නින්ද නැති රැයේ - Gunadasa Kapuge
නින්ද නැති රැයේ සඳ කදුළු මීදුමේ
හැංගිලා හඬන්නේ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරැළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේහෙට උදේම අවදිවී යා යුතුව තිබේ
නින්ද නැති රැයේ.............................
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේසිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ
නින්ද නැති රැයේ.............................
To Download mp3 click here.
ගායනය - ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී ගමගේ
සංගීතය -
ගුණදාස කපුගේ
No comments:
Post a Comment