Pages - Menu

Earn Money Online

Showing posts with label Romesh sugathapala. Show all posts
Showing posts with label Romesh sugathapala. Show all posts

Thursday, July 17, 2014

Kalpayak ma - Romesh sugathapala Lakmini Udawatta

කල්පයක් මා බලාන ඉන්නම්

කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් වෙනස් නොවී
ඔබෙ ආදරේ මා වෙත
ලැබෙනා තුරා ලැබෙනා තුරා

සත්තකයි මා ඔබේම වෙන්නම්
අංශුවක්වත් වෙනස් නොවී
ඔබේ ජීවිතේ මා වෙත
පුදනා තුරා පුදනා තුරා

නෙතු පියන්න බැරි වෙන තරමට
ආදරේ ගෙනත්
ජීවිතේම වෙනස් කරනා
මා හටත් හොරෙන්

මා දකින්න ඇවිදින් හීනෙට
ආදරේ අරං
ආදරේ දැනෙනවා මට
අහසටත් උඩින්

කල්පයක් මා...............



ගායනය - රොමේෂ් සුගතපාල


Mp3 Download
 

Friday, April 4, 2014

Bala Innam - Romesh sugathapala

බලා ඉන්නම්

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා //

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා //

ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් .........

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා //
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් ........


To Download the mp3 Click here 

ගායනය -රොමේෂ් සුගතපාල

Sunday, September 16, 2012

Nanadunana Sihinaya Wela (Anuththara Theme Song) - Romesh sugathapala

නන්නාදුනන සිහිනය වෙලා


නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නවතලා
ආඩම්බර කතා ඉඟිපා තියා
මගේ තනි හිතට ඔච්චම් කළා
මනමාලයි හිතේ පෙම් කතා
මහමෙර උසට හැඟෙනා නිසා
කවි හිත යට ලියා නෙත ළඟ හැංගිලා
සින්නක්කරම මට හිමි වෙලා

රෑට අහසට නැගලා
දඟකාරි හිත අල්ලලා
කෝල බැල්මක් හෙලලා
මගෙ හීන ගෙත්තම් කළා
වැසි වැටෙන කළුවර මකා
නිල් අහසේ සිත්තම් කළා
ඔය හිත තාම මගේ ළඟ නිසා
හීන ඇත්තක් වෙලා

නන්නාදුනන සිහිනය වෙලා
තරු ඇස් කොනක හිත නැවතිලා
ආඩම්බර කතා ඉඟිපා ගියා
මගේ තනි හිතට ඔච්චම් කළා //

To Download The mp3 click here.


ගායනය - රොමේෂ් සුගතපාල

පද රචනය :  රචිත වාකිෂ්ට
සංගීතය : තිලින රුහුණගේ



Thursday, July 19, 2012

Sinasenna bane (hangum math kala) - Romesh sugathapala

සිනාසෙන්න බෑනේ

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා
නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා
ඉගිලී ගියාදෝ සයුරෙන් එහා
දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ
ඔබ එයිද ආයේ දෑස පේන මානයේ
මල පරවුනා සේ නොපිපේද ආයේ
හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ
හද විලම සනසන්න දුක මගේ නිවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ //

සංසාර හීනේ ඔබ නේද මාගේ
මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ
හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ
ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ
මුණ ගැහුන තැන තාම මම ඉන්නවා

සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ
කොහේදෝ මා දමා ඉගිලුනේ ///




To Download mp3 click here

ගායනය - රොමේෂ් සුගතපාල



Sunday, July 1, 2012

Hangila Innam dase - Romesh Sugathapala

හැංගිලා ඉන්නම් දෑසේ 



හැංගිලා ඉන්නම් දෑසේ 

ආදරේ හැඟුමන් වෑහේ
තුරුලේම හෙව්වා ජීවිතේ
නින්ද නෑ සිහිනෙන් ආවේ
ලංවෙලා රහසින් කීවේ
සුන්දරයි මේ ආදරේ //


