Pages - Menu

Earn Money Online

Showing posts with label H. Show all posts
Showing posts with label H. Show all posts

Sunday, January 28, 2018

Hiru Wikasitha Wi Miyayana Polowe - Asanka Priyamanmtha Pieris

හිරු විකසිත වී මියයන පොළවේ

හිරු විකසිත වී මියයන පොළවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපී
ලෝකය බිහිකල මවුනේ මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී....................

හද මඩලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි

හිරු විකසිත වී.........................

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්

Saturday, May 30, 2015

Hadawatha Gahena - Viraj perera

හදවත ගැහෙනා 

දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව
අපි දුර ඇදිලා

හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබෙ සතුටයි මට ඕනා

රෑ අහසේ තරු
නෑ දැන්  හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුනේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ

දුන් අදරේම ජීවිතේ වෙලා

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ

පාළුවේ තනි වෙලා මා ඉන්නවා
ඔබ ලඟින් උන් කාලේ
දුන් අදරේම ජිවිතේ වෙලා


Mp3 Download 

ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
ගායනය - රහල් අල්විස්

Copy and WIN : http://ow.ly/KNIC
 ගායනය - විරාජ් පෙරේරා

Thursday, April 2, 2015

Hith Pura Lanwela - Jananath Warakagoda

හිත් පුරා ලං වෙලා

හිත් පුරා ලං වෙලා නෙතු කොනේ හැංගුනූ
ආදරේ හොරු අරං මතකයන් මියදුනූ
මං නුඹගේලූ නුඹ මගෙන් දුරමලූ
ඇස් පියනකන් හදවතින් ලංවෙමු

අපිට ඔච්චම් කරලා හීන ඔහෙ ඇවිදිනවා
කඳුළු කැට එන රූරා නුඹව මතකෙට ගෙනා
පපුතුරුල්ලේ දෙතොල් සක්මන් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

සුසුමකට ඉඩ තියලා හිතට රහසේ උන්නා
දුක තුනී කර නිවනා මතක වල නුඹ පේනා
හිත නිදැල්ලේ කඳුළු ආවත් උණුසුම් සුසුම් සුන්වූ පැතුම්
නුඹව ඉල්ලා මට රිද්දවා

හිත් පුරා ලං වෙලා........

ගායනය - ජනනාත් වරකාගොඩ  

MP3 Download


Friday, March 14, 2014

Husma Sibinnam - Saranga Disasekara ft Umali Thilakarathne

හුස්ම සිඹින්නම්

හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ හීනයෙන් පවා

මේ හිත ගත්ත රෑ හීන චායා
නෙතු ගාව නැවතීලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා

තුරුලට වෙන්නම් ඔය හිත මත්තේ ජීවිතේ ලියා
නිහඬව ඉන්නම් ඔය නෙතු මානේ ආදරේ තියා
ඇස් ළඟ උන්නු මේ කඳුළු සේයා
දුර ඈත ඔබ ගාවා සඟවා
හැඩකාර හැඟුමන් අපේ ළඟ වෑහිලා

සුසුමන් සුවඳේ පාවීලා
ඔබෙ අසලට වීලා
මගේ ආදරේ ගලපාලා
ඔබෙ නමටම ලියලා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

හැඟුමන් මහදේ පීදීලා
ඔබෙ තුරුලෙම සොයලා
නිහඬව අඳුරේ තනිවීලා
ඔබ සෙව්වා
හිත යාවෙලා පෙරමග ඒවිදෝ කියා
මග බලා ඉන්නම් ආදරේ දරා

හුස්ම සිඹින්නම්.................

