Pages - Menu

Earn Money Online

Tuesday, June 26, 2012

Hitha Mage Alawanthai - Kasun Primal & Thrishala Wijetunga

හිත මාගේ ආලවන්තයි



නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි
පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි

හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මාගේ හීනෙම නවතින්න

මාගේ සිහිනේ //
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ
සිහින තරු විලේ මගේ හිත තනි වේ
ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනි වේ
හිත තනි වේ


එන්න හීනෙන් වත් ඔබ එන්න...............



To Download mp3 click here




ගායනය - කසුන් ප්‍රිමාල්

Sunday, June 24, 2012

Neela Sindu diya ( Suba Tele Darama ) - Shashika Nisansala & Dinesh Subasinghe

නීල සිඳු දිය 


නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ
ප්‍රාර්ථනා රැළි පිසේ විසිර යලි සැඟවෙයි ආදරේ
සීත සුව දෙන පවන වාගෙමයි ආදරේ ආදරේ
ප්‍රාර්ථනා සුවඳ දී නිහඬ සිත පුබුදයි ආදරේ

කොහේදෝ දුර නිම් තේරෙන් නැග සෙමින් ලං වන්නේ
යෞවනේ පෙන මල් පියලි ගෙන වෙරල සිප ගන්නේ
සිනාසී හැඩ මල් වියන් පිස ලඟින් දැවටෙන්නේ
මල් සමේ සඳටත් සිසිලමයි හදට කැඳවන්නේ

කියා ගනු බැරී සිතා ගනු බැරී ගීතයක්දෝ මේ
නුහුරු නුපුරුදු නුහුරු නුපුරුදු හීනයක්දෝ මේ
නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ


To Download mp3 click here




ගායනය - ශෂික & දිනේෂ්

Tuesday, June 19, 2012

Tharu Werale - Gayantha & Damith

තරු වෙරළේ

තරු වෙරළේ සඳවත සේ
හිත් අහසේ ඔබ පායා උන්නා
හිනැහෙමු ඒ පුර හඳ සේ
මගෙ මිතුරේ නෙත් කඳුළු පිසදා

මල් පිපිලා ඇස් මානේ නෙක පැහැයෙන් පුරවා
හිතට දැනුනා හිත් පතුලට මල් සුවඳක් එබුනා
හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් තිබ්බා
සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

මගෙ ලඟ ඉදන් ලොකු ඇස් පියන්

වස්සාවී හිත් යායේ වරුසා


මිතුරේ මගේ නිල්මල් හීනේ
සුරකීවා ඔය දෑස වගේ//


To Download mp3 click here




ගායනය - ගයන්ත & දමිත්

Wednesday, June 13, 2012

Sandak Wenna bari Nam - Imasha Muthukumari

සඳක් වෙන්න බැරි නම්


සඳක් වෙන්න බැරි නම් නුඹ හට
ඉරක් වෙන්න හැකිදෝ මා හට
වෙහෙස දැනෙන මේ ජීවිතේ
වැවක් වෙන්න බැරි තැන නුඹ හට
ඇයිද කීවේ වෙන්න නිල් දිය
දුකක් ඉතිරි මේ ජීවිතේ //

සීත සෘතුවකට වෙලා
මිය යන්න නම් එපා
පෙම් කවක් ලියන්න ආසයි මට තවත්
සෘතුවක් ඇතත් නැතත්
හුස්ම ලන මගේ සිතුම්
පණ ගසයි ඔබේ දෙපා මුල වැටී


සඳක් වෙන්න බැරි නම්............ 


මා නොමැති හෙටක් ඇතත්
පිපෙන මල් යළිත් පපේ
හිරු එළිය ඇවිත් තව දවසක් උදාවී
හමනා ඒ සුළං රැළිත්
නෙත් කොනින් ළඟින් හමයි
නෙතු අගින් වැටෙන ඒ කඳුලැල් සීතලයි

සඳක් වෙන්න බැරි නම්..............

To Download mp3 click here



ගායනය -  ඉමාෂා මුතුකුමාරි
පද රචනය - මනුරංග විජේසේකර
සංගීතය -   දිලුම් තේජන

Monday, June 11, 2012

Sithe Susum niwana Gayana - Clarence Wijewardena & Jackson Anthony

සිතේ සුසුම් නිවනා ගායනා



සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා //

නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ

මතක ලෝකේ දුක් නිමාවේ


සිතේ සුසුම් නිවනා.............


යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ

අඳුරුවී එය නිවී යන්නේ


සිතේ සුසුම් නිවනා.................



To Download mp3 click here


Remake by Sanka Dineth
To download the remake click here




ගායනය - ක්ලැරන්ස් විජේවර්දන & ජැක්සන් ඇන්තනී
පද රචනය -
සංගීතය - 

Hirimal Hinawaka - Nimesha Gamage

හිරිමල් හිනාවක ඇවිදින්



හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරය ලගම මං ගිහින් නවතලා
ජිවිතේ පැතුම හීනයේ තවරලා

සංසාර මාවතේ දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ හිත ලියවිලා
මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා

හිරිමල් හිනාවක ඇවිදින්................

දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා
මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා


හිරිමල් හිනාවක ඇවිදින්................


To Download mp3 click here






ගායනය - නිමේෂා ගමගේ
 පද රචනය -  රචිත්‍රා වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Thursday, June 7, 2012

Sudu pichcha Mal Hina - Theekshana Anuradha & Sewwandi Ranathunga

සුදු පිච්ච මල් හිනා


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන 
සොඳුරු වදකාරී ලු මං ආදරේ ඉල්ලන 

ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි //

සුදු සඳ එලියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා............................... හා හා
ඔබේ නෙතු කැල්මට නොපිපෙද පෙම් මල් 
සිත පුරා.......................... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්
ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කළඹන සුළඟක් වාගේ
නිදිවරා...................... හා හා
හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා..........................හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්
ඉවසන්නේ කොහොමද මං  


සුදු පිච්ච මල් හිනා........... 



To Download mp3 click here




ගායනය - තීක්ෂණ & සෙව්වන්දි
පද රචනය -
සංගීතය - බන්දුල ගුණවර්ධන

Tuesday, June 5, 2012

Idoraye Nagara Kone(Pransha Yuwathiyan) - Amal Perera

ඉඩෝරයේ නගර කොනේ



ඉඩෝරයේ නගර කොනේ අයිපල් සීමාවේ
ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොන අරන් අරන්
ලිලී මල් සුලන් මීදුමෙන් වහන්
මායවී පායාවී පමාවී 

මායවී පායාවී පමාවී 


ප්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගෙ කර පිටින්
යන්න එනව නම් ඇයිද නෙතු පියන්

යන්න එනව නම් ඇයිද නෙතු පියන්

බලා නොයින් තවත් කල් අරන්


ඉඩෝරයේ නගර කොනේ..............


රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්දෝ හෙයින් 

කියන නෙතු පියන් අහනවද ඉතින් 
කියන නෙතු පියන් අහනවද ඉතින් 

ශ්වේත වර්ණ කරලියේ ඉඳන්


ඉඩෝරයේ නගර කොනේ............//



To Download mp3 click here






ගායනය - අමල් පෙරේරා
පද රචනය - රුවන් නන්දික
 සංගීතය - කසුන් කල්හාර

Nodaka Inna Ba - Ruwan Hettiarachchi

නොදැක ඉන්න බෑ


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ //

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා
මා හැරදමා සිහිවෙනවා
ඔබ කී කතා මුළු රෑ පුරා

මතකේ දරා විඳිමි සදා
මතකේ දරා විඳිමි සදා


මිහිඳුම් වළා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජා කලා
අඳුරේ තියා සඟවා දමා
මේ වේදනා යළි එනතුරා

දිවියේ පුරා ඉඳිමී බලා

නොදැක ඉන්න බෑ..................

To Download mp3 click here





ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය -සජිත් ප්‍රනාන්දු
සංගීතය -



Friday, June 1, 2012

Ma handana kadulu gala - Nanda Malani

මා හඩනා කදුලු ගලා



මා හඩනා කදුලු ගලා
සැදුනු කදුලු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුනේ ඇයි සිනාසුනේ ඇයි

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුලු නේද
මලක මෙලක තිබුනු හදක්‌
ගලක්‌ කලේ ඇයි ගලක්‌ කලේ ඇයි

සියුමැලි හද රිදවන්නට
හද රිදවා හිනහෙන්නට
ඔබ නොපෙලූ අසරණ මට

සතුරු වුනේ ඇයි සතුරු වුනේ ඇයි


මා හඬනා කදුලු ගලා.............


To Download mp3 click here


ගායනය - නන්දා මාලනී
පද රචනය -
සංගීතය -

Followers