Pages - Menu

Earn Money Online

Showing posts with label T.M Jayarathna. Show all posts
Showing posts with label T.M Jayarathna. Show all posts

Tuesday, April 10, 2012

Sithata Danena Me Lathawul - T.M Jayarathna

සිතට දැනෙන මේ ලතැවුල්





සිතට දැනෙන මේ ලතැවුල්
ඉවසන්නම් ‍ඔබේ නමින්
ජීවිතයේ කෙදිනක හෝ
සැනසෙන්නට පතා ඔබෙන් //

අද ඔබ නැති බිම තනිවී
සිත දවනා අඳුරු හැඟුම්
විදගන්නම් කවදා හෝ
ඔබ හිමි වේ නම්


සිතට දැනෙන මේ ලතැවුල්.........


අද තනි යහනක වැතිරී
රැය නොනිදා නැගෙන සුසුම්
විඳගන්නම් කවදා හෝ
ඔබ ලංවේ නම්


සිතට දැනෙන මේ ලතැවුල්.........



To Download mp3 click here


ගායනය - ටී.එම් ජයරත්න
පද රචනය -
සංගීතය -

Tuesday, April 3, 2012

Mulu Lowama nathi wunath - T.M Jayarathna

මුලු ලොවම නැති වුනත්



මුලු ලොවම නැති වුනත් 
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන් // 


ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවු ලෝකයෙන්  //
වෙන්ව සිටිනා හුදකලාවේ

එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්


මුලු ලොවම නැති වුනත්................... 


ලොවේ දිනයක තනි වුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්  //
සොයා එන්නට සිටින කැප වී

එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්


මුලු ලොවම නැති වුනත්.................... 



To Download mp3 click here


ගායනය - ටී.එම් ජයරත්න
පද රචනය -
සංගීතය -

Saturday, March 10, 2012

Rathriya Uda Wuna - T.M Jayarathna

රාත්‍රිය උදා වුනා





රාත්‍රිය උදා වුනා
නින්ද ඇයි නොඑන්නේ //
රාත්‍රිය උදාවුනා 


ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා වුනා..........

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්


රාත්‍රිය උදා වුනා...........


To Download The mp3 click here.


ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Saturday, March 3, 2012

Oba Ha Mema - T.M Jayarathna

ඔබ හා මෙමා





ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා

සිපගත් එදා සිහිවෙනවා
සිපගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා

ඒ සොඳූරු දා සිහිවෙනවා


ඔබ හා මෙමා..................



To Download The mp3 click here.


ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
 පද රචනය:

Ko Ma Pathu - T.M Jayarathne

කෝ මා පැතූ ඔබෙ ආදරේ





කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ


ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී //
යලි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා

කෝ මා පැතූ .......

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ

මුසුවී ඇසේ වා සුළඟේ පවා //
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා


කෝ මා පැතූ ...........


පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා


කෝ මා පැතූ .............


To Download The mp3 click here.




ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Sonduru Atheethaye - T.M Jayarathna

සොඳුරු අතීතයෙ





සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී //

කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපව

ඔබේ නමට පුද දෙන්න ඈතී 


සොඳුරු අතීතයෙ.................


නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමුවෙන්න ඈතී 


සොඳුරු අතීතයෙ................. //



To Download The mp3 click here.






ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Followers