Pages - Menu

Earn Money Online

Tuesday, March 27, 2012

Kumaranane - Mariazelle Goonetilleke

කුමරානනෙ







කුමරානනෙ නැතිදෝ දන්නේ
මාගේ සුපෙම් සිහිනේ
මල් යායට හිනැහෙන්නේ
මල් යායම නැහැ දන්නේ
ඔබේ ඇසගින් බලා
සනසන් මගේ සිහිනේ

සඳුටත් කියලා
ඉරුටත් කියාලා
ඔබ තරුවෙන් අරන් ගියා

සුවඳ සදා පෙති විහිදා
සුමුදු සිනා විඳි සිහිනේ

කඳුලින්ම ගිනි බින්දේ

සුසුමක් තියලා
සුවඳත් තියලා
ඔබ සුවඳ අරන් ගියා
මගේ කියා දෑස පියා
මම ඔබේ ලගින් හිටියා
ඔබ ගව් සිය දුර ඇදුනා


කුමරානනෙ ..................


To Download mp3 click here




ගායනය - මරියසෙල් ගුණතිලක
පද රචනය -
සංගීතය -

Sanda Pahan Raye - Indika Upamali

සඳ පහන් රැයේ මේ





සඳ පහන් රැයේ මේ
සඳ පහන් රැයේ උනුහුමක් හොයාගෙන
හොයාගෙන හොයාගෙන ඇවිල්ලා
සැතපෙන්න, සොඳුරු පෙම් සිහිනයේ

අනේ මම රාත්‍රිය වුනා නම්


මුව උඩින් පාත් වී හිඳිමි
සිනා මල් මිටක් වී පිපේවී
අනේ මම රාත්‍රිය වුනා නම්

ලඟ ලඟම මා එතැයි සිතාලා
බිඳක් වත් දෑස හැර බැලී නම්
ඇබින්දක් ඔය මුහුන සිඹින්නට

අනේ මට ඔබව හිමි වුනා නම්


ගිලන් වී ඔබ හිඳින වෙලාවේ
ආදරයෙන් ලං වෙලා හිඳීවි
උරහිසේ හිස හොවා හඬන විට
හාදු වැස්සක්, වෙලා වැටේවී

සඳ පහන් රැයේ මේ

සඳ පහන් රැයේ සදා
කල් ලඟින් හිඳින්නම්

මං නුඹව මලක් සේ රකින්නම්

අනේ මං මලක් සේ රැඳෙන්නම්


ඔය හිතේ මට ඉඩක් තියේ නම්
ආදරයෙන් ලං වෙලා හිඳීවි
හාදු වැස්සක් වෙලා වැටේවී


To Download mp3 click here






ගායනය - ඉන්දිකා උපමාලි
පද රචනය -
සංගීතය -

Sunday, March 25, 2012

Nuga Sewanak Se - Somathilaka Jayamaha

නුග සෙවනක්







නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි //

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න //

මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවනක් සේ.......


සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න //
ඔරුවක් වෙමි මම හැමකල්

දිවි සයුරෙන් එතෙර වන්න


නුග සෙවනක් සේ....... //



To Download mp3 click here


ගායනය - සෝමතිලක ජයමහ
පද රචනය -
සංගීතය -

Aluth Wassak - Sunil Edirisinghe

අලුත් වැස්සක්



අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි නුඹ වගේ
අලුත් වැස්සක් වහින්නට සැරසේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනී
නියං කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැරසේ


වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැරසේ


අලුත් වැස්සක්...........................



To Download The mp3 click here.


ගායනය : සුනිල් එදිරිසිංහ

Kalpa Kalayak pura - Sanka Dineth & Meena Prashadini

කල්ප කාලයක් පුරා


කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා //
දෑසේ නැවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා  


මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා


කල්ප කාලයක් පුරා..................

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ //
නෙත් පහසේ ගෑවුනා සිත අහසේ යාවුණා

ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා 


කල්ප කාලයක් පුරා.................


To Download The mp3 click here.

ගායනය : සංඛ දිනෙත් & මීනා ප්‍රසාදිනී
පද රචනය :
සංගීතය :


Friday, March 23, 2012

Labandiye - Lahiru Perera

ලබැඳියේ


ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා

පෙම් කරමු රහසේ සැඟවිලා


ලබැඳියේ ලබැඳියේ
මා
සිතුම් සිරකලා
ලබැඳියේ ලබැඳියේ
මා සිතින් පෙම්කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා

මට ඉන්න ඇත්නම් තනි වෙලා


ලබැඳියේ ලබැඳියේ..............

