Pages - Menu

Earn Money Online

Saturday, February 10, 2018

Pama Wela Muna Gasunu Nisa - Damith Asanka

පමා වෙලා මුණ ගැහුණු නිසා

පමා වෙලා මුණ ගැහුණු නිසා
දරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පන වෙලා නිසා

කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකං
හුස්ම මගෙ ඔයා .....................

පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමු වෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා




ගායනය - දමිත් අසංක

Sunday, January 28, 2018

Raa Sihine Ma - Sanka Dineth

රෑ සිහිනේ මා

රෑ.....රෑ සිහිනේ මා මායාවේ පෑ  සේයාවී ඈ
ඈ.... මදහාස පා  දැහැනේ බිඳී ආදරේ පෑ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා  හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා  අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා......මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ......ඒ රැයම මා සිටියේ නුඹේ
යහනේ ළදේ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ //

සනසාවී මා හා........................

ඔය බඹසරට සිත බැඳිලා......................



ගායනය : සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්

Sihinayak (Raya Pahan Kala) - Nadeeka Jayawaradane


රැය පහන් කළා ඔබ ගැන සිතමින් (සිහිනයක්)

රැය පහන් කළා ඔබ ගැන සිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත සැනසෙවි

පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි
තාමත් මට මතකයි
වෙරල දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

ගායනය - නදීක ජයවර්ධන

Mata Kiyanna - Nadeeka Jayawaradane

මට කියන්න හැම දෙයක්ම

මට කියන්න හැම දෙයක්ම
සිතේ තියනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුල
මෙනෙහි කරමින් අඳුරු සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකිවේද සිතනු රිසින්

මට කියන්න....................

දුක රැඳෙයි හැම දිනක්ම
නෙතු අගින් කඳුලෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොදඳුර
පුදමී දෝතින් වසන්තය

මට කියන්න......................





‍‍‍‍ගායනය : නදීක ජයවර්ධන
පද රචනය : තාරක හේරත්
සංගීතය : රංග දසනායක

Kiyanna Kiyanna - Nadeeka Jayawaradane

කියන්න කියන්න

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ
කියන්න කියන්න
ඇති සැම දේ රිසි සේ

හද පුරා ආදරේ
ඔබටයි ඉඩ හදවතේ
දිස්වෙයි මුතුවන් සිනා
දෙනුවන් යුග ළඟ මගේ
මන්මත් සිත පුරා
කැළඹෙයි වේදනා හැඟුම්
නොදැනී ඒ ඇසිල්ලේ
කියවෙයි ඔබෙ නම හොරෙන්

කියන්න කියන්න
හද රැඳි දේ මා සමගේ

නිදිවරා ජීවිතේ
මා ගෙතූ ගීතයේ
දැවටෙයි ඔබ කී වදන්
දෙසවන් යුග ළඟ මගේ
සුදුවන් පිටු පුරා
බිහිවෙයි ගී ඔබේ නමින්
නොසිතා ඒ පිටු කොනේ
ලියැවෙයී ඔබ නම හොරෙන්

කියන්න කියන්න.................

ගායනය - නදීක ජයවර්ධන

Perawadanak Nathi - Nadeeka Jayawardane

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට
මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව ගයනා ගීයට
විරාමයක් දේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

එක සෘතුවකට පසුව
නව සෘතුවක් පැමිණේ නම්
ගහ කොල මල් දළු ලා යායට
අලුතින් සැරසේ නම්
මට කුමටද තව පසු වදනක් නුඹගෙන්

පෙරවදනක් .................................





ගායනය - නදීක ජයවර්ධන
සංගීතය - කසුන් කල්හාර
ගී පද - චාමින්ද රත්නසූරිය

E pethi (Tablet) - Amila Nidahasa

ඒ පෙති 

ඒ පෙති තොල් පෙති අතරින්
ගලා ඇවිත් මගේ හිස මත වැදුණී
මවා උන්නු ලෝකය බොඳවී
මවක් පුදුම.... නෑ මං නොබනී

රවුල් කෙඳිති වල මිහිරිය
කොපුල් බලා සිටියා මග
කුසයේ බිඳි ඔබේ බත් මිට
ඇකයේ ඉඳ කයි ගුලිකර
කාසි වලට බරක් කියා
අම්ම එක්ක කතා වෙලා
වෙද ඇඳුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා
ඒ පෙති තොල් පෙති අතරින්

කොළඹ හතේ ඉස්කෝලෙක
ඉගෙන ගන්න ඕනිත් නෑ
තරුම හතේ මන්දිර වල
කෑම බීම ඉල්ලන් නෑ
කාසි වලට බරක් කියා
අම්ම එක්ක කතා වෙලා
වෙද ඇඳුරන් හාද කරන්
මම නූපන් දරුවා කළා

ඒ පෙති........................



