Pages - Menu

Earn Money Online

Monday, January 30, 2012

Oba Heenayak - Sanka Dineth

ඔබ හීනයක්



ඔබ හීනයක්‌ හීනයක්‌ වී හිඳින්න මාගේ නෙතු දැහැනේ
මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ//

ජීවිතේ වේදනා සුළඟේ පාවුණා
ආදරේ කඳුළු ගංගා මල් වරුසාවක් වුනා
ඔබ ආයේ ආයේ ආයේ ඇවිදින්
සිහිනේ සැරසුවා සිහිනේ සැරසුවා

ඔබ හීනයක්‌............

රෑ අහසේ සඳ වීලා - ආවාද පායලා
දෑතේ මාගේ දැවටීලා - ඉන්න ලඟම හිනැහිලා
ඔබ වසන්තයක් සේ ඇවිදින් මා හද සනසලා
මුදු සුගන්දයක් වී මාගේ සිත්පුරා ඉහිරිලා

ඔබ හීනයක්‌............

මල් යායේ හැන්ගීලා - නෙත් කොනින් බලා එදා
ඒ කුමරි මගෙ වීලා - දැන් ඉතිං මගේ සදා
ඔබ නොයන්න කිසිදා සොඳුරේ මා ළඟ දුක තියා
ඔබ හිඳින්න හිඳින්න මාගේ තුරුලේම නැවතිලා

ඔබ හීනයක්‌............



To Download The mp3 click here.




ගායනය - සං දිනෙත්
පද රචනය -  නලින් ද සිල්වා
සංගීතය - තිලින රුහුනගේ  




No comments:

Post a Comment

Followers