Pages - Menu

Earn Money Online

Showing posts with label R. Show all posts
Showing posts with label R. Show all posts

Sunday, January 28, 2018

Raa Sihine Ma - Sanka Dineth

රෑ සිහිනේ මා

රෑ.....රෑ සිහිනේ මා මායාවේ පෑ  සේයාවී ඈ
ඈ.... මදහාස පා  දැහැනේ බිඳී ආදරේ පෑ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළදේ //

සනසාවී මා හා  හුස්මක් හෝ පාලා
දෙනුවන් වසාලා සතපාලා
සන්තාපේ මා හා  අනුරාගේ පාලා
මුවඟින් සිනා පා පිදුවා

මා......මා දුටුවේ ඈ නෙලනා රුවේ
දසුනක් මැවේ
ඒ......ඒ රැයම මා සිටියේ නුඹේ
යහනේ ළදේ

ඔය බඹසරට සිත බැඳිලා
ඔය නෙතට මා ගැටුණා
ජීවිතය උමතුයි ළඳේ //

සනසාවී මා හා........................

ඔය බඹසරට සිත බැඳිලා......................



ගායනය : සංඛ දිනෙත්
පද රචනය : රුවන් ගුරුගේ
සංගීතය : සංඛ දිනෙත්

Sihinayak (Raya Pahan Kala) - Nadeeka Jayawaradane


රැය පහන් කළා ඔබ ගැන සිතමින් (සිහිනයක්)

රැය පහන් කළා ඔබ ගැන සිතමින්
මා හද උමතුවෙන්
නීල නුවන් දකිනා තුරු ඔබගේ
මා නෙත් අවදියෙන්
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
අප සිත් එක් වේවී
අපේ ආදරේ උණුසුම ලබමින්
ඒ සිත සැනසෙවි

පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි
තාමත් මට මතකයි
වෙරල දිගේ ගං ඉවුරු දිගේ
ඇවිදපු හැටි මට මතකයි
යෞවනියක වී ඔබ මා අත ගෙන
මේ සැන්දෑ යාමේ
සොඳුරු ආදරේ මිහිර විඳින්නට
මේ සුමිහිරි යාමේ

මා සුන්දර සිහිනයක් මැව්වා
අප වටකර සිහිනයක් මැව්වා
ඔබ මගෙ කර සිහිනයක් මැව්වා
ප්‍රියාදරියේ //

ගායනය - නදීක ජයවර්ධන

Ruwan Tharaka - Bandara Athauda

රුවන් තාරකා

රුවන් තාරකා
නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී
වේදනා නිවා //

නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

රුවන් තාරකා....................

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ

රුවන් තාරකා...................


ගායනය - බණ්ඩාර අතාවුද

Saturday, November 3, 2012

Raththaran Mage - Damith Asanka, Ashanthi

 රත්තරන් මාගේ


රත්තරන් මාගේ සුරඟනක් වාගේ
ඇස් වලින් කී දේ ආදරේ නේ
හුරතලේ මූණේ මල් මිටක් වාගේ
කම්බුලක් ගානේ හාදු ඕනේ

හිත් යායේ පෙම් මල් පීදී
අමරසදෝ  වෑහෙන්නේ
වස්සානේ ඇවිදින් මාගේනේ නෙතු මානේ
නිල් මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

දුක්  වින්දේ සුසුමක් ගානේ
මා හැඬුවේ ඇල්ලක් වාගේ
මුළු ලෝකේ එරෙහී වූ එදා
දැනුනේ  රස නොයිදුල් දීගේ
හීනෙන්  දුටු පාරාදීසේ
පියවෙන්නේ පහසින් දෙනුවන් මා


රත්තරන් මාගේ...........................

නාදල්ලේ  පාටයි වාගේ
සිපගන්නත් ලෝබයි ඈගේ
දෙතොලේමයි නැවතී ඉන්නේ මා
මනමාලයි  හැඟුමන් දෑසේ
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ
ඔබ මාගේ පනමයි සෑමදා


රත්තරන් මාගේ...........................

To Download mp3 click here 

ගායනය - අශාන්ති සහ දමිත් අසංක
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා

Thursday, May 10, 2012

Rosa Kathandara - Nimanthi Chamodi





රෝස කතන්දර 

රෝස කතන්දර යායක මල් බර
හදවත් ඉඟි මැරුවාවේ
කවුරුත් දන්නැති ආදරයක් මැද
අරුමෝසම් උද්‍යානේ


අතිනත ගෙන දවසක් දා
තුරුලු වෙන්න බැරි හින්දා
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා හුරතල් එපා


ඇස් මානේ සන්සුන් හිනාවේ
පිනි යහනේ පෙම් මන් තලාවේ
රෑ සලුවකට මන් දැවටෙන්නම්
මට ඉඩ දෙන්න සඳ සාදයේ

පෙම්වත්  කතා තහනම් නිසා
ඇසඟින් බලා දඟ වැඩ එපා


රෝස කතන්දර..............