ගායනය, පද හා සංගීතය - අමිල නිදහස






Perawadanak Wi - Sanuka Wickramasinghe

පෙරවදනක් වී 

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා
තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා
බලා හිඳිමි මතු භවයක හෝ
පසු වදන ලියන්නට එතැයි කියා

පෙරවදනක් වී......................



ගායනය : සනුක වික්‍රමසිංහ
පද රචනය : උමා අසේනි
සංගීතය : සනුක වික්‍රමසිංහ

Saragaye - Sanuka Wickramasinghe

සරාගයේ

නිය රටා මවනවා අපතරේ වූ කතා
රැය පුරා උණුහුමේ මල් පෙති තලා
සයනයක් නිදනවා මේ රැය අපගේ වූ නිසා
ආදරෙන් නග්න වූ හිමිකම් සොයා
උනුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා

සරාගයේ රැයේ පිනිබිඳුවක් වී වැටී
මා සිතේ හිඩසක් මවා
යහන්තලේ වැතිරී
අද තනිකම ඉතිරි වී
සඳ ඇතිරිල්ලේන් වෙලී තනිවුනා

කාමරේ මුළු පුරා
නෙක සලුපිලි තනිවෙලා
මා සිතින් හඬනවා
දෙස බල බලා
මං මුලා වූ සිතින්
මා මල් සුවඳක් විඳිනවා
බැඳීම්ක් ඇති රුවක් හා මා වෙලී

උනුසුම් උදයක................................





ගායනය - සනුක වික්‍රමසිංහ

Chandra Mandale - Sunil Edirisinghe

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ

චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
පාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ

චන්ද්‍ර මණ්ඩලේ........................................



ගායනය - සුනිල් එදිරිසිංහ

Me Tharam Siyumalida Kalugal - Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

මේ තරම්...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා
තවම තනිකඩයැයි කියා

මේ තරම්...




ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : රවි වසන්ත වෙල්ගම
සංගීතය : දර්ශන රුවන් දිසානායක

Meena Nuwan Yuga - Senanayaka Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන


මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ
ගැයු ගී මී බඳුනේ රැඳුණේ

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
කාල වලා නැග එන්නා නබෝ ගැබ
බොඳ වී යයි මුදු වදන් මෙදා
බොඳ වී යයි මුදු වදන් මෙදා


මීන නුවන් යුග කඳුළු සදාගෙන

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බමරින්දූ
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද
මාලවිකා මා බාල ලියේ

මීන නුවන් යුග කඳුළු සදාගෙන...........

ගායනය - සේනානායක වේරලියද්ද

Mage Jeewithe Pura - Senanayaka Weraliyadda

මගේ ජීවිතේ පුරා

මගේ ජීවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
සඟවා තබා ගමී
සඟවා තබා ගමී

සඳ සෙවනේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා //
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ.......................
අද නෑ තාරකාවී
අඳුරෙන් වැසී ගියේ
අඳුරෙන් වැසී ගියේ

මගේ ජීවිතේ පුරා....

සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා //
ඉවසා ගන්නේ කෙලෙසද මා
යළි නෑ..........................
යළි නෑ ආයෙ එන්නේ
වෙනදා වගේ සදා
වෙනදා වගේ සදා

මගේ ජීවිතේ පුරා...

ගායනය : සේනානායක වේරලියද්ද
පද රචනය : ශාන්ත දේශබන්දු
සංගීතය : සේනානායක වේරලියද්ද

Premaye Wil There - Malani Bulathsinhala

ප්‍රේමයේ විල් තෙරේ

ප්‍රේමයේ විල් තෙරේ
යෞවනේ මල් වනේ
ඇසෙන මේ ගී මියුරු රාවේ
සිතක ආරාධනා
ප්‍රේමයේ විල් තෙරේ

සුසුදු හසකැන් සලා
දෑස පෙරුමන් පුරා
පාළුවේ තනි වෙලා
කාටදෝ ඉඟි කලා

ප්‍රේමයේ විල් තෙරේ................

සීත පවනැල් ගලා
නීල තුරු මල් සලා
ආදරෙන් පිබිදිලා
ලෝකයම හිනැහිලා

ප්‍රේමයේ විල් තෙරේ.................




ගායනය - මාලනී බුලත්සිංහල
පද රචනය - කුලරත්න ආරියවංශ
සංගීතය - එච්.එම්. ජයවර්ධන

Kohe Yanneda Kohe Inneda - Bandara Athauda & Malani Bulathsinhala

කොහේ යන්නේද කොහේ ඉන්නේද

කොහේ යන්නේද
කොහේ ඉන්නේද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන් //

මං මුලාවී ජිවිතේ අපි ලංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන් එනතුරා මේ මාවතේ
ගමන් මග විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ලං වෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා ඉඳිමු සිත් සතන් නැති ලෝකයා
පෙම්සුවේ දකිනා තුරා

කොහේ යන්නේද ..............................