To Download the mp3 Click here 

ගායනය - සාරංග දිසාසේකර & උමාලි තිලකරත්න 

Wednesday, February 19, 2014

Handuman - Centigradz

හැඟුමන්

ඇසිපිය නටයි
ඔබ දුටුවම හැඩකාරියේ
සිත උමතු වෙයි
ඔබෙ රුව නිසා දඟකාරියේ

මුහුණේ පෙම්පාට
සිරුරේ පින්පාට
දුටු මගේ සිල් බිඳෙයි
සිතැඟි කිති කවන
ඔබෙ මුකුළු දැලට
බැඳෙමි සත්තයි ලඳේ

සුපෙම් ශෘංගාරියේ
ඔබේ ඔය දෑසින් විහිදෙනා
හැඟුම් රැඟුමන් පිරී
පිටාරේ යයි මගේ ආදරේ



ගායනය - Centigradz

Wednesday, February 20, 2013

Hanganna Bariwewi Adare - Amal Perera & Devashree

හංගන්න බැරි වේවි ආදරේ


හංගන්න බැරි වේවි ආදරේ
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්
රිංගන්න හිතුවාට හිරිපොද මැදින්
දඟලන්න තහනම් මේ පපු පහසේ දී නම් //

ජීවිතේ හරි නොසන්සුන්
ඒ හින්දාම සිහසුන්ව ඉන්නම්
ආදරේ ඒ වග කියාවී
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං
ඔබ තුරුලේහි සන්සුන් සුවෙන් මං

ලාමක් මද නල මග පෙන්වනකන් හීන් හඬින්
මග හැර යන්නට හිත දෙන්නැති නැතිවෙනකන්
කුඩළු මල් පන එපා වෙලා පරවී යනකන්
හිතළු කතා කියා කියා ඉමූ රෑ එලිවෙද්දින්

ආදරේ හරි නොසන්සුන්
ඒ හින්දාම සංසුන්ව ඉන්නම්
ජීවිතේ රඟ දැනේවී 
ඔබ තුරුලේහි සිහිසුන් නොවී මං

To Download mp3 click here  



ගායනය - අමල් පෙරේරා & දේවශ්‍රී

Thursday, January 31, 2013

Hitha Dura Handa - Athama Liyanage

 හිත දුර හන්දා

හිත දුර හන්දා නෙතු ලඟ හංගා
සිහින ගණින හින්දා
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත පෑහින්දා
අරුත කියන සෙනෙහේ

නුඹම වේද මන්දා //

ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා ..........................

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඬවෙන හිත ලඟ තනියට ඉන්නේ නුඹමද කියනා
ඉස්සර දවසක තහනම් හීනේ ආයෙත් දකිනා

හිත දුර හන්දා ...//


To Download mp3 click here 



ගායනය :- ආත්මා ලියනගේ
පද රචනය :- රාචිත්‍ර වාකිස්ට
සංගීතය :- තිළිණ රුහුණගේ


Monday, November 26, 2012

Himiwuna Oba Mata - Manjula Pushpakumara

 හිමි වුනු ඔබ මට

හිමි වුනු ඔබ මට අහිමි වෙලා
කොහොමද වාවා ගන්නේ මා
ආදරේ පෑ ආදරේ
නිදි නැති රැය ඔබ ගැනම සිතා
මතකය පාරා කඳුළු සලා
ජීවිතේ මේ ජීවිතේ
සිතුවෙ නෑ පැහැසර සිනා
කුරිරු වී හැරයයි කියා

සිහින නෙලා පැලඳුදා 
මල් මාල හිත් මානයේ
සිහිවෙනවා උමතු සිනා
නිල් පාට නෙත් මායිමේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

පෙම බිඳ දා හැර ගිය දා
දුක දැනුනේ නැතිදෝ මගේ 
කඳුළු හොරා වැටෙන තුරා
පිටුපෑවේ ඇයි ජීවිතේ //
ලං වුනේ වෙන් වෙන්න නම් 
පෙම් කළේ තුරුලේ ඉඳන්
ඇයි ඔයා මට මේ තරම්

හිමි වුනු ඔබ මට අහිමි වෙලා.......... 


