Pages - Menu

Earn Money Online

Thursday, April 2, 2015

Sithata Hora - Rahal Alwis

සිතට හොරා

සිතට හොරා මං ඔබේ වෙලා දැන්
ලොවට හොරා මං පෙම් කරන්නම්
ඇගේ නිසා මං දුරින් හිඳින්නම්
දුරට වෙලා මං පෙම් කරන්නම්
වැටහෙන්නෑ කඳුලු ඇයි මෙසේ
වෙන් වෙන්නෑ මියෙන තුරු මගේ ආදරේ

නෙතු සිඹින සිඹින සුසුමන් පවා පාරවයි හද මගේ
ඔය ගලන ගලන කඳුළින් නෙතේ සසලවයි සිත මගේ
කඳුලු පුරෝගෙන ඉන්න හිතාගෙන
නුඹේ සිනා වල මියදෙන්නම් ඉතින් මං

මියදෙන්නම් ඉතින් මං

පෙරදා රෑ අහසේ පෑයු සඳ සාවී
අද රෑ මගේ අහසේ පායාපන් රහසේ
නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
නුඹ ඉන්නවාද දන්නේ නෑ මගේ ලෝකයේ
නුඹට දැනෙනවාද දන්නේ නෑ මගේ ආදරේ

සිතට හොරා මං ඔබේ වෙලා දැන්............



ගායනය - රහල් අල්විස්

MP3 Download


Hith Pura Lanwela - Jananath Warakagoda

හිත් පුරා ලං වෙලා

හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනූ
ආදරේ හොරු අරං මතකයන් මියදුනූ
මං නුඹගේලූ නුඹ මගෙන් දුරමලූ
ඇස් පියනකන් හදවතින් ලංවෙමු

අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා
කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගෙනා
පපුතුරුල්ලේ දෙතොල් සක්මන් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නිදැල්ලේ කඳුළු ආවත් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

හිත් පුරා ලං වෙලා........

ගායනය - ජනනාත් වරකාගොඩ  

MP3 Download


Mal Kadala - Sangeeth Wijesooriya


මල් කඩාලා මාල ගොතලා

මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා 


නොවෙනස් වෙලා ඉන්නම් කියා මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා


මල් කඩාලා මාල ගොතලා...............

සිහිසුන් කළා වෙන්වී ඔයා මගෙ සිහින මට නැති කළා

අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා

මල් කඩාලා මාල ගොතලා...............

ගායනය - සංගීත් විජේසූරිය  

MP3 Download


Oya Ekka Durak Yanna - Kasun Chamikara

ඔයා එක්ක දුරක් යන්න

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මගක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟක් පසුතැවෙමි මා
ස්නෙහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා

ආදරයෙන් හිමිවවීම මට හිමි නැතිව ඇතී
අහිමි වෙලා දුක්වීම ඉරනම වෙන්න ඇතී
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරි වෙන්නැතී
ඒ හින්දා වෙන් වෙන්නැතී ඔබ මාව හැර යන්නැතී

තනිවුනු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබෙ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතයේ හැමදාම හිතගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙරලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා….....


ගායනය - කසුන් චාමිකර

MP3 Download


Followers