ගායනය -බණ්ඩාර අතාවුද සහ මාලනී බුලත්සිංහල

Ruwan Tharaka - Bandara Athauda

රුවන් තාරකා

රුවන් තාරකා
නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී
වේදනා නිවා //

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

රුවන් තාරකා....................

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා...................


ගායනය - බණ්ඩාර අතාවුද

Sithuwili Sirawi - Bandara Athauda

සිතුවිලි සිරවී හදවත පතුලේ

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැල‍පෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ සමුගන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී...........................

මිලාන වූ මල් ඉකිබිඳ වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී

සිතුවිලි සිරවී..........................

ගායනය - බණ්ඩාර අතාවුද

Hiru Wikasitha Wi Miyayana Polowe - Asanka Priyamanmtha Pieris

හිරු විකසිත වී මියයන පොළවේ

හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපී
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී....................

හද මඩලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී.........................

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

Me Guru Pare - W.D. Amaradewa

මේ ගුරු පාරේ

මේ ගුරු පාරේ මේ දොල අයිනේ
අපේ රහස් ඇත සැඟවීලා
අපේ රහස් ඇත ලියැවීලා

පටු මාවත් වල දූවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත //
දොල මත දිදුලන පෙණ පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත

මේ ගුරු පා‍රේ..........................

ඉර හඳ ඇසුවා ඇලදොල දුටුවා
අතිනත් ගෙන අප දෙඩූ කතාබහ //
එනමුදු එදවස් සඟවනු හැකිවේ
ඉරට හඳට ඇල දොලට කතා බැහැ

මේ ගුරු පා‍රේ..........................

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - මහාචාර්ය සනත් නන්දසිරි

Saturday, January 27, 2018

Oba Ma Hamuwuna - Karunarathna Divulgane

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට..........

කඳුළ සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමං කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට.............


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

Nim Him Sewwa Ma Sasare - W.D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේ 

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ලයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැඳුනා

නිම් හිම් සෙව්වා මා සසරේ............

ඉර හඳ සේමා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙලුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ............

ගායනය - පණ්ඩිත් අමරදේව ශූරීන්

Me Maha Kanda (Oba Ma Samaga) - W.D. Amaradewa

මේ මහ කන්ද

ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි
නොකිවූ රහස හද උතුරා වාන් දමයි
මතකයේ සුවඳ තවමත් මා සිතට දැනෙයි


ඔබ මා සමග.....................

ගායනය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය - සුනිල් සරත් පෙරේරා
සංගීතය - පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව 

Kolomthota Natha Mahaluwi - W.D. Amaradewa

කොළොම්තොට නැත මහළු වී

කොළොම්තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ



පෙරුම් පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුණු දෙකොපුලෙන් පිසදා



කොළොම්තොට........

කුඹ ගසක්‌ උඩ නැවතිලා
සිනා තලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක්‌ නැගිලා

කොළොම්තොට.......

ගායනය  - ඩබ්ලිව්. ඩි. අමරදේව
සංගීතය - ගුණදාස කපුගේ
පද - ලුෂන් බුලත්සිංහල

Sulanga Numba Wage - Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එළව එළවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි





සුළඟ නුඹ වගේ..................

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ
පුදුමයක් තමයි

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද - යමුනා මාලිනි පෙරේරා
සංගීතය - ගුණදාස කපුගේ

Oba Dannawa Nam Eka Kandulu Bindak - Karunarathna Divulgane

🌻

ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්

 
ඔබ දන්නවා නම් එක කඳුළු බිඳක්
සිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුල වුනත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්

එක මලක් තනන්නට රුවට රුවින්
ගහ වැල දුක් ගින්දර විඳින තරම්
ඒ පිපෙන මලත් කළු දෙබරු ඇවිත්
විෂ තුඩින් පෙලා රිදවනවා නම්

ඔබ දන්නවා නම්...........

දස මසට වඩා පුරනා පෙරුමන්
ලොව හදන වඩන මව් වරුනි උතුම්
මට කියා දෙන්න ලොව ඇතිද ඉතින්
වෙන අරුතක් මේ ජීවිතය තරම්

ඔබ දන්නවා නම්...........

