Pages - Menu

Earn Money Online

Showing posts with label Centigradz. Show all posts
Showing posts with label Centigradz. Show all posts

Wednesday, February 19, 2014

Handuman - Centigradz

හැඟුමන්

ඇසිපිය නටයි
ඔබ දුටුවම හැඩකාරියේ
සිත උමතු වෙයි
ඔබෙ රුව නිසා දඟකාරියේ

මුහුණේ පෙම්පාට
සිරුරේ පින්පාට
දුටු මගේ සිල් බිඳෙයි
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට
බැඳෙමි සත්තයි ලඳේ

සුපෙම් ශෘංගාරියේ
ඔබේ ඔය දෑසින් විහිදෙනා
හැඟුම් රැඟුමන් පිරී
පිටාරේ යයි මගේ ආදරේ



ගායනය - Centigradz

Saturday, March 9, 2013

Obata Nohaka (Mal Devata) Centigradz

ඔබට නොහැක

ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට
අපෙ සුසුමත් හමුවෙල මුමුනනු ඇත

අතැගිලි නොබදෙන තිත බැදි 

සෙනෙහස සසර පුරා ලග ඉන්න ඇති
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමු වී වෙන් වී යන්න ඇති

හමු වී වෙන් වෙමු සසර පුරුද්දට
එකම සදේ සද එලිය දකිනකොට
ඉසුරුමුනිය පෙම් යුවල නොවේ අප
හිනහෙමු කදුලැලි සහවා හිත යට


ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්

Sunday, August 19, 2012

Hada Ganna Me Hitha Mage - Centigradz

හදාගන්න මේ හිත මාගේ

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා

හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


[Rap]

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ

නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ
ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


To Download mp3 click here



ගායනය -  Centigradz
පද රචනය -  සජිත් දිල්පහන්
සංගීතය - තුසිත නිරෝෂන්

Wednesday, February 29, 2012

Susuman Salai - Centigradz (Udaya Sri)

සුසුමන් සලයි




සුසුමන් සලයි නෙතු පියන් ඇරෙයි
උණු කඳුලු වැටී උණුහුම සිසිලයි 
තත්පරයක් හෝරාවක් කප් සුවහස් කල්
ඔබෙ රුව ඔබෙ රුව ඔබෙ රුව

අඳුර හාදු දෙන සිතුවිලි ගොන්නේ
තරු කඩා වැටෙයි සඳ අමාවකයි
ඉකි බිඳ ඉකි බිඳ සිතුවිලි සිරකර
හිත හඬා වැටෙයි ගත මිලාන වෙයි

රළ බිඳෙන තරම් සැඩ සුළන් සරින්
මතකය පමණයි සෙනෙහස සසලයි
මිහිකත නැවතී ලොවම එපාවී
මට ඔබ පමණයි ඔබෙ රුව පමණය



සුසුමන් සලයි ..........................


To Download The mp3 click here.




ගායනය - සෙන්ටිග්‍රේඩ්ස් (උදය ශ්‍රී)
පද රචනය -
සංගීතය -



Tharakawo Madin Ahase - Centigradz

තාරකාවෝ මැදින් අහසේ




තාරකාවෝ මැදින් අහසේ
පොලොව වෙත ආ සීත පිනි මෙන්
දයාබර ලෙස සිනාසී

බලා සිටියත් අහිමි වී 


මා සොයාවිත් මගේ සුරතේ
නුඹ වෙලෙනු දැකුමට සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී


නෙක ලතාවන් තුරු සොයාවී
වෙලී පැටලී සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී 


මා සොයාවිත් ...................


To Download The mp3 click here.


ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -

Monday, February 13, 2012

Nil Sanda Madala - Centigradz

නිල් සඳ මඩල


තනි රැක්ක තනි රෝස මල් කල්පනා
විහිදෙන්න පොපියද්දී සුවඳක් වෙලා
නෙත් එක්ක හුවමාරු කල දුක් කතා
සිත දෙකක හැප්පෙද්දී එක හිතක් වෙලා

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
නිල් සඳ මඩලේ පලසේ එබේ
ඔබෙ ආදරය පින්තාරු වේ

කන්තාරුවක රිද්මේ රැඳී
ගී පිරිතක් විඳී ජීවිතේ
ඔබෙ ආදරය පින්තාරු වේ

ඔබ නිදනා තුරු පපුතුරේ
සුවඳ එබෙයි සුසුමට මගේ
කඳුලෙන් කඳුලට ජීවිතේ

හුස්ම වැටෙයි පරමාදරේ //


To Download The mp3 click here.






ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -

Sandawathiye - Centigradz

සඳවතියේ 



සඳවතියේ ඔබ මුදු දෑතේ
වළලු හඬින් මා සිත පිබිදේ

ඔමරි ලතා මා හද දැවටේ
පායන සඳ මෙන් ඔබ මා සිත බැබලේ


හැන්දෑවේ සඳ කන අතරේ
මා සෙනෙහෙ ඔබ ළඟ රැඳුනේ
රෑ අහසේ රන්තරු දිලිසේ
තනිකම ආවේ තනියට මාගේ


ඔය දෙතොලේ සිනහව දැකලා 
රන් ගොයමේ මල් පීදී නැමිලා
දෙවට දිගේ තුරු වැල් සැලෙනා
මන බැන්දලූ ඔබේ රුව දැකලා


To Download The mp3 click here.






ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -




Tuesday, February 7, 2012

Sitha Saluna - Centigradz

සිත සැලුනා



ඇය හද ගැස්මේ සඟවා
සිහිනයකට පෙම් කරලා
දුක විතරක් තුරුලු කරන්
ඔහු යනවා ඈ සොයලා //

නුඹ වේ මා හිමි කාරියේ
නුඹ වේ මා පැතු ලෝකයේ
නුඹ වේ මා දුටු සිහිනයේ
නුඹ වේ මගෙ මුලු ජීවිතේ

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා//

ඔය දෙතොල ආදරෙන් සිප ගන්න දැවටෙන්න..
පැහැදුල් නුවන් සඟලේමට ඉන්න ඉඩ දෙන්න..
සියපතක පෙති අතරේ දැනෙන සුව විඳ ගන්න..
කවදාද ඔබ එන්නේ මගෙ හිතට සැනහෙන්න..

සිත සැලුනා නුඹ හින්දා
නෙතු හැඬුවා දුක හින්දා //



To Download The mp3 click here.






ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -





Ra Ahase Tharu Ganata (Mage Adare ) - Centigradz

රෑ අහසේ තරු ගානට ( මගේ ආදරේ )

රෑ අහසේ තරු ගානට
දුර විහිදෙන අනන්තයට
සංසාරේ පතා ආපු
මගේ ආදරෙ මදි උනාද

ඉඟ නෙරියේ රැළි හදාපු
සවන් පතට තෝඩු දාපු
ඔය දෙතොළට හාදු දීපු
මගෙ ආදරෙ මදි උනාද

නුඹෙ උකුලේ හිස තියාන
සුරතලියේ හිත පුරාම
සඳ එළියේ පෙම් පුරාපු
මගෙ ආදරෙ මදි උනාද //

මගෙ හිස නුඹ අත තියාන
මං දිවුරා නුඹ කියාපු
ඒ ආදරෙ නැති වුනාම මං ජීවත් වී හිඳීද //

නුඹෙ උකුලේ හිස තියාන.............//



To Download The mp3 click here.






ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -

Mage Jeewithe (Heena Atharin) - Centigradz

මගෙ ජීවිතේ ( හීන අතරින් )



හීන අතරින්

මගෙ ජීවිතේ ඔබයි සිත පාරමී පුරයි
ඔබ හිමිවනා තුරා හිඳිම්
ඔය සිනහවෙන් දිදුලනා රුව දකින්නම්
ඒ සිනහවෙන් රෑ දිවා මා සැනසෙන්නම්

හීන අතරින් මා එන්නම්
සෑමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වැටෙන්නම් ඔබ මා වේ නම්

සිත පාරමී පුරයි

මා ලඟට වී හිඳීවී
ඒ සිහිනයේ රැඳේවී
ඔය සිනහවෙන් රෑ දිවා
මා සැනසෙන්නම්

ඔබේ තුරුලේ රැඳී ඉන්නම්

හීන අතරින් මා එන්නම්
සාමදා මා ඒ හීනයේ රැඳෙන්නම්
ඔබේ තුරුලේ මා රැඳී ඉන්නම්
හාදු වැස්සක් දී වටේ නම්



To Download The mp3 click here.






ගායනය - සෙන්ටිග්‍රේඩ්ස්
පද රචනය -
සංගීතය -

Followers