දුන්නු වේදනා
දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
කෙටි කාලයකින් හමුවී
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා
ලස්සනම සිහිනෙකි ඔයා
මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ
කෙටි කාලයකින්................
සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිඳින්නේ
කෙටි කාලයකින්................
දුන්නු වේදනා.....................
To Download mp3 click here
ගායනය :- නිරෝෂා විරාජිනී
පද රචනය :-
සංගීතය :-
සිත හඬයි
සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ ආදරයෙන් මා ලැබුවේ
කඳුලු පමණද මේ ලෝකේ
කඳුලු පමණද මේ ලෝකේ
ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම හැඬුනු මා දෑසේ සිහිනයක්ම මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේ
ඉන්න බෑ ලඟ ඉතින් සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ දිවිය අද මේ අඳුරු කලේ
දිවිය අද මේ අඳුරු කලේ
ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාළු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන්වුයේ ආදරේට පිටුපෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා ඔබට ආදරේ ඔබට ආදරේසිත හඬයි........................
To Download the original mp3 click here.
To Download the Remake Click Here
ගායනය : නිරෝෂා විරාජිනී
පද රචනය :
සංගීතය :