Pages - Menu

Earn Money Online

Monday, November 24, 2014

Duka Wadi Nethe - Ruwan Hettiarachchi

දුක වැඩි නෙතේ

දුක වැඩි නෙතේ කඳුළැලි පිරේ ඔබ නැති මොහොතේ
සැනසුම මගේ ඔබ ගෙන ගියේ ඇයි හොර රහසේ
කවදාවත් නෑ අපි හමුවන්නේ
මට යන්න බෑ මතකෙන් ඔබගේ


දිවිය මගේ තිබෙන තුරා පෙම් කෙරුවේ ඔබට තමා //
යන්තම්වත් සෙනෙහේ නැතිවද දැනුණේ
තවමත් මතකයි දිවුරා මගෙ ඔබ කීවා
දිවුරා මගෙ ඔබ කීවා


පියවි ලොවේ ඉන්න සදා හුරු කෙරුවේ ඔබම තමා //
සත්තයි රත්තරනේ ඔබ ගිය දිනයේ
හිතකින්වත් නෑ ඔබ හට සරදම් කරලා
ඔබ හට සරදම් කරලා


දුක වැඩි නෙතේ.................................




ගායනය - රුවන් හෙට්ටිආරච්චි



Mp3 Download

Monday, October 20, 2014

Pem Sihine - Pradeep Rangana

පෙම් සිහිනේ

ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා //

පුරාණේ මගේ වූ ඔබේ ආදරේ
මිරිඟුවක් තනිකමක් විතරමයි
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී
ඔබ මාගේ සිත රැවටු මායාවී

මා ලඟින් ලං වෙලා ඔබ එදා කි කතා
මගේ දිළිඳු ලෝකේ මාලිගාවක් කළා
ඒ තැනු මාලිගා සුන් වෙලා ගිය දිනේ
හඩන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා

පෙම් සිහිනේ ....

වස්සානයේ තනි වෙලා තුරුලුවී උණුසුමින්
දැගිල්ලේ පැටලී උන් සැන්දෑව සුන්දරයි
ඔබ මගේ හැම බවේ දිව්රලා සෙනෙහසින්
කි කතාව මාගේ ලෝකේ තනි වෙලා ගියා

පෙම් සිහිනේ .......


ගායනය - ප්‍රදීප් රංගන


Thursday, July 17, 2014

Kalpayak ma - Romesh sugathapala Lakmini Udawatta

කල්පයක් මා බලාන ඉන්නම්

කල්පයක් මා බලාන ඉන්නම්
අල්පයක්වත් වෙනස් නොවී
ඔබෙ ආදරේ මා වෙත
ලැබෙනා තුරා ලැබෙනා තුරා

සත්තකයි මා ඔබේම වෙන්නම්
අංශුවක්වත් වෙනස් නොවී
ඔබේ ජීවිතේ මා වෙත
පුදනා තුරා පුදනා තුරා

නෙතු පියන්න බැරි වෙන තරමට
ආදරේ ගෙනත්
ජීවිතේම වෙනස් කරනා
මා හටත් හොරෙන්

මා දකින්න ඇවිදින් හීනෙට
ආදරේ අරං
ආදරේ දැනෙනවා මට
අහසටත් උඩින්

කල්පයක් මා...............



ගායනය - රොමේෂ් සුගතපාල


Mp3 Download
 

Friday, April 4, 2014

Bala Innam - Romesh sugathapala

බලා ඉන්නම්

බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං
එදා කී කතා සිත පතුලේ තියා //

ඔබ හැර ගිය පෙම්බර හිත
තනියෙන් ඉකි බින්දා
හද මඩලේ ඔය රුව මා
ගෙත්තම් කෙරුවා //

ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් .........

මගෙමයි කියු දිගු දෙනයන
අද මට හිමි නැතුවා
මුළු ලොව මට ලැබුනත් මදි
ඔබ නැති හින්දා //
ඔබට මා පෙම් කළා රිදවලා හැර ගියා
ඔය මුවේ මුදු සිනා මැවෙනවා පෙනෙනවා

බලා ඉන්නම් ........


