Pages - Menu

Earn Money Online

Showing posts with label Athma Liyanage. Show all posts
Showing posts with label Athma Liyanage. Show all posts

Thursday, January 31, 2013

Hitha Dura Handa - Athama Liyanage

 හිත දුර හන්දා

හිත දුර හන්දා නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත පෑහින්දා
අරුත කියන සෙනෙහේ

නුඹම වේද මන්දා //

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා ..........................

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඬවෙන හිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා

හිත දුර හන්දා ...//


To Download mp3 click here 



ගායනය :- ආත්මා ලියනගේ
පද රචනය :- රාචිත්‍ර වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුණගේ


Tuesday, February 14, 2012

Liyathambara - Athma Liyanage

ලියතඹරා



ලියතඹරා
මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇයයි //

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණවෙ තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි
ලියතඹරා............


මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟුකැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි
ලියතඹරා.......................


To Download The mp3 click here.









ගායනය:  ආත්මා ලියනගේ
සංගීතය:
පද රචනය:
 

Monday, February 6, 2012

Ayemath Adaren - Athma Liyanage

ආයෙමත් ආදරෙන්





පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්

ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උර හිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා


නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා

පෙනෙන නොපෙනෙන...................






ගායනය - ආත්මා ලියනගේ
පද රචනය - රචිත වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Followers