Pages - Menu

Earn Money Online

Showing posts with label Randir. Show all posts
Showing posts with label Randir. Show all posts

Friday, August 9, 2013

Mal Mada Hasa Peedena - Randir Ft Bathiya & Umaria

මල් මද හාස පීදෙනා

මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස  පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා

ඇය  මගෙ ජීවෙ පෙම් ලෝකේ
එක මග ආවෙ සංසාරේ 
නිදැල්ලේ සරන්නේ මා හා
වසන්තේ  පෙමින් ලං වීලා


මල් මද හාස පීදෙනා
නිල් නෙතු ඈගේ වාසනා
සෙනෙහස  පෑවා ලං වීලා
දුටුවම දෑස පෑ සිනා
හද රැඳි ශෝක වේදනා
සැනකින් යාවි හැන්ගීලා

රුව දැක ඈගේ මල් වාරේ
බඹරුන් ඒවි සංචාරේ
ගයන්නේ රඟන්නේ ඈ හා
බිඟුන් ඒ රුවින් මත් වීලා


මල් මද හාස පීදෙනා.........

To Download mp3 click here  

ගායනය - රන්දීර් & භාතිය


Thursday, February 16, 2012

Kelilola Balmen - Randir

කෙලිලෝල බැල්මෙන්



කෙලිලෝල බැල්මෙන් හිත හන්කිති කවනා
පෙම් හීන යායේ මල් දේදුනු එලලා
හෘදේ වර්ණ ගන්වා මගෙ ජීවිතේම කළබා

ඔබ ඇයි මෙලෙසේ නොසිතූ විලසේ
කෙලිලෝල බැල්මෙන්


ඇස්පුරා දිස්වුනේ නොලියූ පෙම් ගීතේ
හිත් පුරා ඉතිරුවේ නොවැයූ සංගීතේ
ජීවිතේ දල්වා තබනා ආලෝකයක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා සේ
සෙත් කවක් වී ඇවිත් සෙත් පතන්නී
හිත ඉබේ ඔබ සොයා ඉගිලයේ හිත මගේ

කෙලිලෝල බැල්මෙන්.......................


සිත් පහන් වූ නිසා හෙලනා මදහාසෙන්
සත්තකින් සැනසෙමී නොකියූ සංතෝසේ
ජීවිතේ ගීයක් කරනා වීණාවක් සේ
ආදරේ දෝතින් ගෙනෙනා ප්‍රාර්ථනා‍ සේ
රත්තරන් ඇස් දෙකෙන් මා නිවන්නේ
හිත ඉබේ ඉන් මිදී ඉගිල‍යේ  කොයි කොහේ

කෙලිලෝල බැල්මෙන්............................ 


To Download The mp3 click here.



ගායනය : රන්දීර් විතාන
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : භාතිය ජයකොඩි

Followers