Pages - Menu

Earn Money Online

Saturday, January 28, 2012

Sinhala Sindu Kiyalana - Gunadasa Kapuge

සිංහල සින්දු කියන - Gunadasa Kapuge

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී //

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී


සිංහල සින්දු කියන...................


ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී



සිංහල සින්දු කියන...................



To Download mp3 click here.

ගායනය - ගුණදාස කපුගේ
පද රචනය -
සංගීතය -

No comments:

Post a Comment

Followers