Pages - Menu

Earn Money Online

Showing posts with label Dinesh Tharanga. Show all posts
Showing posts with label Dinesh Tharanga. Show all posts

Friday, August 17, 2012

Ma Dasa Na Nidi - Dinesh Tharanga

මා දෑස නෑ නිදී


මා දෑස නෑ නිදී ඔහු තුරුලේ ඔබ හිඳී
මේ යහන ඉඩ වැඩී පෙරදාක රෑ විඳී //
ඔබේ රුවට ගුලි වේවී
බොඳ වෙයිද කදුලක් වැටී
මා දෑස නෑ නිදී මා දෑස නෑ නිදී

මතකයිද ඒ දිනේ දිව්රා පුජාසනේ
ඔබ කීවා ඔබෙ ආදරේ
දෑගිලි ද පැටලුනේ සීතලට ලං වුනේ
මුළු රෑම නිදි නැති වුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ
ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා

ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී ..........................

මනමාල යයි කියා ඔච්චම් කලා ඔයා
මා නම් නෑ ඔබ රැවටුවේ
අරුමෝසම් වැහි නිසා
ඔබේ සුවඳ දිය වුනා
හද කෑ ගසා වැලපුනේ
ඒ සොඳුරු සේයා ඔබ පෑව මායා
කඳුලක්ව හිත පෑරුවේ

ඔබ යන්න ගිය දා මා හැඬුවේ ඉකි ගා
ඔබ නැවතුනේ නෑ ප්‍රියේ

මා දෑස නෑ නිදී................ 

To Download mp3 click here



ගායනය - දිනේෂ් තරංග
පද රචනය - සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය - චතුරංග ද සිල්වා


Wednesday, May 2, 2012

Manamala Sithak thibunada - Dinesh Tharanga

මනමාල සිතක් තිබුනද






මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ

ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ


මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ



නල රැළි  මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා.......................


මනමාල සිතක් තිබුනද..................... 



නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා..........................


මනමාල සිතක් තිබුනද .................


To Download mp3 click here







ගායනය :- දිනේෂ් තරංග
පද රචනය:-
සංගීතය -





Saturday, February 25, 2012

Meewitha piruna - Dinesh Tharanga

මීවිත පිරුනා



මීවිත පිරුනා මැදියම් රෑඔබ නැති
පාළුව දැනුනා ඉවසුම් නෑ


නෙතු ළඟ සීතල මැවුනා
කඳුලක්‌ තාලෙට හැලුනා
මා හද හැඬුවා ඔබ දන්නෑ //

සියොලඟ තෙමුනා තුරුලට වී
සඳ ගිනිගත්තා උණුසුම් වී
මතකය පමණයි ඈ මියැදී

මේ තනි යහනේ මා තනිවී


නෙතු ළඟ සීතල මැවුනා.............//

මීවිත පිරුනා මැදියම් රෑ.............

වාවනු බෑ හිත ගිනිගත්දී
මට උණුසුම විතරයි ඔබ ඉද්දී
සුදු පාටින් ඇයි ඔබ සැරසී

ඔය නිලනෙතු නිහඬයි අද පියවී


නෙතු ළග සීතල මැවුනා ..............//


මීවිත පිරුනා මැදියම් රෑ....................


To Download The mp3 click here.






ගායනය : දිනේෂ් තරංග
පද රචනය : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ
සංගීතය : සංජු පෙරේරා

Followers