ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා //
අරුත පසිදින්නට කියා
අවසානයට පෙර ඈ ගියා
ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නියා //
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා
ඇරඹුමම කඳුලක් වෙලා..................
To Download The mp3 click here.
ගායනය - කසුන් කල්හාර
සංගීතය - නාලක අංජන කුමාරපද රචනය - දිලීප අබේසේකර
No comments:
Post a Comment