ගිම්හානේ අනුරාග යාමේ
පිපුනාවේ නිල් මල් විමානේ
ඔය පපුතුරට මං ගුලිවෙන්නම්
මට ලං වෙන්න මධු සාදයේ
පෙම්වත් කතා තහනම් නිසා
ඇසඟින් බලා විඳවනෙපා



රෝස කතන්දර..............


To Download mp3 click here


ගායනය :- නිමන්ති චමෝදි
පද රචනය :-
සංගීතය :-






Sunday, March 11, 2012

Rathu Rosa Mal - Gihen Nishan & Chethana Ranasinghe

රතු රෝස මල්




රතු රෝස මල් උන්මාදිනී
ඔබ ඉන්න මට ලං වෙලා
සඟවන්න මා ඔබෙ උණුසුමේ
මේ සීත යාමේ පුරා
මේ සීත යාමේ පුරා 



රිදවා ඔබේ දෑස කඳුලින් තෙමා
හිනැහෙන්න බෑ හීනයෙන් වත් සදා


ඔබේ සතුට මගේ කඳුල ළඟ යැයි කියා
පවසන්න මියැදෙන්න කඳුළැල් සලා
අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ


රතු රෝස ල්.........................



ඉඩ දෙන්න සැනසෙන්න තව ලං වෙලා
ඔබෙ හුස්ම විඳ ගන්න දෙතොලඟ තියා


මගේ හීන සරසන්න සුවඳක් වෙලා
සුසුමේ වෙලී ඉන්න මාගේ වෙලා
අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ


To Download The mp3 click here.


ගායනය: ගිහෙන් නිශාන්
සංගීතය:   ගිහෙන් නිශාන්
පද රචනය: එස් ප්‍රනාන්දු 

Saturday, March 10, 2012

Rathriya Uda Wuna - T.M Jayarathna

රාත්‍රිය උදා වුනා





රාත්‍රිය උදා වුනා
නින්ද ඇයි නොඑන්නේ //
රාත්‍රිය උදාවුනා 


ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා වුනා..........

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්


රාත්‍රිය උදා වුනා...........


To Download The mp3 click here.


ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Saturday, March 3, 2012

Rathriye Pipennam - Keshan Sashindra

රාත්‍රියේ පිපෙන්නම්




රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා //

සඳ සළුව ලිහේ නම්
සුළං රැල් හමා //
හාදුවක් තියන්නම්
ආදරේ කියා

ආදරේ කියා


රාත්‍රියේ පිපෙන්නම්...............


දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා //
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා

පපුතුරේ හොවා


රාත්‍රියේ පිපෙන්නම්...............



To Download The mp3 click here.





ගායනය : කේෂාන් ශශීන්ද්‍ර
පද රචනය :
සංගීතය :

Wednesday, February 29, 2012

Ra Wada Muraya - Sunil Edirisinghe

රෑ වැඩ මුරය අවසන් වන කනිසමට




රෑ වැඩ මුරය අවසන් වන කනිසමට

නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණලු කැරලි වැටෙනා සඳ අලුයමට
නුඹේ ලොවට රෑවෙයි පෙර කළ පවට


තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල් විය නොවෙද මේ දියකර හරින්නේ
මැසිමද හිතද මහ හයියෙන් හඬන්නේ

රෑ වැඩ මුරය..............................

නුඹෙ කඳුළැලිද සයුරේ රළ නගන්නේ
හද සුසුමන්ද පවනක් වී හමන්නේ
තනි නොතනියට හෙවණැල්ලද සිටින්නේ
ඇඳුමද නුඹේ ජීවිතයද මහන්නේ



To Download The mp3 click here.



ගායනය : සුනිල් එදිරිසිංහ

Thursday, February 9, 2012

Ra Sihinen - Namal Udugama

රෑ සිහිනෙන්



රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

රෑ සිහිනෙන් .........................

ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනෙන් .........................



To Download The Original MP3 click here.


To Download the Remake Click Here










ගායනය - නාමල් උඩුගම
පද රචනය -
සංගීතය -

Reta Mang - Romesh ft Jithmi

රෑට මං සිහිනෙන් ඇවිදින්

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම් //

මේ ප්‍රේම පාරේ පිය මැන්න අපි දෙන්නා
සිහිනේ සදාදී ඔය තුරුලෙ මං උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං

රෑට මං සිහිනෙන් ඇවිදින්..................

පිණිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගෙ මම ඉන්නම්
මේ පෙම් කතාවෙ බඹරිදු තමා මං
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්

රෑට මං සිහිනෙන් ඇවිදින්..................


To Download The mp3 click here.






ගායනය - රොමේෂ් & ජිත්මි
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය -රොමේෂ් සුගතපාල





Tuesday, February 7, 2012

Rahase Handana - Clarence Wijewardena

රහසේ හඬනා



රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරැ සේ
තනි වී තැවෙනා පෙම් සුසුම් //

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරැ වේදනා

රහසේ හඩනා අප හැඟුම්//

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරැදු ලෙසින් බැදී
ආදරයේ රස මියුරැ වේදනා..

රහසේ හඩනා අප හැඟුම්//



To Download The Original MP3 click here.


To Download the Remake Click Here




ගායනය - ක්ලැරන්ස් විජේවර්දන
පද රචනය -
සංගීතය -




Followers