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ඳ සතුටේ නිම් සොයා

ඔබ යන්න සුළඟේ අප දමා


ලබැඳියේ ලබැඳියේ............

To Download The mp3 click here.




ගායනය - ලහිරු පෙරේරා
ගීපද - මනුරංග විජේසේකර
සංගීතය - ලහිරු පෙරේරා

Madu Chandra Yame - Kasun Kalhara (Kusa Paba Movie)

මධු චන්ද්‍ර යාමේ





මධු චන්ද්‍ර යාමේ මෝදු වේ
උන්මාදනීය රාත්‍රියේ
අනංග දෙවොලේ දල්වා දීපාවලී
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 
මධු චන්ද්‍ර යාමේ මෝදු වේ 

වරල සිකිපිල් සෙමෙර සලමින්
නයන නිලුපුල් සුවඳ ඉසිමින්
උරමඩල සියපත් වතින් නිති සරසා
ප්‍රියයාන හදවත තුනු සිරින් සදනු

දෙතොල මීවිත අමා පුදමින්
දෙතන කළසින් පවස නිවමින්
සිරි යහන සුපහස තනා පුලුලුකුලේ
පතිකුලය සුමිහිර සදා රැක වසනු


 මධු චන්ද්‍ර යාමේ...................... 


To Download The mp3 click here.


ගායනය : කසුන් කල්හාර
පද රචනය :
සංගීතය :



Adahanna Ba Obada me - Shashika Nisansala

අදහන්න බෑ ඔබද මේ




අදහන්න බෑ ඔබද මේ
සිඳලන්නේ ඇයි ප්‍රථම ප්‍රේමේ
ආදරේ විශ්වයකිමැයි
ඔබ නේද මා හා කියුවේ
සුසුමින් ගෙතූ පද නිම් නොවු
කවියක්ද ඒ ආදරේ
කවියක්ද ඒ ආදරේ

ගිම්හානයේ සුහුබුල් සඳේ
නෑඹුල් මලක් රහසින් සැලී
මල් සැඟවුනා පෙති හැකිලුනා
සඳ සැඟවුනා තරු වැලපුනා
අසරණ වෙලා මා නෙතු දිය වුනා

පිනි බිංදුවේ විහගුන් තුඩේ
සැඟවී ගියාදෝ කවි වැල් ගෙතූ
මේ බිම් තෙරේ මේ තුරු ඉමේ
සලකුණු මැකී නෑ සෙවනැලි සැලේ
කදුළක් කලා මා ජීවිතේ


අදහන්න බෑ ඔබද මේ……….


To Download The mp3 click here.


ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය :
සංගීතය :

Unuhuma madi Wage Nam - Tehan Perera

උණුහුම මදි වගෙ නම්




උණුහුම මදි වගෙ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්
තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අඳිමින්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස දී

මට නිදිමත වෙන්නෑ
කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ

තුරුලේ මියැදෙන්නට මට අවසර නම්


හිරිවැටුනු මගෙ දෙතොලෙ ...............


To Download The mp3 click here.






ගායනය : ටෙහාන් පෙරේරා
පද රචනය :
සංගීතය :

Nil Ahasa Pura - Romesh sugathapala

නිල් අහස පුරා


නිල් අහස පුරා උණුසුම සදලා  
සැමදා මගේ තාත්තා 
සෙනෙහස වපුරා මහමෙර උතුරා 
සැමදා මගේ තාත්තා 


සිහිනයේ සැබෑව මට පහදා 
සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා 
නිදි නැති කප්තුර බොහොසේ ගෙව්නා 
ඔබ හින්දා මං ලෝකය දිනුවා 
සිනහව කැන්දා  කඳුළැල් සඟවා 
නුඹ උන්නා මගේ තාත්තා 
දෙවිවරු පරදා නුඹ මට සැනසුම 
සැදුවා මගේ තාත්තා 


නිල් අහස පුරා උණුසුම සදලා.......


නෙතු වෙහෙසා බලමින් උන්නා 
මා දිනු ලෝකය දෝතට රන්දා 
දෙපා මුලින් තවත් නුඹ හිතවා
ආයෙත් නොයෙන්න නුඹේ නෙතු වැසුනා 
කොහෙදෝ නුඹ ඈතක ඇදුනා
ඇදුනා මගේ තාත්තා 
සැනසී හිඳින්න මා දැන් දිනුවා
දිනුවා මගේ තාත්තා 


නිල් අහස පුරා උණුසුම සදලා........


To Download The mp3 click here.


ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :
සංගීතය :

Wednesday, March 21, 2012

Ahasa Numba Metharam - Romesh sugathapala

අහස නුඹ මෙතරම්





අහස නුඹ මෙතරම්
සයුර නුඹ මෙතරම්
ආදරේ මෙතරම්
සිහිනයකි නුඹ නම් //

සිහින දකිනා අඳුරු කුටියේ
උදා කිරණයි නුඹ මගේ //
ජීවිතේ හඬයි නුඹ ඉල්ලා
නුඹට මා ආදරේ
නුඹට මා ආදරේ

අහස නුඹ.................. //

අවපසයි මේ ජීවිතය මට
සිසිල් දිය නුඹ නොනැවතී //
මදුර ගී නුඹමයි සරා සඳ
දුරස් වන්නට එපා දැන්
දුරස් වන්නට එපා දැන්


අහස නුඹ........ //


To Download The mp3 click here.


ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :
සංගීතය :

Monday, March 19, 2012

Man dotha Pawata - Umaria FT Dushan

මන් දෝත පෑවාට





මන් දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ
ගන් ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ
මල් රේනු ඉම්බාට මන් ගාව මල් නෑනේ පිපුනේ
මන් හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ


හිස් වා තලයේ හිත පාවෙනවා
හිරිමල් හීනේ උන්නත් නිබඳේ
මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ
කිමද නොහැඟේ


නිල් ඟන් දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
ඇයි එය දැක බිඟු කැන් නාවේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ

මං තාමත් තනියෙන්මයි ඉන්නේ 


ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ

මං තාමත් තනියෙන්මයි ඉන්නේ
හිස් වූයේ ඇයි සන්තානේ


මන් දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ
ඟන් ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ


හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ
උන්නත් නිබඳේ
මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ

කිමද නොහැඟේ


ලතැවුල් ලං ලං වූ දා කවුරුද උන්නේ සමීපේ
හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළු වී


නිල් ඟන් දිය ‍රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
රොන් ගන්නයි බිඟු කැන් නලියන්නේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ

පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ 

ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ
පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ
සන්තෝසේමයි ලංවන්නේ
සන්තෝසේමයි ලංවන්නේ 




To Download The mp3 click here.



ගායනය - උමාරියා & දුෂාන්
පද රචනය -
සංගීතය - 


Sunday, March 11, 2012

Me wedana Mata Pawarala - Namal Udugama

මේ වේදනා මට පවරලා




මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කල කෙනා ඒ


ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා 

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා


ළඟ උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක වුනාදෝ නිස් කාරනා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්



ඔබට මා හිමි නෑ ......................................


ම කඳුළු අතරේ රඳවා තියාලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා

යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්


ඔබට මා හිමි නෑ......................................


මේ වේදනා මට පවරලා...........................


ඔබට මා හිමි නෑ......................................



මේ වේදනා මට පවරලා...........................



To Download The mp3 click here.


ගායනය - නාමල් උඩුගම
පද රචනය -
සංගීතය -

Rathu Rosa Mal - Gihen Nishan & Chethana Ranasinghe

රතු රෝස මල්




රතු රෝස මල් උන්මාදිනී
ඔබ ඉන්න මට ලං වෙලා
සඟවන්න මා ඔබෙ උණුසුමේ
මේ සීත යාමේ පුරා
මේ සීත යාමේ පුරා 



රිදවා ඔබේ දෑස කඳුලින් තෙමා
හිනැහෙන්න බෑ හීනයෙන් වත් සදා


ඔබේ සතුට මගේ කඳුල ළඟ යැයි කියා
පවසන්න මියැදෙන්න කඳුළැල් සලා
අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ


රතු රෝස ල්.........................



ඉඩ දෙන්න සැනසෙන්න තව ලං වෙලා
ඔබෙ හුස්ම විඳ ගන්න දෙතොලඟ තියා


මගේ හීන සරසන්න සුවඳක් වෙලා
සුසුමේ වෙලී ඉන්න මාගේ වෙලා
අපෙ ආදරේ හීන වැස්සක වගෙයි
සත්තයි ඔබේ තුරුලේ උණුහුම දැනේ


To Download The mp3 click here.


ගායනය: ගිහෙන් නිශාන්
සංගීතය:   ගිහෙන් නිශාන්
පද රචනය: එස් ප්‍රනාන්දු 

Ate Panthiya - Hesh ft Nathasa Perera

අටේ පන්තිය 





හදා ගත්තේ මාගේ සිත මා
බොහෝ වේදනාවෙන්
සමන්පිච්ච මාලේ සුවඳින්
මගේ සිත වශී වුනා



ගෙනත් දුන්න ලේන්සු ගානේ
කඳුළු මල් සිනා සුනා
සඳුදා පන්තියේදී ලිව්වේ 
ඔබට ලිව්ව ගී තමා


හදා ගත්තේ............


