Pages - Menu

Earn Money Online

Showing posts with label Shashika Nisansala. Show all posts
Showing posts with label Shashika Nisansala. Show all posts

Sunday, March 10, 2013

Malsara Heesarin - Shashika Nisansala

මල්සර හීසරින්

මල්සර හීසරින් ඇස් පිල්ලම් යටින්
රිංගා කාටත් හොරෙන්
කවුරුත් නැති සිත් මලින්
ඉල්ලන්නේ මා ඔබෙන්
දෙනවාද මා හට දෙනවාද මට ආදරේ

මල්සරාගේ දුන්න වැරදී මටම වැදුනාදෝ
පාලු නගරේ ඉන්න ආසයි
ඉඩක් දෙනවාදෝ
දිගන්තයකින් අනන්තෙට යන
පාර මැද ඉන්නම් ඔබට ලංවී

හදේ දොරටුව ලඟට ඇවිදින්
සිතද ඉල්ලන්නේ
මගේ නගරේ තවත් කෙනෙකුට
ඉඩක් නෑ දෙන්නේ
වසර ගණනක් පෙරුම් පුරලා
ලැබූ මන්දීරේ මටම හිමිවූ


මල්සර හීසරින්.........................

To Download mp3 click here  



ගායනය - ශෂිකා නිසංසලා


Saturday, October 20, 2012

Unu Kandulak wee dase - Shashika Nisansala

උණු කඳුලක් වී දෑසේ


උණු කඳුලක් වී දෑසේ 
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දනුනාද මගෙ ආදරේ //

හද වේදනාවෙන් වැළපෙයි අනේ
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ

කුළුදුල් ආලේ රසකලේමී
ළමැදේ හංගා ගුලි කලේමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා

උණු කඳුලක් වී දෑසේ...............


ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලතී
මගෙ මිතුරිය හා ඉගිලීල
ඔබ යයි මා නෙතු රවටාලා
ඉකි ගසනා හද හඬවාලා


උණු කඳුලක් වී දෑසේ................//


To Download mp3 click here

ගායනය - ශෂිකා නිසංසල

Tuesday, August 21, 2012

Husmak Durin Inna - Shashika Nisansala

හුස්මක් දුරින් ඉන්න


දුර යන්න සිතුවාට සැඟවී හොරෙන් 
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුළු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බැ ඔබෙන්

අවතැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමි මං
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින්

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපිට දැන්
එක්වෙන්න සංසාරේ පිං මදිව නම්

අපි දෙන්නා එක තැනම මිය යමු ඉතින් 

දුර යන්න සිතුවාට..............................


To Download mp3 click here



ගායනය - ශෂිකා නිසංසලා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

Sunday, June 24, 2012

Neela Sindu diya ( Suba Tele Darama ) - Shashika Nisansala & Dinesh Subasinghe

නීල සිඳු දිය 


නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ
ප්‍රාර්ථනා රැළි පිසේ විසිර යලි සැඟවෙයි ආදරේ
සීත සුව දෙන පවන වාගෙමයි ආදරේ ආදරේ
ප්‍රාර්ථනා සුවඳ දී නිහඬ සිත පුබුදයි ආදරේ

කොහේදෝ දුර නිම් තේරෙන් නැග සෙමින් ලං වන්නේ
යෞවනේ පෙන මල් පියලි ගෙන වෙරල සිප ගන්නේ
සිනාසී හැඩ මල් වියන් පිස ලඟින් දැවටෙන්නේ
මල් සමේ සඳටත් සිසිලමයි හදට කැඳවන්නේ

කියා ගනු බැරී සිතා ගනු බැරී ගීතයක්දෝ මේ
නුහුරු නුපුරුදු නුහුරු නුපුරුදු හීනයක්දෝ මේ
නීල සිඳු දිය යහන වාගෙමයි ආදරේ


To Download mp3 click here




ගායනය - ශෂික & දිනේෂ්

Friday, March 23, 2012

Adahanna Ba Obada me - Shashika Nisansala

අදහන්න බෑ ඔබද මේ




අදහන්න බෑ ඔබද මේ
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වයකිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතූ පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ
කවියක්ද ඒ ආදරේ

ගිම්හානයේ සුහුබුල් සඳේ
නෑඹුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවී ගියාදෝ කවි වැල් ගෙතූ
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ


අදහන්න බෑ ඔබද මේ……….


To Download The mp3 click here.


ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය :
සංගීතය :

Followers