ගායනය  - කරුණාරත්න දිවුල්ගනේ

Thursday, January 25, 2018

Sandakan Watila - Victor Rathnayake

සඳකැන් වැසිලා

සඳකැන් වැසිලා අඳුරේ එතිලා
ගණදුරු රෑ තනිකම නෑ
සොයා එන්න ගණදුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී //

ජීවිතම සතු එකම සුවේ
හී සර පහරක වෙලෙනු පෙනේ//
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල් වාසියෙකු සොයනු දැනේ

සඳකැන් වැසිලා....................

මා නැත අන්සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන ඉඳිමි බලා//
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා

සඳකැන් වැසිලා...

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

Panchiye - Jude Rogans

පැංචියේ


දුක හිතුනද පැංචියේ
ලඟ නැහැ කියලා
දුර රටකට මං ගියේ
අපි ගැන හිතලා

ඔබෙ සුවඳම ලඟ තියේ
අනෙ නැහැ මැකිලා
පපුවම මගේ ඇවිලුනේ
නුඹ ගැන හිතලා

හඬවන්නේ නෑ හිත පාරන්නෙ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදනවත කකියන්නේ
කඳුලැලි රූරන්නේ ඔබ නිසා

ඔබේ රුව ඇත මා ලයේ
ගැඹුරට ඇඳිලා
නැත හිත කොහෙවත් ගියේ
ඔබෙ ලඟ ඉඳලා

සිපගත් හැටි ගොම්මනේ
ඔය ඇස් වහලා
මතකද මං හැංගුනේ
උණුහුම හොයලා

හඬවන්නේ නෑ හිත පාරන්නෙ
අද හෙට මං එන්නේ ඉගිලිලා
වැලපෙන්නේ හදනවත කකියන්නේ
කඳුලැලි රූරන්නේ ඔබ නිසා

ගායනය : ජූඩ් රෝජන්ස්
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : චතුරංග ද සිල්වා





Duwani (Hithanawa Mamath) - Mihindu Ariyarathne

 දුවනී (හිතනවා මමත් පියෙකු වූ වැයි)

හිතනවා මමත් පියෙකු වූ වැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුළුදුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමි නැතත් මට වන්නට පිය උරුමේ
නොවුනත් ඇය මගේ දුවණී
අපි මැව් සිහිනේ සිටියේ ඇයයි
අපි මැවූ සිහිනේ නිම් හිම් සොයා
අද උනත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා
නම නොදන්න මාගේ දුවණී
මා නොදන්න මාගේ දුවණී
අපගේ හීනේ හැඩ කෙරූ කුමරී

ගායනය : මිහිඳු ආරියරත්න
ගේය පද : මනුරංග විජේසේකර
සංගීතය : අශාන් ප්‍රනාන්දු

Thahanam Malak - Mihindu Ariyarathna

තහනම් මලක්


තහනම් මලක් හිත හා බැඳී
මායිම් බිඳී
මාගේ ලොවේ
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා...............
හිත පෙරුම් පුරනා

මගේ ලයේ එතී එතී
රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ නැති ලොවක්
ඔබම සිත පැතුවා
කදුලක් නැත ලෝකේ
ඔබේ සිනා රැඳෙනා
ඔබ නෑ ලඟ මාගේ
තනිවෙලා මා සදා

ඔබේ සුසුම්
හුරු දෙතොල් අද
සීතලෙන් වෙලිලා
ඔබේ නුවන් හෙට ඔහු ලොවේ
හිරු කිරණ වෙනවා
ඔබ නැතී සන්තාපේ
උහුල ගන්නට බෑ
තවමත් නෙතු මාගේ
මග බලයි එනතුරා
ඔබ යලිත්

තහනම් මලක් ......................

ගායනය : මිහිඳු ආරියරත්න
පද රචනය : මිහිඳු ආරියරත්න
සංගීතය :  ඉසුරු විජේසේකර

Download Mp3

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස් පද රචනය : ප්‍රනීත් අබේසුන්දර සංගීතය : මහින්ද බණ්ඩාර

Invested $100 in Cryptocurrencies in 2017...You would now have $524,215: https://goo.gl/efW8Ef

Senehasakata Aruthak Purawannata - Asanka Priyamatha Pieris

සෙනෙහසකට අරුතක් පුරවන්නට

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරලේ රළ මැන්නා
සීමාවක් මායිමක් නැතැයි කී
සෙනෙහස ඇයි දෙතැනක තනිවී

කැකුළක් සිඳුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා

සෙනෙහසකට අරුතක් //

පවකින් පෙර අත් භවයක සිදුවූ
සිතකින් සිතකට දුක පිරුණා
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
ඔබ අත මා දුරකින් තිබුණා

සෙනෙහසකට අරුතක් //

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : ප්‍රනීත් අබේසුන්දර
සංගීතය : මහින්ද බණ්ඩාර

Followers