Pages - Menu

Earn Money Online

Monday, November 26, 2012

Himiwuna Oba Mata - Manjula Pushpakumara

 හිමි වුනු ඔබ මට

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ මේ ජීවිතේ
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැරයයි කියා

සිහින නෙලා පැලඳුදා 
මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිඳ දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ 
කඳුළු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා.......... 


 

ගායනය - මංජුල පුෂ්පකුමාර
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝන  

Friday, November 23, 2012

Man Asai - Theekshana Anuradha

මං ආසයි

මං ආසයි හිනා වෙන්න 
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ  එන විට 
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එන විට 
ලෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුලක් තබා යන්න

මං ආසයි හිනා වෙන්න..............

To Download mp3 click here  





ගායනය - තීක්ෂණ අනුරාධ
පද රචනය -රන්ජිත් ප්‍රේමවීර
සංගීතය -නවෝද් නිලංග

Wednesday, November 21, 2012

Hitha Hadaganna Ba - Chamika Sirimanne

හිත හදා ගන්න බෑ 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා  ආදරේ හැර යනවා
මා සදා හඬනවා  මාරුතේ දුක දරා 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී ජීවිතය දී මාගේ ලඟ න්නු වෙලේ 

කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
හීන කඳුළින් තෙමා ඈත සැඟවී ඔයා මාව අඳුරේ හෙළා
දෑස ලඟ අද නෑ මගේ මා සදා හඬනවා මාරුතේ දුක දරා 

හීන වියකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමි වී

මාව තනිවී දෑස බොඳවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය රෑ දිවා මාව හැර දා සදා
ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා මාරුතේ දුක දරා

හිත හදා ගන්න බෑ...........................................


To Download mp3 click here 



ගායනය -  චාමික සිරිමාන්න
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - කපිල්

Heenayak Wage - Surendra Perera

 හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන්වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා
පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා

දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්.............

To Download mp3 click here



ගායනය - ස්රේන්ද්‍ර පෙරේරා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

 

Wednesday, November 14, 2012

Obe Namata Pudami Sada (Oya As Diha) - Pradeep Rangana

ඔය ඇස් දිහා පෙම යාවෙලා


ඔය ඇස් දිහා පෙම යාවෙලා
ගෙතු කාරණා හද දිවුරුවා
සිත තෝරනා ඔබ පෙම් සිනා
ලැබෙනා තුරා මා යදිනවා
හැඟුමන් පායලා සිතුමන් පෑහිලා
එනමුත් නොහැඟෙදෝ ආදරේ
ඉතිරෙන ආදරේ ඔය හදෙ නැවතිලා
මට සිත දේදො පැතු කුමරියේ

මාගේ දෛවේ පිදුවේ උරුමේ ඔබ වේදැයි
සිත කීවේ දුටු මුල් දිනේ
පැටලුම් ලිහලා විසඳුම් සොයලා
සිත ළඟ පෑහී කියනු ඔබ කවුදෝ කියා
ඔබ නිසා නෙතු ඇහැරීලා අඳුරේ පවා
තනිකඩද සිත අසනවා
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා


ඔය ඇස් දිහා......................................

ඇසෙනා මානේ ඔබ අද වේ නම්
ඇතිනම් හර්දේ ප්‍රේමේ නොපිරූ ඉඩක්
මාගේ හර්දේ මෙතරම් ආලේ උතුරා යන්නේ
නොපිරූ තැන් පුරවන්නමයි
ඔබ නිසා තැනු ගීතේ අසා නුඹගේ 

මැවු සිහිනෙ පිබිදෙයිද මං
ඔබ හද හිමි වුනත් ඔබ අහිමී වුනත්
මගෙ පපු තුරුලේ සැනසුම ඔබයි
ගැයෙනා තනුවේ පදවැල් ඔබමයි සදා
එය ඔබෙ නමට පුදමී සදා





ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය - සචිත් උදයංග
සංගීතය -සංජුල හිමාල

Thursday, November 8, 2012

Oba Wenuwenma Thama (Muwa Randi Hasrella)- Udaya Sri

ඔබ වෙනුවෙන්ම තමා

මුව රැඳි හසරැල්ල පානා
පායන සඳම සේ දිලෙනා
දෑසක මා සෙව්ව සේමා
පිවිතුරු ආදරේ ගලනා 


මගෙ හිත ළඟ දවසක නතර වෙලා
බලනවා නම් මුළු හිත පීරා ඔබ
නොහිතු තරම් සෙනෙහස පුරවා
දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා 


මේ සීත රෑ යාමේ තුරුලේ හොවා
උණුහුමක සුවදෙන්න උන්නේ බලා
නිදි නේන තුන් යාමේ හද කිති කවා
සුරලියක සේ ඉන්න මට ලංවෙලා

මගෙ හිත ළඟ..............................


දකිනා හිත ඔබ වෙනුවෙන්ම තමා


To Download mp3 click here 



ගායනය - උදය ශ්‍රී
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය - උදය ශ්‍රී

Wednesday, November 7, 2012

Nihanda Gamane (Bambara Nade) - Bachi Susan, Shanika Madhumali

 නිහඬ ගමනේ

නිහඬ ගමනේ මේ තරම් දුර 
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ  

නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ 

රැඳෙනු මාගේ සුවඳ වාගේ 
බඹර නාදේ ඇසෙන මානේ  
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩ දෙන්න තුරුලේ   
හිනහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින නුඹෙ සියුමැලි දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගේම ලඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳ ගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ 
පෙම් පැතුම් මා හදේ 

ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට  පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ


නිහඬ ගමනේ........................

To Download mp3 click here

ගායනය - බාචි සුසාන් හා ශානිකා මධුමාලි
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය -කේෂාන් පෙරේරා

Saturday, November 3, 2012

Raththaran Mage - Damith Asanka, Ashanthi

 රත්තරන් මාගේ


රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ

හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ  වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්  වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ  රස නොයිදුල් දීගේ
හීනෙන්  දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා


රත්තරන් මාගේ...........................

නාදල්ලේ  පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි  හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා


රත්තරන් මාගේ...........................

To Download mp3 click here 

ගායනය - අශාන්ති සහ දමිත් අසංක
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා

Followers