 

ගායනය - මංජුල පුෂ්පකුමාර
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - රදීෂ් වැන්දබෝන  

Wednesday, November 21, 2012

Hitha Hadaganna Ba - Chamika Sirimanne

හිත හදා ගන්න බෑ 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා  ආදරේ හැර යනවා
මා සදා හඬනවා  මාරුතේ දුක දරා 

හිත හදා ගන්න බෑ ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී ජීවිතය දී මාගේ ලඟ න්නු වෙලේ 

කීව හැම දේ තාම සිහිවේ පාළු වුණූ ලෝකේ මාගේ
හීන කඳුළින් තෙමා ඈත සැඟවී ඔයා මාව අඳුරේ හෙළා
දෑස ලඟ අද නෑ මගේ මා සදා හඬනවා මාරුතේ දුක දරා 

හීන වියකී දෑස නොපෙනී කාටදෝ ඔබව හිමි වී

මාව තනිවී දෑස බොඳවී කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා ආදරය රෑ දිවා මාව හැර දා සදා
ඈත යනවද මේ යාමේ මා සදා හඬනවා මාරුතේ දුක දරා

හිත හදා ගන්න බෑ...........................................


To Download mp3 click here 



ගායනය -  චාමික සිරිමාන්න
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය - කපිල්

Heenayak Wage - Surendra Perera

 හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ
හිතට හිතක් ලන්වීලා කල්පයක් වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පන මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනිවිච්ච පෙම් අදෝනා
පවසන්න අපි දෙදෙනා තුරුලට වෙලා

දුරින් ඉන්න බෑ මට එන්න පන මගේ
තාමත් ඔබේ හමුවීමත් මට හීනයක් වගේ

තාමත් මුණ ගැහුනේ නැතත්.............

To Download mp3 click here



ගායනය - ස්රේන්ද්‍ර පෙරේරා
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - උදාර සමරවීර

 

Thursday, October 18, 2012

Hitha Assata Heena Godak - Athula Adhikari

හිත අස්සට හීන ගොඩක්


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා

අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා

තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා

සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක්........................


To Download mp3 click here



ගායනය -  අතුල අධිකාරි


Sunday, August 26, 2012

Hitha Ridawana - Sanka Dineth

නුඹ ළඟ නැතිදා ( හිත රිදවනා) 


හිත රිදවනා සුසුමක් වගේ 
නෙත හඬවනා කඳුලක් දිගේ //
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

නුඹ ළඟ නැතිදා ////

හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ

නුඹ ළඟ නැතිදා ////


හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ //
දවසක ඇවිත් ළඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

නුඹ ළඟ නැතිදා ////


To Download mp3 click here




ගායනය - සංඛ දිනෙත්
පද රචනය - ඉසුරු වීරසිංහ
සංගීතය -  සංඛ දිනෙත් 

Sunday, August 19, 2012

Hada Ganna Me Hitha Mage - Centigradz

හදාගන්න මේ හිත මාගේ

හදාගන්න මේ හිත මාගේ හිනාවෙන්න මා රවටා
දමායන්න දෝ ලං වුයේ කියා දෙන්න වරද සොයා
එදා දුන්න ආදර ලෝකේ හදේ ගැස්ම දෝරෙ ගලා

හමා යන්න මාරුත ගින්නේ සදාකල්ම අතැර දමා

ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


[Rap]

මේ දෑසේ ඔබ හා මා උන් කාලේ සිහිවූවා
පායා ආ තරු සිඳුනා සන්තාපේ මා වේලුනා
නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසුවේ ආදරයේ අරුමේද මේ

නෑ මා නම් හැඬවූයේ සංසාරේ රිදවූයේ
ජිවිතයේ සැනසූවේ ආදරයේ අරුමේද මේ
ඔය තුරුලේ මුදු දෙතොලේ සුවයහනේ හාදු තියා
නෙතු නොනිදා ඔබම සිතා සැනසුනදා නෑ ආයේ එන්නේ //