පන්හිඳින් පහසින් ලීවේ
ඔබ ගැනයි සත්තයි කෙල්ලේ
ඇස් වලින් හිනැහෙන්නෙපා //
සිතුවමක් ඇන්දා වාගේ
ලස්සනයි ඔබගේ ආලේ
කියවුනේ මායම් කතා
රත්තරං මගේමයි කියා


මල්වරයි හැඟුමන් අපගේ
හදවතේ උතුරා ඇඳුනේ
සතුටින් ඉපිලේන්නකෝ

මල්වරයි පැතුමන් අපගේ
හදවතේ උතුරා ගැලුවේ
සතුටින් ඉපිලේන්නකෝ


නෙත් කොනින් කිව්වා වාගේ
උණුහුමයි අපගේ දීගේ
ඉදිවුණේ පෙම් මාලිගා
රත්තරං මගේමයි කියා


හැංගිලා ඉන්නම් දෑසේ..............



To Download mp3 click here


ගායනය - රොමේෂ් සුගතපාල




Wednesday, April 4, 2012

Neela Dase - Romesh & Lakshan

නීල දෑසේ


නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයේ
ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සරේ
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ //

මුලකුරු ඔබයි මාගේ සෙනෙහසේ හෝඩියේ
පෙම් ශිලා  ලියවූ දිනේ
සිත පෙම් පුරන මං සොයන මා ජීවිතේ
අනිමි සේ බැඳුනා නිල් නෙත් යුග මා
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මතකයන් වාගේ

හදවත උයන් තෙරේ නෙලූ රස පළ වැලේ
ඔබ තමා නොඉඳුල් ඵලේ
රස සොයන බිඟු කැල විස දළ තුඩින්
සඟවමී දිවිපුරා මාගේ ආදරේ
මහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා

මතකයන් මාගේ


නීල දෑසේ දුටුවා ............


To Download The mp3 click here.






ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය :
සංගීතය :

Friday, March 23, 2012

Nil Ahasa Pura - Romesh sugathapala

නිල් අහස පුරා


නිල් අහස පුරා උණුසුම සදලා  
සැමදා මගේ තාත්තා 
සෙනෙහස වපුරා මහමෙර උතුරා 
සැමදා මගේ තාත්තා 


සිහිනයේ සැබෑව මට පහදා 
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
නිදි නැති කප්තුර බොහොසේ ගෙව්නා 
ඔබ හින්දා මං ලෝකය දිනුවා 
සිනහව කැන්දා  කඳුළැල් සඟවා 
නුඹ උන්නා මගේ තාත්තා 
දෙවිවරු පරදා නුඹ මට සැනසුම 
සැදුවා මගේ තාත්තා 


නිල් අහස පුරා උණුසුම සදලා.......


නෙතු වෙහෙසා බලමින් උන්නා 
මා දිනු ලෝකය දෝතට රන්දා 
දෙපා මුලින් තවත් නුඹ හිතවා
ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා 
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා
ඇදුනා මගේ තාත්තා 
සැනසී හිඳින්න මා දැන් දිනුවා
දිනුවා මගේ තාත්තා 


නිල් අහස පුරා උණුසුම සදලා........


To Download The mp3 click here.


ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :
සංගීතය :

Wednesday, March 21, 2012

Ahasa Numba Metharam - Romesh sugathapala

අහස නුඹ මෙතරම්





අහස නුඹ මෙතරම්
සයුර නුඹ මෙතරම්
ආදරේ මෙතරම්
සිහිනයකි නුඹ නම් //

සිහින දකිනා අඳුරු කුටියේ
උදා කිරණයි නුඹ මගේ //
ජීවිතේ හඬයි නුඹ ඉල්ලා
නුඹට මා ආදරේ
නුඹට මා ආදරේ

අහස නුඹ.................. //

අවපසයි මේ ජීවිතය මට
සිසිල් දිය නුඹ නොනැවතී //
මදුර ගී නුඹමයි සරා සඳ
දුරස් වන්නට එපා දැන්
දුරස් වන්නට එපා දැන්


අහස නුඹ........ //


To Download The mp3 click here.


ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :
සංගීතය :

Saturday, March 3, 2012

Nethu Saluna - Romesh sugathapala

නෙතු සැලුනා




නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මග තොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමග මා අද නැවතී
යලි එය සිහිකරමී  //

මුවැත්තියක් ගුරු ගෙට ආවා
හන්තානත් ඉඟි බිඟි පෑවා
මල් පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා
දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී

මා ආදරේ ඔබටමයි


නෙතු සැලුනා කඳුලින්.............



ගිම්හානේ අප හමුවී.................. //


වස්සානේ මහවැසි වැටුණා
දෙසුම් හඬේ පාලුව දැනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා

සඳ නැතිවම දින සති ගෙවුණා
මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා

මා නෙත් පියෙන තුරා


To Download The mp3 click here.




ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :  බන්දුල මුදන්නායක
සංගීතය : රොමේෂ් සුගතපාල

Wednesday, February 29, 2012

Digu Dasa - Romesh Sugathapala

දිගු දෑස දුටුවාම




දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ //

රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
හිතට හිත හිමි නැතිද අහනවා හිත මාගේ
ම‍ට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙර වාගේ

දිගු දෑස දුටුවාම....................//

පෙර එදා හමුවෙලා වෙළුනු හැටි මුදු පහසේ
විඳිනවා දකිනවා නිහඬ රෑ දුර අහසේ
දුරම මිස ලඟ නැතිද අහනවා නෙතුමාගේ
කවදාද ඔබ එන්නේ නැතුවාද හමුවන්නේ



දිගු දෑස දුටුවාම.......................... // 

To Download The mp3 click here.



ගායනය : රොමේෂ් සුගතපාල
පද රචනය : නන්දන වික්‍රමගේ
සංගීතය : රොමේෂ් සුගතපාල

Thursday, February 9, 2012

Reta Mang - Romesh ft Jithmi

රෑට මං සිහිනෙන් ඇවිදින්

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම් //

මේ ප්‍රේම පාරේ පිය මැන්න අපි දෙන්නා
සිහිනේ සදාදී ඔය තුරුලෙ මං උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං

රෑට මං සිහිනෙන් ඇවිදින්..................

පිණිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගෙ මම ඉන්නම්
මේ පෙම් කතාවෙ බඹරිදු තමා මං
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්

රෑට මං සිහිනෙන් ඇවිදින්..................


To Download The mp3 click here.






ගායනය - රොමේෂ් & ජිත්මි
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය -රොමේෂ් සුගතපාල





Wednesday, January 25, 2012

Nil ambare - නිල් අඹරේ

නිල් අඹරේ  -  Romesh sugathapaala



නිල් අඹරේ සොඳුරු පැහැය - ඔය දෙනෙතේ තවරන්න
රතු මල් පොකුරේ පාට - මුදු දෙතොලේ දවටන්න
සමනල රෑනේ එන්න - මගේ තුරුලේ නැලවෙන්න
ආදරෙයි මන් ආදරෙයි මුළු ජීවිතේ පුරා ආදරෙයි

දේදුන්නේ නැගිලා - නිල් අහසේ පැදලා
තුරුලේ මගේ උණුසුම් සුවේ පුදනවා //

පෙම් වර්ණ ලෝකේ පෙම් මල ගොතා
ගෙල පළඳවා සිප ගන්නවා............

හිරු සයුරේ ගිලිලා - සඳ අහසේ නැගිලා
දෙනුවන් ඔබේ තරුවැල් වගේ පෙනෙනවා //

අප්‍රමාන පෙම් ලෝකේ අනන්තය සොයා
ඔබේ අත අරන් පිය නගනවා...............

නිල් අඹරේ සොඳුරු පැහැය................




ගායනය - රොමේෂ් සුගතපාල
සංගීතය - රොමේෂ් සුගතපාල
පද රචනය - නන්දන වික්‍රමගේ

Followers