අටේ පන්තියේ බාලේ ඒ කාලේ
ලංවීලා ගත්ත පින්තූරේ
ඒවා මා අතින් ගිනි දමාලා අළු කළා
කඳුළැල් වෑහේ සුසුමන් බේරේ


හදා ගත්තේ.................


To Download The mp3 click here.


ගායනය: හෙෂ්
සංගීතය:
පද රචනය: වසන්ත දුක්ගන්නාරාළ

Saturday, March 10, 2012

Rathriya Uda Wuna - T.M Jayarathna

රාත්‍රිය උදා වුනා





රාත්‍රිය උදා වුනා
නින්ද ඇයි නොඑන්නේ //
රාත්‍රිය උදාවුනා 


ඔබ හමුවූ දා පටන්
මා හදවත අවදියෙන් //
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා වුනා..........

ඔබ අවුදින් සිව් දිගින්
මා දෙනෙතේ දැවටෙමින් //
සිත තැවුල් මවාලයි
පුරා රැය නිතින්


රාත්‍රිය උදා වුනා...........


To Download The mp3 click here.


ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Me Mai Gaha Yata - Milton Mallawaarachchi

මේ මැයි ගහ යට





මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපි

අපට හෙවන දුන්නා
අපට හෙවන දුන්නා


මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ

වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ


වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි

මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ



මේ මැයි ගහ...........................



To Download mp3 click here.


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -

Friday, March 9, 2012

E Sonduru Samanal Wiye - Shihan Mihiranga

ඒ සොඳුරු සමනල් වියේ




ඒ සොඳුරු සමනල් වියේ 
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ 
සුවඳයි ඔබේ ආදරේ

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ


කියන්න ඔබ 
ඇයි  මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ  //


ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //


සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි

හිනැහෙන්න සෙව්වන්දියේ 

හිනැහෙන්න සෙව්වන්දියේ 



කියන්න ඔබ  ඇයි  මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ  //


ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ


හිනැහෙන්න සෙව්වන්දියේ //


ඒ සොඳුරු සමනල් වියේ............... 



To Download The mp3 click here.



ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය :
සංගීතය :

Suwanda Danee - Rukantha Gunathilaka

සුවඳ දැනී





සුවඳ දැනී දැනී දැනෙනවා 
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු බිඳු
හීන් පිනි හුළගේ හිනස්සා හිත ගැඟුම්
සුවඳ දැනී දැනී දැනෙනනවා


ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා 
ජීවිතේ සුන්දරද මෙතරම් 
සුවඳ දැනී දැනී දැනෙනනවා


රෑන රෑන එන පාට පාට සමනළයෝ
පේන පේන මල් සිපගන්නෝ
ආදරේ
ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ
බලාපොරොත්තුව දෝත දරා
මග බලා හිඳි ඔබ එනතුරා
ආයෙ හෙට දවසක් තියේවී අද වාගේ
ජීවිතේ සුන්දරද මෙතරම්



සුවඳ දැනී දැනී දැනෙනනවා............. 


To Download The mp3 click here.




ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:

Seethala Sithuwili - Rukantha Gunathilaka

සීතල සිතුවිලි





සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළබැඳේ
ජීවිත කතරට සිහිලැල් පිණි බිඳු ඉසිමින්
පෙර මං කී නිරිඳේ //


මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩ හිරු දෝතින් මුවා කරන්

සුව බර සෙවනැලි හැදු හැටි


සීතල සිතුවිලි.......................... 


නොසිතූ මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැදුණු හැටි
වැළපෙන පැලකට මල් කැන් දෝත දරන්

හෙට ගැන උරුමය ගෙනා හැටි


සීතල සිතුවිලි.......................... 



To Download The mp3 click here




ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:

Thursday, March 8, 2012

Mal Mitak Thiyanna - Kasun Kalhara

මල් මිටක් තියන්න





මල් මිටක් තියන්න ඔබ අතේ
මට කියා කොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ
තුරු හිසත් මලත් ඔබයි මගේ

සොඳුරු කවි ලියාන නෙත් කොනේ
තාරුකා වහින රාත්‍රියේ
ගෙල වටේ එය වෙලී හමා ඇදී නල රැලී

ඔබයි මගේ


මල් මිටක් තියන්න..............


තුරු ලතා පවා දුකින් වගේ
අත වනා හොයන්නෙ ඔබ කොහේ
හැන්දෑවේ වගේ සයුම්ය වී නිදා ඉන්න
මගේ හදේ


මල් මිටක් තියන්න................



