Pages - Menu

Earn Money Online

Showing posts with label Theekshana Anuradha. Show all posts
Showing posts with label Theekshana Anuradha. Show all posts

Saturday, June 8, 2013

Ayeth Handanna - Theekshana Anuradha


ආයෙත් හඬන්න 

ආයෙත් හඬන්න කඳුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විදලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබේ රජ දහනේ මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
 

ආඩම්බර රුව දැකලා සිත අයෙත් උමතුවෙලා
සඟවන්නට බෑ කිසිදා පුංචි පෙම්වත් කථා
අපේම ලොවේදි අපි මුන ගැසේවී සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා

 
ආයෙත් හඬන්න......................................................

සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා
ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා
අපේම ලොවේදි අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මං ඉකි බිඳීවි අපි ඈතයි සැමදා



ආයෙත් හඬන්............................................................ 

To Download MP3 Click Here 
 


ගායනය - තීක්ෂණ අනුරාධ

Friday, November 23, 2012

Man Asai - Theekshana Anuradha

මං ආසයි

මං ආසයි හිනා වෙන්න 
ජීවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ  එන විට 
සිනා මලක් අරන් එන්න

මං ආසයි යාළු වෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවා නුඹ එන විට 
ලෙන්ගතුකම අරන් එන්න

මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන විට
තුටු කඳුලක් තබා යන්න

මං ආසයි හිනා වෙන්න..............

To Download mp3 click here  





ගායනය - තීක්ෂණ අනුරාධ
පද රචනය -රන්ජිත් ප්‍රේමවීර
සංගීතය -නවෝද් නිලංග

Thursday, June 7, 2012

Sudu pichcha Mal Hina - Theekshana Anuradha & Sewwandi Ranathunga

සුදු පිච්ච මල් හිනා


සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන
සොඳුරු වදකාරී ආදරේ ඉල්ලන
සුදු පිච්ච මල් හිනා පේලි වැහි වස්සන 
සොඳුරු වදකාරී ලු මං ආදරේ ඉල්ලන 

ඔබේ සුන්දර සිත මට සොරකම් කරන්න ආසයි
ඒ වරදට මට ඔබගේ වෙන්නත් ආසයි //

සුදු සඳ එලියට ඇහැරෙයි කොඳ මල්
රෑ පුරා............................... හා හා
ඔබේ නෙතු කැල්මට නොපිපෙද පෙම් මල් 
සිත පුරා.......................... හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්
ඉවසන්නේ කොහොමද මං

නිල් දිය කළඹන සුළඟක් වාගේ
නිදිවරා...................... හා හා
හදවත පුබුදන රහසක් කියමුද
රෑ පුරා..........................හ්ම් හ්ම්

මේ ආල වන්ත කම්
ඉවසන්නේ කොහොමද මං  


සුදු පිච්ච මල් හිනා........... 



To Download mp3 click here




ගායනය - තීක්ෂණ & සෙව්වන්දි
පද රචනය -
සංගීතය - බන්දුල ගුණවර්ධන

Tuesday, May 8, 2012

Peradaka Susumak - Theekshana Anuradha

පෙරදාක සුසුමක්







පෙරදාක සුසුමක් හිත රැඳී
සෙනෙහසින් පිදුවා මිහිරැතී
සන්සාර ගමනේ දුර ඇතී

ගැඹුරුයිද ආදරේ මේ හැටී
ගැඹුරුයිද ආදරේ මේ හැටී


හුරු පුරුදු ජීවිතේ තව
ඉගිලෙන්න හිතෙනවා නම්
හෙවනැල්ල වී දිවියේ තුරුලේ රැඳී

කුලුදුල්ම හීනයක් මේ
මහමෙර වගේ උස නම්
තවදන්නේ නෑ නුබත්
මගෙ ආදරේ තරම්

පෙරදාක සුසුමක්


තනිකඩ හිතේ නැවතිලා
පෙම් ඇරඹුමේ දැහි අරන්
නොමැකෙන්න සේ සෙනෙහේ
සිතුවම් ඇඳී
දුර යනෙන ජීවිතේ දිගු
හිමිකම නුඹේ ලඟ නම්

හිත පිරුනු ආදරේ 
උහුලන්න බැරි තරම්

පෙරදාක සුසුමක්...


To Download mp3 click here


ගායනය :- තීක්ශන අනුරුද්ද
පද රචනය :- රචිත වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුනගේ

Saturday, April 21, 2012

Adariye - Theekshana Anuradha

ආදරියේ 


මා ආදරියේ මගෙ ආදරියේ
නුඹ කවුරුන්ද සුකුමාල සුන්දරියේ
සඳ රාජිනියේ සඳ රාජිනියේ
නුඹ කවුරුන්ද කවුරුන්ද ආදරියේ

නීල ඔබේ දෑසේ බැල්මෙන් සැනසීලා
කෝමල මදහාස හසරැල් සිහිවීලා
සිහින දකිමින් සැනසෙන්නේ තනිවීලා
කවුද ඔබ කවුද සුර අඟන ලීලා
කවුද ඔබ කවුද සුර අඟන ලීලා

නොසිතූ විලස මා දෙනෙතෙ පොපියාලා
නොදුටු අයුරින් ඔබ යනවද සැඟවීලා
ලොවම ගෙනැවිත් මගේ සුරතේ නවතාලා
කවුද ඔබ කවුද දෙව්දුවක ලීලා

මා ආදරියේ.............................



ගායනය :- තීක්ෂණ අනුරාධ
පද රචනය:-
සංගීතය -

Wednesday, January 25, 2012

Oba tharam - ( ඔබ තරම් )

 ඔබ තරම් -   Theekshana Anurdha

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයේ කොහෙවත්
ඔබට මන් ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන් වී ගිය දා
ඔය නෙතු හැඬවූ තරම්
ඔබ පෙම් කෙරු තරම්
අදහන්නත් බෑ කොහේ තිබුණාදෝ
මේ තරම් ආදරේ මේ තරම් ආදරේ

රැය පුරා ඉකි ගසා
රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා
ගිලන් වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභපලතා ඈතට වෙන්නම්

තනි වෙලා මා ලොවේ
හිරු නොනගින මේ වසන්තේ
දිවිතුර විඳවමී
අහිමි කරන මගේ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තව කෙකු හට හිත දී ඇති නම්
සුභ පතලා ඈතට වෙන්නම්

ඔබ තරම්.......................




To Download mp3 click here.



ගායනය - තීක්ෂණ අනුරාධ

පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීශ් වැන්දබෝන














Followers