To Download the mp3 Click here 

ගායනය -රොමේෂ් සුගතපාල

Wednesday, March 26, 2014

Awase a dura giya (Waramal Teledrama Song) - Ruwan Hettiarachchi

ආවාසේ ඈ දුර ගියා

ආවාසේ ඈ දුර ගියා
ආරාධනා ගිලිහුනා
කඳුලේ හීතලේ
සුසුමේ රඳවලා
අඳුරේ මා තබා
සඳ සේ බැස ගියා


එකම මගක ගිය ඒ කාලේ
පැතුම් අතුරලා
සඳට කී කථා තනිවේවී
හැඟුම් ගොළුවෙලා

නුඹගේ මුදු ගී රාවේ
නොඇහේ හද වීණාවේ
රුව නෑ නෙතු මානේ
නුඹ නෑ නැවතිලා
කඳුලේ හීතලේ
සුසුමේ රඳවලා

අදුරේ මා තබා
සඳ සේ බැස ගියා


ගායනය - රුවන් හෙට්ටිආරච්චි

To Download the mp3 Click here

Friday, March 21, 2014

Sonduriya - Amarasiri Pieris

සොඳුරිය

සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැඳි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොඳුරිය


සොඳුරිය

ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොඳුරිය


ගායනය - අමරසිරි පීරිස්

To Download the mp3 Click here  

Wednesday, March 19, 2014

Pana Mada Kadithi - Sunil Edirisinghe

පැන මඩ කඩිති

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු ....................




ගායනය - සුනිල් එදිරිසිංහ
To Download the mp3 Click here   

Friday, March 14, 2014

Husma Sibinnam - Saranga Disasekara ft Umali Thilakarathne

හුස්ම සිඹින්නම්

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා

මේ හිත ගත්ත රෑ හීන චායා
නෙතු ගාව නැවතීලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා

තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා
දුර ඈත ඔබ ගාවා සඟවා
හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා

සුසුමන් සුවඳේ පාවීලා
ඔබෙ අසලට වීලා
මගේ ආදරේ ගලපාලා
ඔබෙ නමටම ලියලා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

හැඟුමන් මහදේ පීදීලා
ඔබෙ තුරුලෙම සොයලා
නිහඬව අඳුරේ තනිවීලා
ඔබ සෙව්වා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

To Download the mp3 Click here 

ගායනය - සාරංග දිසාසේකර & උමාලි තිලකරත්න 

Wednesday, March 12, 2014

Aye Enna Pana Mage - Chamika Sirimanne

ආයේ එන්න පණ මාගේ


ආයේ එන්න පණ මාගේ ආදරේ අරන්
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත්
කඳුලැල් මවා නෙතේ මොනවාද අත් වුනේ
පවසන්න ඇයි මෙසේ 

සෙනෙහස තාමත් නොහැඟුනේ

තනිකම මැදින් එදා

සමනල් රටා මවා
වචනෙන් නොකී කතා 

හොරකම් කළා ඔයා
හීනෙන් හැඬුවේ

දුකටයි රහසේ 
තනිවී දිවියේ

ආයේ එන්න පණ මාගේ . . . . .

හසරැල් මතක් වෙලා 

නිතැතින් සුසුම් හෙළා 
කඳුලින් නුවන් තෙමා

දෙනෙතත් ගිලන් වෙලා
පූජාසනයේ මා නම් පැතුවේ

ඔබමයි සසරේ 

ආයේ එන්න පණ මාගේ . . . . . . . 


ගායනය - චාමික සිරිමාන්න


Wednesday, February 19, 2014

Handuman - Centigradz

හැඟුමන්

ඇසිපිය නටයි
ඔබ දුටුවම හැඩකාරියේ
සිත උමතු වෙයි
ඔබෙ රුව නිසා දඟකාරියේ

මුහුණේ පෙම්පාට
සිරුරේ පින්පාට
දුටු මගේ සිල් බිඳෙයි
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට
බැඳෙමි සත්තයි ලඳේ

සුපෙම් ශෘංගාරියේ
ඔබේ ඔය දෑසින් විහිදෙනා
හැඟුම් රැඟුමන් පිරී
පිටාරේ යයි මගේ ආදරේ



ගායනය - Centigradz

Friday, January 17, 2014

Maga Balana - Dilshan Weerasinghe

මග බලනා

මග බලනා ළඟ හිඳිනා
ඔය හිත මගේ වෙලා
මට දිවුරා මග අහුරා
සුසුමක් කතා කලා

පපුතුරේ ගැඹුරේ රැඳී
මැවෙනා හැඟෙනා හීනේ ඔයා

යනෙන දිගු ගමනේ
හෙවනැල්ල වෙන්නම්
මගේ හුස්ම දවටා
නුඹ ළඟ තියන්නම්

පපු තුරේ ................

මතක නැති සෙනෙහේ
ඇරඹුම සොයන්නම් 

රැඳෙන ඔය දිවියේ
වසන්තය වෙන්නම්
 

පපු තුරේ ................. 

ගායනය - දිල්ශාන් වීරසිංහ





To Download the mp3 Click here

Followers