To Download mp3 click here




ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -

Adare Kurutu Ga - Kasun Kalhara

ආදරේ කුරුටු ගෑ




ආදරේ කුරුටු ගෑ 
නෙතු පුරා කදුළු අතුරලා
හසඟනාවියේ නුඹ ගියා
නෙතු මානයේ දුක තියා //

පෑ උදුල් නෙතු විලේ සතපවා
මා ඔ‍බේ වසඟයට ගෙන තබා
හසඟනාවියේ ඔබ ගියා
නෙතු මානයේ දුක තියා

ආදරේ කුරුටු ගෑ................//

රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසඟනාවියේ ඔබ ගියා
නෙතු මානයේ දුක තියා//



ආදරේ කුරුටු ගෑ................ //


To Download mp3 click here


ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -

Wednesday, March 7, 2012

Oba Malak wela - Somathilaka Jayamaha

ඔබ මලක් වෙලා




ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි

ඔබ මලක් වෙලා..........//

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි


ඔබ මලක් වෙලා........ //


To Download mp3 click here


ගායනය - සෝමතිලක ජයමහ
පද රචනය -
සංගීතය -

Malak Wune Ay Numba Mata - Amarasiri Pieris

මලක් උනේ ඇයි නුඹ මට





මලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිප ගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ
ජීවිතයට මග කීවද
ඒ එළියෙන් මහද පහන්

දල්වනු කෙලෙසින්


මලක් උනේ ඇයි නුඹ මට........


සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්

මුමුනණු කෙලෙසින්


මලක් උනේ ඇයි නුඹ මට.........



To Download mp3 click here.


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -

Mage Jeewithe - Dayan Witharana

මගේ ජීවිතේ 




මගේ ජීවිතේ සතුට රැඳී තිබුනේ
තව කෙනෙකුන්ගේ නෙත් සඟලේ යැයි
හසරැල්ලේ යැයි සිතුවේ නෑ
දැනුනේ නෑ ඔබ දකින තුරා

සුන්දරයි සිතූ සියලුම දෙයට වඩා
සුන්දරයි ඔබ
අහිංසකයි කී හැම දෙයකටම වඩා
අහිංසකයි ඔබ
මටම හිමි වෙලා මා ලඟ ඉන්න සදා



මගෙ ජීවිතේ.............


අස්ථිරයි කියූ සියලු දෙයම බොරු වී
ස්ථිරයි ඔබ
කවි සිතකැයි කී මගෙ සිත පාළු මැකී
හිනහෙනවා ඔබ
මටම හිමි වෙලා මා ළඟ ඉන්න සදා


මගෙ ජීවිතේ..................


To Download The mp3 click here.

ගායනය - දයාන් විතාරණ

Duras Wannata Me Lesin - Dayarathna Ranathunga

දුරස් වන්නට මේ ලෙසින්




දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ //

අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද //
පුංචි ළදැරියක් වගේ හුරතලෙන්

ඔබ හිනැහුණු ඒ කාලය මතකද


දුරස් වන්නට මේ ලෙසින්........

අනාගතය ගැන අහස් මාළිගා
අප දෙදෙනා මැවු කාලය මතකද //
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා

ඔබේ ලගින් උන් කාලය මතකද


දුරස් වන්නට මේ ලෙසින්........



To Download mp3 click here.




ගායනය - දයාරත්න රණතුංග

Heena Yaye - Nimesh Chamika

උතුම් ආදරේ





හීන යායේ හැඟුම් සීතලේ
හාද වූ දා හෙමින් සීරුවේ
ආදරේ කියා දුන් හිතේ
ජීවිතේ ලියා දෙමි මගේ //


ආකාසයේ යායේ තියේ
සේයා උතුම් ආදරේ
රෑ  තාරුකා පායේ තියේ
සේයා උතුම් ආදරේ



තිලෝකේ පුරා සරා නිදි වරා
හැඟුම් මාරුතේ මා නිවා
වසන්තේ හිනා අනන්තේ ගෙනා
නැවුම් ආදරේ කී කතා
සංසාරයේ පෙම් මාවතේ
හීනේද මේ ආදරේ

ආකාසයේ යායේ තියේ ............


හීන යායේ...............................


To Download mp3 click here.


ගායනය : නිමේෂ් චාමික
පද රචනය :
සංගීතය :

Monday, March 5, 2012

Hitha Nambara Thaleta - Bathiya Santhush

හිත නාඹර තාලෙට






හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා //

පාළු අම්බරයේ දේදුන්නක් ඇඳිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්

පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට......................

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ

පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට........................


To Download mp3 click here.


