Pages - Menu

Earn Money Online

Showing posts with label Karunarathna Divulgane. Show all posts
Showing posts with label Karunarathna Divulgane. Show all posts

Saturday, January 27, 2018

Oba Ma Hamuwuna - Karunarathna Divulgane

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට..........

කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට.............


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Sulanga Numba Wage - Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි





සුළඟ නුඹ වගේ..................

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - යමුනා මාලිනි පෙරේරා
සංගීතය - ගුණදාස කපුගේ

Oba Dannawa Nam Eka Kandulu Bindak - Karunarathna Divulgane

🌻

ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්

 
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්
සිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවා නම්

ඔබ දන්නවා නම්...........

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවා නම්...........

ගායනය  - කරුණාරත්න දිවුල්ගනේ

Saturday, January 5, 2013

Susum Lamin Mage Diha - Karunarathna Divulgane

 සුසුම් ලමින් මගේ දිහා


සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //
 

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි
ලි මදසක් හෙලා 

ලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී //

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි
අහිංසකයි රණ්ඩු කත් කිරිල්ලී මට අගෙයි

සුසුම් ලමින් මගේ දිහා

අමනාපෙන් බලයි ..........

To Download mp3 click here 

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Wednesday, February 15, 2012

Mudu Muhune - Deepika Priyadarshani & Karunarathna Divulgane

මුදු මුහුණේ



මුදු මුහුණේ සුව දැනුනේ
පිය ලඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැනුනේ
හිමි සඳුනේ මට විතරද //

පුළුලුකුලේ සුව යහනේ
නිදි වැරුවේ මන් විතරද //
උර තලයේ හිස රන්දා

සුව වින්දේ මන් විතරද


මුදු මුහුණේ ..............


ඉඟ නෙරියේ රැළි බින්දේ
පිය ලඳුනේ මන් විතරද //
ඉඟ නෙරියේ රැළි සැදුවේ

හිමි සඳුනේ මගෙ විතරද


මුදු මුහුණේ ..............



To Download The mp3 click here.





ගායනය - දීපිකා ප්‍රියදර්ශණී / කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය- මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ

Gahaka Mal Pipila - Karunarathna Divulgane

ගහක මල් පිපිලා



ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ

ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුනේ කීමයි මා
තවම නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

කතරෙ වැලි කැට හිරුට පෙම්බැඳ
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස

ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම්


ගහක මල් පිපිලා......................


සඳට සදහට සෙනෙහෙ පෑමුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳී එකද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්

ගහක මල් පිපිලා......................


To Download The mp3 click here.





ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
පද රචනය - යමුනා මාලනී පෙරේරා
තනුව - ගුණදාස කපුගේ

Monday, February 13, 2012

Asata Asuwana - Karunarathna Divulgane

ඇසට අසුවන



ඇසට අසුවන මායිමේ
බඹර සැණකෙළි මල් විලේ
ලසෝ ලැව් ගිනි ඇවුලුණා සිත
ඔබ මගෙන් වෙන්වූ දිනේ //

සියපතක් මත විසුල පිනිකැට
සැඩ සුළං වැද සර සරින් හෙත //
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගේ සිහියට


ඇසට අසුවන ................................

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමනයුරු දැක //
ඔබේ ලවනත සැදුණු මී විත
මත්කළා මතකයි මගේ සිත

ඇසට අසුවන ................................



To Download The mp3 click here.







ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ

Tuesday, February 7, 2012

Gamata Kalin - Karunarathna Divulgane

ගමට කලින් 

ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
නෙත නෑ නිදි විඳගන්නේ


හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මහමායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ

වෙල් දෙනිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා
බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා

මතු උපදින සසරේ විශාඛාව වී
මෙත් මඟ නෙත් හමුවේවා
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා

ගමට කලින් ...................





To Download The mp3 click here.




ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් කෝනාර
සංගීතය - 
 සුනිල් කෝනාර

Adaraya Sundara Waradaki - Karunarathna Divulgane

ආදරය සුන්දර වරදකි



ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති //

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යළී
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි............

පුළුලුර තලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර තලා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි............



To Download The mp3 click here.


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය -
සංගීතය -  

Saturday, February 4, 2012

Pivithuruya Palamu Pema - Karunarathna Divulgane

පිවිතුරුය පළමු පෙම



පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ... සුදු හාමිනේ
තනිකඩය තවම මම //

වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා
මල් යාය බඹර ගී හඬ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා

පිවිතුරුය පළමු පෙම...............

කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කළා
අවර ගිර තරු වැටින් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා

පිවිතුරුය පළමු පෙම...............



To Download The mp3 click here.  





ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ

Friday, February 3, 2012

Amma kenek ( Iparani Pemwathi ) - Karunarathna Divulgane

අම්මා කෙනෙක් (ඉපැරණි පෙම්වතී )



අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුනාවේ

අම්මා කෙනෙක්..............

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරී තාම හිත යට
පරවුනත් මල අතීතේ
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක්..............



To Download The mp3 click here.








ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ

Followers