To Download mp3 click here



ගායනය -  Centigradz
පද රචනය -  සජිත් දිල්පහන්
සංගීතය - තුසිත නිරෝෂන්

Sunday, July 1, 2012

Hangila Innam dase - Romesh Sugathapala

හැංගිලා ඉන්නම් දෑසේ 



හැංගිලා ඉන්නම් දෑසේ 

ආදරේ හැඟුමන් වෑහේ
තුරුලේම හෙව්වා ජීවිතේ
නින්ද නෑ සිහිනෙන් ආවේ
ලංවෙලා රහසින් කීවේ
සුන්දරයි මේ ආදරේ //


පන්හිඳින් පහසින් ලීවේ
ඔබ ගැනයි සත්තයි කෙල්ලේ
ඇස් වලින් හිනැහෙන්නෙපා //
සිතුවමක් ඇන්දා වාගේ
ලස්සනයි ඔබගේ ආලේ
කියවුනේ මායම් කතා
රත්තරං මගේමයි කියා


මල්වරයි හැඟුමන් අපගේ
හදවතේ උතුරා ඇඳුනේ
සතුටින් ඉපිලේන්නකෝ

මල්වරයි පැතුමන් අපගේ
හදවතේ උතුරා ගැලුවේ
සතුටින් ඉපිලේන්නකෝ


නෙත් කොනින් කිව්වා වාගේ
උණුහුමයි අපගේ දීගේ
ඉදිවුණේ පෙම් මාලිගා
රත්තරං මගේමයි කියා


හැංගිලා ඉන්නම් දෑසේ..............



To Download mp3 click here


ගායනය - රොමේෂ් සුගතපාල




Tuesday, June 26, 2012

Hitha Mage Alawanthai - Kasun Primal & Thrishala Wijetunga

හිත මාගේ ආලවන්තයි



නිල් දෑසේ මදහාස මට තාම අද වගේ මතකයි
නුඹ පෑව ආදරය හිත ගාව හැමදාමත් සොඳුරුයි
පෙම්දමක රන් හීන මට බෝම ස්නේහවන්තයි

හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මාගේ හීනෙම නවතින්න

මාගේ සිහිනේ //
හිමි නොවන නුඹ ගැනම හිත මාගේ ආලවන්තයි


රෑ සිහින පාවේ හද ගැස්‌ම මා වේ
සිහින තරු විලේ මගේ හිත තනි වේ
ඔබ මගෙන් දුර ගියා හිත ලඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනි වේ
හිත තනි වේ


එන්න හීනෙන් වත් ඔබ එන්න...............



To Download mp3 click here




ගායනය - කසුන් ප්‍රිමාල්

Monday, June 11, 2012

Hirimal Hinawaka - Nimesha Gamage

හිරිමල් හිනාවක ඇවිදින්



හිරිමල් හිනාවක ඇවිදින්
මා නිල් නෙතු අතර රැඳිලා
බොරුවක් නෙමෙයි ඇත්තයි මගෙයි කීවා
පෑ සිනා දැකලා තරු මල් බිමට බැහැලා
ආදරය ලගම මං ගිහින් නවතලා
ජිවිතේ පැතුම හීනයේ තවරලා

සංසාර මාවතේ දුර ඈත හමුවෙමින්
කවියක් වාගේ හිත ලියවිලා
මතකයේ හැංගිලා හිත අද්දර ඉඳං
හිතවත් වෙන්න හිතුවා එදා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා

හිරිමල් හිනාවක ඇවිදින්................

දඟකාර හීනයේ උනුහුමේ වැතිරෙමින්
නොනිදා නෙතට හුරතල් වෙලා
මගේ විතරක් නිසා හිමිකම ළඟ තියන්
වස්සානයට ඉඟි බිඟි කළා
ඔය ජීවිතේ මාගේ විතර නම්
මා ආදරෙයි සෙනෙහෙන් සදා


හිරිමල් හිනාවක ඇවිදින්................