ගායනය : B&S
පද රචනය :
 සංගීතය :

Sunday, March 4, 2012

Oba Mata Adare kiya - Minoli David

ඔබ මට ආදරේ කියා




ඔබ මට ආදරේ කියා මට දැනෙනවා
ඔබෙ ජීවිතේ මම කියා මම දන්නවා
ඔබ මට ආදරේ නොකියා
නොදන්නවා වගේ ඉන්නවා //




ඇසෙන් ඇස කතා කර කර
ලඟින් හිඳ සුවඳ වෙනකොට
නොදැක්කොත් හිත හොයනවා
දුරින් හිඳ හිත තැවෙනවා
ඔබ මට ආදරේ කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා


ඔබ මට ආදරේ කියා...................

රෑ සිහිනෙන් ඔබ පෙනෙන කොට
හෙමින් හෙමින් මා සිඹින කොට
දෙතොල් පෙති මගේ තෙමෙනවා
තුරුල්ලේ මා නිදනවා
මම හරි ආදරේ කියලා
ඔබ නොදන්නවා වගේ ඉන්නවා


ඔබ මට ආදරේ කියා...................



To Download The mp3 click here.






ගායනය: මිනෝලි ඩේවිඩ්
සංගීතය:
පද රචනය:

Saturday, March 3, 2012

Oba Ha Mema - T.M Jayarathna

ඔබ හා මෙමා





ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා

සිපගත් එදා සිහිවෙනවා
සිපගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්වරේ එක්වූ දිනේ සිහිවෙනවා
එක්වූ දිනේ සිහිවෙනවා

ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්වී වෙලී සෙනෙහස සෙවූ ඒ
සොඳූරු දා සිහිවෙනවා

ඒ සොඳූරු දා සිහිවෙනවා


ඔබ හා මෙමා..................



To Download The mp3 click here.


ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
 පද රචනය:

Oba Pem Karana - Gunadasa Kapuge

ඔබ පෙම් කරනා




ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ //

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟ හල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ


ඔබ පෙම් කරනා...............


සක්‌මන් මලුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා...............


To Download The mp3 click here.


ගායනය : ගුණදාස කපුගේ

Me Nagaraya - Mervin Perera

මේ නගරය




මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි //


වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළු ලනවා //
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය............................


ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා //
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා




මේ නගරය...................................



To Download mp3 click here.




ගායනය : මර්වින් පෙරේරා
පද රචනය :
සංගීතය :

Langa Nathi Bawa Danenawa - Bathiya & Santhush

ලඟ නැති බව දෑනෙනවා 




ලඟ නැති බව දෑනෙනවා 
එනමුත් හද අහනවා
ඔබ ඒවී දෝ කවදා හෝ
ඔබ මගෙමයි හැඟෙනවා
ආදරේ තව රැඳෙනවා
ඔබ ඒවීදෝ කවදා හෝ

හුදකලාව මේ සිත හඬනවා
සැමදා ජීව්තයේ තනිවේදෑයි සිතෙනවා
ඔබගෙන් ලද උණුසුම මට දෑනෙනවා
තනිකම මාගේ ඉගිලී යනවා

ලඟ නැති බව දෑනෙනවා .....

නෙතු පියාන මා ඔබෙ රුව මවනවා
හීනෙන් ඇවිත් මා දෑස සිනවා
ඔබගේ සුසුම් මට තව දැනෙනවා
ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා


ලඟ නැති බව දෑනෙනවා ......


To Download mp3 click here.


ගායනය : B&S
පද රචනය :
සංගීතය :

Ko Ma Pathu - T.M Jayarathne

කෝ මා පැතූ ඔබෙ ආදරේ





කෝ මා පැතූ ඔබෙ ආදරේ //
කෝ මා පැතූ


ආවේ එදා මා තනීවී ලොවේ හී
නැතිවී ගියා ඒ හැඟුමන් මෙහී //
යලි මා අනාතයි උතුරා ගලායයි
සංවේදනා

කෝ මා පැතූ .......

ඈ හා අතීතේ ගැයු ගීතරාවෙ

මුසුවී ඇසේ වා සුළඟේ පවා //
කෙවිලී කැදැල්ලේ කොවුලා ඉගිල්ලේ
දැන් ඈ දමා


කෝ මා පැතූ ...........


පායා පහන් වූ රන් තාරකාවෝ
අදුරේ දමා මා නොපෙනී ගියා //
කවදාද ආයේ පායා දිලෙන්නේ
රන් තාරකා


කෝ මා පැතූ .............


To Download The mp3 click here.




ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Rathriye Pipennam - Keshan Sashindra

රාත්‍රියේ පිපෙන්නම්




රාත්‍රියේ පිපෙන්නම්
තරු ඇසක් වසා
තුරුලේ නිදන්නම්
සිහිනයක් වෙලා
සිහිනයක් වෙලා //

සඳ සළුව ලිහේ නම්
සුළං රැල් හමා //
හාදුවක් තියන්නම්
ආදරේ කියා

ආදරේ කියා


රාත්‍රියේ පිපෙන්නම්...............


දෙතොල් මත රැඳෙන්නම්
අමා මී පොවා //
ආදරේ දොවන්නම්
පපුතුරේ හොවා

පපුතුරේ හොවා


රාත්‍රියේ පිපෙන්නම්...............



To Download The mp3 click here.





ගායනය : කේෂාන් ශශීන්ද්‍ර
පද රචනය :
සංගීතය :

Nethu Saluna - Romesh sugathapala

නෙතු සැලුනා




නෙතු සැලුනා කඳුලින් දෑස පිරී
ඔබ සිටියා කවුළුව ළඟටම වී
මග තොටදී නොදුටුව විලස ඇදී
තරහ වෙලා මට පෙම් බැඳි කුමරී

ගිම්හානේ අප හමුවී
සන්තානේ තව රිදුනි
පෙරමග මා අද නැවතී
යලි එය සිහිකරමී  //

මුවැත්තියක් ගුරු ගෙට ආවා
හන්තානත් ඉඟි බිඟි පෑවා
මල් පාරත් මට අත වැනුවා
සුන්දරවූ සැන්දැ ගෙවුනා
දුක සංකා නිවුනී
අප දෑතම බැඳුනී

මා ආදරේ ඔබටමයි


නෙතු සැලුනා කඳුලින්.............



ගිම්හානේ අප හමුවී.................. //


වස්සානේ මහවැසි වැටුණා
දෙසුම් හඬේ පාලුව දැනුනා
මිතුරු තෙපුල් ඇස් රතු කෙරුවා

සඳ නැතිවම දින සති ගෙවුණා
මැයි මල් පිපෙන තුරා
මහවැලි ගලන තුරා

මා නෙත් පියෙන තුරා


To Download The mp3 click here.




ගායනය : රොමේෂ් & ලක්ෂාන්
පද රචනය :  බන්දුල මුදන්නායක
සංගීතය : රොමේෂ් සුගතපාල

Kandulu Bindak Ma Wenuwen - Rukantha Gunathilaka

කඳුළු බිඳක් මා වෙනුවෙන්





කඳුළු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයැදින්නට එපා මගෙන් //

කුළුඳුල් සෙනෙහස ඔබගේ
පුද කලදා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතූ මා
ලොව තනිවේ නම්

කඳුළු බිඳක් මා..............

එක මග යනමුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා

ඔබ සැනසේ නම්


කඳුළු බිඳක් මා..............



To Download The mp3 click here


ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය:
පද රචනය:

Sonduru Atheethaye - T.M Jayarathna

සොඳුරු අතීතයෙ





සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී //

කඳුළු සුසුම් මෑද සතුටු සිනා මෑද
භවය පුරා ලඟ ඉන්න ඈතී
එදත් මගේ සිත අද මෙන් කෑපව

ඔබේ නමට පුද දෙන්න ඈතී 


සොඳුරු අතීතයෙ.................


නොසෑලී නොතෑවී බාධක හමුවේ
ආ හින්දා ජයගන්න ඈතී
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි

මේ අයුරින් හමුවෙන්න ඈතී 


සොඳුරු අතීතයෙ................. //



To Download The mp3 click here.






ගායනය: ටී.එම්. ජයරත්න
සංගීතය:
පද රචනය:

Friday, March 2, 2012

Wassanayata Atha Wanala - Umara Sinhawansha

වස්සානයට අත වනලා




වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //

හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන

සංසාරයම මෙය මට නොදී


වස්සානයට අත වනලා............... 


වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්

මං ආවොත්ද නුඹ මට හිමි


වස්සානයට අත වනලා............... 



To Download mp3 click here.





ගායනය : උමාරා
පද රචනය :
සංගීතය :

Sinaha Ko - Umaria Sinhawansha

සිනහ කෝ




සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමී තවරා මුළු ජීවිතේ 


විහඟ ගී වැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ

පැතුම මාගේ තුන් හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ
අවදි කරවා මතකේ ඔබේ
කඳුළු සලමීහැරදා මුළු ජීවිතේ

තනිව හඬනා පෙම් හීනයේ

සුසුම් එවමි තවරා මුළු ජීවිතේ 


To Download mp3 click here.






