Pages - Menu

Earn Money Online

Monday, February 6, 2012

Ayemath Adaren - Athma Liyanage

ආයෙමත් ආදරෙන්





පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්

ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඬන හිනැහෙන නෙත් නුඹේ උර හිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා


නුහුරු නුපුරුදු හීන අරන්
ලඟට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා

පෙනෙන නොපෙනෙන...................






ගායනය - ආත්මා ලියනගේ
පද රචනය - රචිත වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

No comments:

Post a Comment

Followers