා  ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ  පියමැන්න කාලයේ
මතකය  ගෙනෙනා ආදරේ පිරිලා
පාලු ගොඩගැහුනා ජීවිතේ 
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................

කාලය  ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ බවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා  දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ

ඔයා හින්දා................................




To Download mp3 click here








ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Ma Deneth Piyawila - Saranga Disasekara

මා දෙනෙත් පියවීලා  

මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //

තුරුලේ  නැළවී එදා
කීව පෙම් ගී කතා
සුඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා

මා දෙනෙත් පියවීලා ........

ලදළු මල් පෙති පවා
මිහිමතේ  සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා

මා දෙනෙත් පියවීලා ........

To Download mp3 click here  



ගායනය - සාරංග දිසාසේකර
පද රචනය - නලින් ද සිල්වා
සංගීතය - සංඛ දිනෙත්

Wednesday, February 20, 2013

Hanganna Bariwewi Adare - Amal Perera & Devashree

හංගන්න බැරි වේවි ආදරේ


හංගන්න බැරි වේවි ආදරේ
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්
රිංගන්න හිතුවාට හිරිපොද මැදින්
දඟලන්න තහනම් මේ පපු පහසේ දී නම් //

ජීවිතේ හරි නොසන්සුන්
ඒ හින්දාම සිහසුන්ව ඉන්නම්
ආදරේ ඒ වග කියාවී
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං

ලාමක් මද නල මග පෙන්වනකන් හීන් හඬින්
මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන්
කුඩළු මල් පන එපා වෙලා පරවී යනකන්
හිතළු කතා කියා කියා ඉමූ රෑ එලිවෙද්දින්

ආදරේ හරි නොසන්සුන්
ඒ හින්දාම සංසුන්ව ඉන්නම්
ජීවිතේ රඟ දැනේවී 
ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං

To Download mp3 click here  



ගායනය - අමල් පෙරේරා & දේවශ්‍රී

Friday, February 1, 2013

Adara Mal Wala - Kasun & Indrachapa

ආදර මල් වල


ආදර මල් වල පාට කියන්නද
ඒ වගේ ලස්සන තව නෑ
ඒ වගේ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් ක
සමනල් සිහිනය පිපුනා
සමනල් සිහිනය පිපුනා

දේදුණු රේඛා දෑසම තවරා
තවමත් මල් සි බලා සිටිනවා
මීදුම් තවරා සුළඟ
ඈතක සවා තුන් සිත
දෑස හොරෙන් ඈත සොයනවා
අඳුර මැදින් එන්න සදලියේ


දේදුණු සායම දෑසම බොඳ කර
මාලති යායක හැලිලා
මාලති යායක හැලිලා
සීතල හිම කඳු යාය පියමැන
දෙව්ලිය සිහිනෙ වැඩියා
දෙව්ලිය සිහිනෙට වැඩියා


  To Download mp3 click here


ගායනය-කසුන් සහ ඉන්ද්‍රචාප

Sanda Sanda wage - Kasun Kalhara

සඳ සඳ වගේ

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ


To Download mp3 click here  
ගායනය - කසුන් කල්හාර


Thursday, January 31, 2013

Thanikama Huru Denetha Pura - Udaya Sri

තනිකම හුරු දෙනෙත පුරා


තනිකම හුරු දෙනෙත පුරා
උණු කදුළැලි රූරා ගියා
ඔබ නෑ නෙත් මානේ
හමුවේවිද ආයේ //

සිතු පැතුමක කදුළු තියා
මට නොකියම ඉවත ගියා
හිමි දුක පිස දමමි කියා
සමනළියක් තුරුළු වුනා
ම‍හදේ ගලනා
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ

තනිකම හුරු දෙනෙත පුරා...................

තනි වුනු දුක මගෙම වෙලා
දින එක එක ගෙවිලා ගියා
ඔබ ආවත් සිනහ වෙලා
මගෙ හිත සනසන්න කියා
ම‍හදේ ගලනා
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ
මේ දුක තාම ඔබ ‍දන්නේ නෑ

තනිකම හුරු දෙනෙත පුරා............... 

To Download mp3 click here  

 

ගායනය - උදය ශ්‍රී
පද රචනය -කසුන් ප්‍රීමල්
සංගීතය - සඳරුවන් ජයසිංහ

Hitha Dura Handa - Athama Liyanage

 හිත දුර හන්දා

හිත දුර හන්දා නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත පෑහින්දා
අරුත කියන සෙනෙහේ

නුඹම වේද මන්දා //

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා ..........................

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඬවෙන හිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා

හිත දුර හන්දා ...//


To Download mp3 click here 



ගායනය :- ආත්මා ලියනගේ
පද රචනය :- රාචිත්‍ර වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුණගේ


Sunday, January 13, 2013

Sitha Mage Handuwa(Sitha mage Riduna) - Damith Asanka /There Bina Sinhala Version

 සිත මගේ රිදුනා

සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ

ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා
ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ
ඔබෙ ආදරේ සොයලා


ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා
ආදරේ බිඳ දමා //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා

මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ
ඔබට මා ආදරෙයි //

ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා
ඔබ මා හැර ගියදා


To Download mp3 click here   



Saturday, January 5, 2013

Susum Lamin Mage Diha - Karunarathna Divulgane

 සුසුම් ලමින් මගේ දිහා


සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //
 

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
ලි මදසක් හෙලා 

ලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කත් කිරිල්ලී මට අගෙයි

සුසුම් ලමින් මගේ දිහා

අමනාපෙන් බලයි ..........

To Download mp3 click here 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Followers