Pages - Menu

Earn Money Online

Showing posts with label Gunadasa Kapuge. Show all posts
Showing posts with label Gunadasa Kapuge. Show all posts

Saturday, March 3, 2012

Oba Pem Karana - Gunadasa Kapuge

ඔබ පෙම් කරනා




ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරනා සඳ
මටද ආදරේ කියා තිබේ //

සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
රඟ හල කෙළවර අඳුරු නිමේෂක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
පෙර දවසක මා තුරුළට වී හිඳ

මටද ආදරේ කියා තිබේ


ඔබ පෙම් කරනා...............


සක්‌මන් මලුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
සනහස සඟවා දෙනෙත නුරාවෙන්

මටද ආදරේ කියා තිබේ

ඔබ පෙම් කරනා...............


To Download The mp3 click here.


ගායනය : ගුණදාස කපුගේ

Wednesday, February 22, 2012

Tharu Mal Yayama - Gunadasa Kapuge

තරුමල් යායම



තරුමල් යායම පොඩි කර අහස් විලේ
ඉර හඳ මිරිකා දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපාවී 

මා හෑරදා ඈ ගිය දවසේ
මා හෑරදා ඈ ගිය දවසේ


දුක පැවසුවෙමි අසනා කෙනෙක් නැති
පාලු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්

එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි


තරුමල් යායම.......................

නුවර උයන් මැද හමුවූ ලඳුුන් නැති
යටසින් බලුනෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින් 

එකම ලඳක් වෙත පෙම් කල නිසාවෙනි


තරුමල් යායම................... 


To Download The mp3 click here.






ගායනය : ගුණදාස කපුගේ

Tuesday, February 14, 2012

Man Mula wee - Gunadasa Kapuge

මං මුලාවී



මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //

ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට

ඇයටද පාරක් ඇති නැති ගානය


මං මුලාවී........................... 


අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්

අප යන ගමනද අද මෙතැනින් නිමි


මං මුලාවී........................... //



To Download The mp3 click here.





ගායනය : ගුණදාස කපුගේසංගීතය: ගුණදාස කපුගේ
පද රචනය: සුනිල් ආරියරත්න

Saturday, January 28, 2012

Duka Hadu Dena Raye - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ - Gunadasa Kapuge

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අගත විය
විරහී හද ගිලන් වෙලා//

ගහ කොළද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ
පෙර දාක මිරිඟු
සයුරේ ඒ රුවට රැවටුනේ


දුක හාදු දෙන රැයේ..........


නන්නාඳුනන ලෙසේ
මග තොට යලිත් හමු වෙලා
මහ මෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා


දුක හාදු දෙන රැයේ..........



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - වසන්ත බණ්ඩාර දිසානායක
සංගීතය -ගුණදාස කපුගේ

Dawasak Pala Nathi Hene - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ - Gunadasa Kapuge

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර 
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ


ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ//

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ


මං එනතුරු ඉඳිකඩ ලඟඉන්නවාද අම්මේ//


To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රන්බණ්ඩා සෙනවිරත්න
සංගීතය -

Dasa Nilupul Thema - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා - Gunadasa Kapuge

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල්මාලියේ

හඬනු මල්මාලියේ//

නිහඬ හදවත් පොතේ ලියවුනු 
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ//


ඔබේ කඳුලැලි මා සිතේනිබඳ පදවැල් ඇඳේ
නිබඳ පදවැල් ඇඳේ



දෑස නිලුපුල් තෙමා .................


පබළු මිණිමුතු නැතේ මා සතූ 
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ//


තුෂර පිනි ලෙස මල් මතේකඳුලු පොකුරේ රැඳේ
කඳුලු පොකුරේ රැඳේ



දෑස නිලුපුල් තෙමා .................



To Download mp3 click here.


ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

Sinhala Sindu Kiyalana - Gunadasa Kapuge

සිංහල සින්දු කියන - Gunadasa Kapuge

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී //

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී


සිංහල සින්දු කියන...................


ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී



සිංහල සින්දු කියන...................



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

Susu Nanda Ay - Gunadasa Kapuge

සුදු නැන්දා ඇයි - Gunadasa Kapuge
සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මගහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නගා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නැහැ දන්නේ


සුදු නැන්දා ඇය....................


තටු පොරවාගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා


සුදු නැන්දා ඇය.......................



To Download mp3 click here.


ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය - 

Ninda nathi Raye - Gunadasa Kapuge

නින්ද නැති රැයේ - Gunadasa Kapuge

නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදිවී යා යුතුව තිබේ


නින්ද නැති රැයේ.............................


රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ


නින්ද නැති රැයේ.............................



To Download mp3 click here.


ගායනය -  ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී ගමගේ
සංගීතය - 
ගුණදාස කපුගේ

Followers