Pages - Menu

Earn Money Online

Showing posts with label Uresha Ravihari. Show all posts
Showing posts with label Uresha Ravihari. Show all posts

Wednesday, January 7, 2015

Dura Atha Sulangeda - Uresha & Udaya Sri

දුර ඈත සුලඟේද

දුර ඈත සුලඟේද පාවී හමන්නේ
උපනූපන් හැම වාරයේ
මුදු සීත
සුවඳේද මුසුවී දැනෙන්නේ
සංසාර ආරන්යයේ

බිඟු ගායනා සොයා මේ
පෙර ඇසුරදෝ හැඟෙන්නේ
උන්මාද යෞවනය විසිරී ගියාවේ
මේ රම්‍ය මිටියාවතේ

ප්‍රියයානනේ හද විල් ජලේ ඉපිලී නැගේ තරංගා
බොඳ මීදුමේ නෙතු මායිමේ සැඟවී පිපේ ප්‍රාර්ථනා
තුරුවැල් විමානේ රැව් දෙන්නේ 
මේ විහඟ ගී ගායනා

ගිම්හානයේ හේමන්තයේ ඔබමයි මගේ වසන්තේ
සිහිලැල් නොවේ වස්සානයේ උනුහුම පිරේ පෙම්සිතේ
කවිකම් විලාසෙන් ලියවෙන්නේ
මේ සොදුරු සන්ගායනා

දුර ඈත සුලඟේද පාවී හමන්නේ........

MP3 Download 



ගායනය - උරේෂා රවිහාරි & උදය ශ්‍රී

Thursday, March 1, 2012

Hina Wenna Bari Tharamata - Dammika & Uresha Ravihari

හිනා වෙන්න බැරි තරමට




හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ

තැනූ මාලිගා තැනූ මාලිගා


කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //

නුඹේ නමින් මගේ හදේ
මැවෙනා ගීතිකා මැවෙනා ගීතිකා

දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා

නුඹ රහසින් ඇවිත් 
මගේ ලොවම හීනයක් කලා

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කලා


හිනා වෙන්න බැරි තරමට.............


To Download mp3 click here.




ගායනය : ධම්මික & උරේෂා
පද රචනය :
සංගීතය :

Followers