To Download mp3 click here






ගායනය - නිමේෂා ගමගේ
 පද රචනය -  රචිත්‍රා වාකිෂ්ට
සංගීතය - තිලින රුහුණගේ

Sunday, April 15, 2012

Heenayakda me - Shashika Nisansala & Prasanga Thisera

හීනයක්ද මේ







හීනයක්ද මේ නිල් මැණික් දෑස ළං වෙලා
නෑ ඉතින් අනේ ප්‍රේමයත් ගීතයක් වෙලා
සාගරෙත් දනී ආදරෙත් මේඝයක් වුනා
සත්තමයි අනේ ජීවිතෙත් මහ මෙරක් වුනා

දෝරෙ ගලා යන කඳුළු ගංගා සිඳී
දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ
ආලයෙන් කියා දුන් නේක සෝ දුක් නිවී

පීරු අහසෙ තරු මල් දැන් ඇත විකසිත වී


මා සුපෙම් ප්‍රියාවියේමේ පණ නලත් ඔබේ


හීනයක්ද මේ.................................. 


මගේ ළයේ ඔබෙ සුසුම් රෑනක් එතී
කීව දොම්නස් ගීත ගොන්නක් හඬා වැටේ
සිනා ගෙනා ඔය දෑස් කැල්මෙන් මිදී

කෙසේ සිටින්නද දැන් අනේ මා නම් නොදනී


මා සුපෙම් ප්‍රියාවියේ
මේ හදවතත් ඔබේ


හීනයක්ද මේ.................................. 



To Download mp3 click here 



ගායනය - ප්‍රසන්ග තිසේරා
පද රචනය -
සංගීතය -

Wednesday, March 7, 2012

Heena Yaye - Nimesh Chamika

උතුම් ආදරේ





හීන යායේ හැඟුම් සීතලේ
හාද වූ දා හෙමින් සීරුවේ
ආදරේ කියා දුන් හිතේ
ජීවිතේ ලියා දෙමි මගේ //


ආකාසයේ යායේ තියේ
සේයා උතුම් ආදරේ
රෑ  තාරුකා පායේ තියේ
සේයා උතුම් ආදරේ



තිලෝකේ පුරා සරා නිදි වරා
හැඟුම් මාරුතේ මා නිවා
වසන්තේ හිනා අනන්තේ ගෙනා
නැවුම් ආදරේ කී කතා
සංසාරයේ පෙම් මාවතේ
හීනේද මේ ආදරේ

ආකාසයේ යායේ තියේ ............


හීන යායේ...............................


To Download mp3 click here.


ගායනය : නිමේෂ් චාමික
පද රචනය :
සංගීතය :

Monday, March 5, 2012

Hitha Nambara Thaleta - Bathiya Santhush

හිත නාඹර තාලෙට






හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා
එන හිමිදිරි සිහිලෙට සිතුවිලි කිති කැවුනා
එක පාරට මල් සුවඳක් දැනුනා
මදහාස නගා ඈ හොරැහින් වගේ බැලුවා //

පාළු අම්බරයේ දේදුන්නක් ඇඳිලා
පාට ගෑ විගසේ පාලුව සැඟව ගියා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණෙ‍්

පාලු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට......................

පාට සමනලයන් ආදර ගී මුමුණා
රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා //
සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ

පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ


හිත නාඹර තාලෙට........................


To Download mp3 click here.


ගායනය : B&S
පද රචනය :
 සංගීතය :

Thursday, March 1, 2012

Hina Wenna Bari Tharamata - Dammika & Uresha Ravihari

හිනා වෙන්න බැරි තරමට




හිනා වෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින් මගේ හිතේ

තැනූ මාලිගා තැනූ මාලිගා


කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //

නුඹේ නමින් මගේ හදේ
මැවෙනා ගීතිකා මැවෙනා ගීතිකා

දෙතොල නම් ගොලුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට සුවඳ ගෙන තියා

නුඹ රහසින් ඇවිත් 
මගේ ලොවම හීනයක් කලා

අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කලා


හිනා වෙන්න බැරි තරමට.............


To Download mp3 click here.




ගායනය : ධම්මික & උරේෂා
පද රචනය :
සංගීතය :

Followers