Pages - Menu

Earn Money Online

Saturday, May 30, 2015

Hadawatha Gahena - Viraj perera

හදවත ගැහෙනා 

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව
අපි දුර ඇදිලා

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා

රෑ අහසේ තරු
නෑ දැන්  හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ

දුන් අදරේම ජීවිතේ වෙලා

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ
දුන් අදරේම ජිවිතේ වෙලා


Mp3 Download 

ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
 ගායනය - විරාජ් පෙරේරා

Thursday, April 2, 2015

Sithata Hora - Rahal Alwis

සිතට හොරා

සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
කඳුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

මියදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ පෑයු සඳ සාවී
අද රෑ මගේ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ

සිතට හොරා මං ඔබේ වෙලා දැන්............



ගායනය - රහල් අල්විස්

MP3 Download


Hith Pura Lanwela - Jananath Warakagoda

හිත් පුරා ලං වෙලා

හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනූ
ආදරේ හොරු අරං මතකයන් මියදුනූ
මං නුඹගේලූ නුඹ මගෙන් දුරමලූ
ඇස් පියනකන් හදවතින් ලංවෙමු

අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා
කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගෙනා
පපුතුරුල්ලේ දෙතොල් සක්මන් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නිදැල්ලේ කඳුළු ආවත් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

හිත් පුරා ලං වෙලා........

ගායනය - ජනනාත් වරකාගොඩ  

MP3 Download


Mal Kadala - Sangeeth Wijesooriya


මල් කඩාලා මාල ගොතලා

මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා 


නොවෙනස් වෙලා ඉන්නම් කියා මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා


මල් කඩාලා මාල ගොතලා...............

සිහිසුන් කළා වෙන්වී ඔයා මගෙ සිහින මට නැති කළා

අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා

මල් කඩාලා මාල ගොතලා...............

ගායනය - සංගීත් විජේසූරිය  

MP3 Download


Oya Ekka Durak Yanna - Kasun Chamikara

ඔයා එක්ක දුරක් යන්න

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා

ආදරයෙන් හිමිවවීම මට හිමි නැතිව ඇතී
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇතී
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැතී
ඒ හින්දා වෙන් වෙන්නැතී ඔබ මාව හැර යන්නැතී

තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා….....


ගායනය - කසුන් චාමිකර

MP3 Download


Wednesday, January 7, 2015

Dura Atha Sulangeda - Uresha & Udaya Sri

දුර ඈත සුලඟේද

දුර ඈත සුලඟේද පාවී හමන්නේ
උපනූපන් හැම වාරයේ
මුදු සීත
සුවඳේද මුසුවී දැනෙන්නේ
සංසාර ආරන්යයේ

බිඟු ගායනා සොයා මේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ

ප්‍රියයානනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ 
මේ විහඟ ගී ගායනා

ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උනුහුම පිරේ පෙම්සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොදුරු සන්ගායනා

දුර ඈත සුලඟේද පාවී හමන්නේ........

MP3 Download 



ගායනය - උරේෂා රවිහාරි & උදය ශ්‍රී

Monday, January 5, 2015

Saba Nowena Heena Hari Mihiri - Kasun Kalhara

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි


MP3 Download



ගායනය - කසුන් කල්හාර
සංගීතය - නාලක අංජන කුමාර
පද - නයනසේන වන්නිනායක

Saptha Swarayai - Roony

සප්ත ස්වරයයි

නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි මල් මතින් වඩිනු දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා බිඟුන් බමනා ඈ වටා
ඇගේ නිකිණි සිනහ මල් කිණිති සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
රණ තිසරු රුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි සුවඳ හමනා
සප්ත ස්වරයයි ඈ සුවඳ හමනා

හිත පුරා විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු දෑස අබියස නැවතිලා
ඇගේ නිකිණි සිනහ මල්........


මෙපුර සුරඹ නද විඳිමි විඳිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි තෙමෙනවා මා ආදරෙන්
ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට දැනෙන දැනෙන හැඟුමන්
මුදු සුමුදු සුවැති ඇගෙ ලකල් ළමැදේ මම සිහින සිහින වින්දෙම්
සප්ත ස්වරයයි...සුවඳ හමනා...
සප්ත ස්වරයයි ඈ... සුවඳ හමනා...


mp3 Download




Artist  - Indika Ruwan (Roony)
Lyrics - Hasitha Vithanage
Music - Nayana Karunanayake

Saturday, January 3, 2015

Obata witharai - Jude Rogans

 ඔබට විතරයි මා පෙම් කලේ

ඔබට විතරයි මා පෙම් කලේ
ඔයා ලැබුනත් නැතත් //
වෙනකෙක් පතන් නෑ 
ඔබව හැරනම් හීනෙන් වත්
තවකෙකුගේ වෙන් නෑ 
රත්තරනේ කවදාවත්
ඔබට විතරයි මා පෙම් කලේ 
ඔයා ලැබුනත් නැතත්

හිත ශෝකයෙන් දවනා
වෙනසක් ඔබේ දුටුවා 
ආදරේ කලත් කොතෙක් මා 
ඔයා වෙනස් වෙලා  // 
ඔබට විතරයි මා පෙම් කලේ 
ඔයා ලැබුනත් නැතත්

මගේ තැන වෙනකෙක් ගෙනදෝ
දැන් මා එපා වෙලාදෝ 
ඔබ නොලැබුනෝතින් මටනම්
මටත් මාව නම් එපා  

ඔබට විතරයි...................


 MP3 Download




Artist - Jude Rogans
Music - Sumudu Watareka
Lyrics - Dilan Gamage

Followers