ගායනය : උමාරියා
පද රචනය :
සංගීතය :

Mata Heenayak Wela - Damith Asanka

මට හීනයක් වෙලා





මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නෙ නෑ මා ඇයිද පෙම්කලේ
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ //

රෑ දොලොස් පැයේ
ඔබේ නෙතු මා ලඟයි ප්‍රියේ
චංචලයි වගේ
ඔබේ හිත කොහේද පාවුනේ //

අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තාරුකාවියන් ගොතාලා මාගෙ අම්බරේ

ඇයිද හැන්ගුනේ හෙලා මා අන්දකාරයේ //


අදහන්න බෑ කඳුලක්ද ආදරේ
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ


මට හීනයක් වෙලා...............



To Download mp3 click here.






ගායනය : දමිත් අසංක
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : අමිල දිලාන්

Thursday, March 1, 2012

Hina Wenna Bari Tharamata - Dammika & Uresha Ravihari

හිනා වෙන්න බැරි තරමට




හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ

තැනූ මාලිගා තැනූ මාලිගා


කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //

නුඹේ නමින් මගේ හදේ
මැවෙනා ගීතිකා මැවෙනා ගීතිකා

දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා

නුඹ රහසින් ඇවිත් 
මගේ ලොවම හීනයක් කලා

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කලා


හිනා වෙන්න බැරි තරමට.............


To Download mp3 click here.




ගායනය : ධම්මික & උරේෂා
පද රචනය :
සංගීතය :

Adare Matamai Kiya - Rukshan Mark

ආදරේ මටමයි කියා 



දෙනෙත් අගින් කඳුලැලි පිරෙද්දී 
සිතට මගේ තව දුක දී 
නැවතත් ඔබ මා තුරුලේ
නපුරුද ඔබගේ ආදරේ 


ආදරේ මටමයි කියා 
කීවා මතකයි දිවුරා එදා 
හැරයයි කියලා සිතුවේ නෑ මෙමා 
මා හැරදමා ඔබ ගියා 
මා හැරදමා

සුන්දරයි එදා වගේ
බොළඳ වදන් තවමත් ඒ වගේ 
වෙනසක් මට නෑ දැනුනේ 
තනිකම පමණයි ඇත්තේ 

ආදරේ මටමයි කියා.........///


To Download mp3 click here.


ගායනය : රුක්ෂාන් මාක්
පද රචනය :
සංගීතය :

Keewa Sulanga Mata keewa - B&S / Uresha

කීවා සුලඟ මට කීවා





කීවා සුලඟ මට කීවා කීවා
සුළඟ හා ආවා කියා ඔයා 
කීවා සුලඟ මට කීවා කීවා 
පෙම් හිත ගෙනාවා කියා ඔයා

දෝරේ ගලනා ඔබේ සිනා
මුසුවූ තුති ගීතිකා
හද රිද්මේ පාරා රැව්නු දිලී
තුරුලිය තුරුලේ පෙම් සුව විඳී

හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
පෙම්බස් හුඟක් රසට මුමුණන්ද මා 
හිත ගිය තැනක සදහටම ඉන්නට
ලස්සන හිතක් කොහෙද ඔය හිත මිස
හිත්දෙක හිතක් විලස අමුනන්නද මා

කීවා සුලඟ...................... //


දෝරේ ගලනා.................


හිත ගිය තැනක...............



To Download mp3 click here.




ගායනය : B&S සහ උරේෂා රවිහාරි
පද රචනය :
සංගීතය :

Ma Nuwan Pura ( Akasa Kusum) - Saman Nishantha

මා නුවන් පුරා (ආකාස කුසුම්)




මා නුවන් පුරා නිල් අහස වසා
මා ළවන් පුරා මල් සුවද සදා
මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
උණ පදුරු සෙවනේ
රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
ආකාස කුසුම් යහනාවේ
මට දැනෙනවා ආදරේ
මට හැඟෙනවා ආදරේ

නිල් අහස තරම් ආදරේ අරන්
ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
සද වතුර සද දිගේ ගලනවා
මට ආදරේ
හැඟෙනවා
මට ආදරේ හැඟෙනවා


මල් සුවඳ තරම් ආදරේ අරන්
මගෙ සිත ලග නතර වෙලා
පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
විල් තෙරේ මල් සුවද ගලනවා
මට ආදරේ දැනෙනවා
මට ආදරේ දැනෙනවා


To Download mp3 click here.





ගායනය : සමන් නිශාන්ත
පද රචනය : උපුල් ශාන්ත සන්නස්ගල
සංගීතය : රංග දසනායක

Followers