Pages - Menu

Earn Money Online

Wednesday, October 24, 2012

Sarasawiyedi heta witharai hamu wanne - Dayarathna Ranathunga

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ

සරසවියේදි හෙට විතරයි හමුවන්නේ
කිමද කුමරි නෙතු කඳුලැලි පුරවන්නේ //


මොර සූරන මහ වැස්සේ තනි කුඩයේ
අපි තනිවී දොඩමලු වූ හැටි දෙනියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහාවැලි දෑලේ සපු සෙවනේ 

කළා ශිල්ප රාජ ඉසුරු මල් යහනේ
එදා ලපලු හෙවනේ සරතැස නිවුනේ
අපේ මියුරු සිහින පිරුණු රජ දහනේ
මෙදා සුවඳ පමණි ඉතිරි හන්තානේ

කෝල බැලුම් හෙලා රඟන පරවියනේ
මාල බැඳුනු ගෙල කුමරිගේ හඳ පානේ
හීනෙන් දැකුමට විතරයි උරුම වුනේ
හන්තානේ කුමරියෙ නාඩන් ලසඳේ

සරසවියේදි .....................................


To Download the mp3 Click Here

ගායනය - දයාරත්න රණතුංග

Oya Nisa - Chandrasena Hettiarachchi

ඔයා නිසා


ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙත්දෙන්

තනිකමින් ගඟ ගලා යනවා සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව ඔයා කොතැනද හැංගුනේ
අපි හමු උනොතින් සඳ එයි නැගිලා ගංගාවට එළිය අරන්
ආදර මල් යායක්‌ අරන්

බලා ඉන්නම් තව හුඟක්‌ කල් ඔයා එනතුරු මා සොයා
සොයා නාවත් ඉවසලා හිත හදා ගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්

ඔයා නිසා ..................................


To Download mp3 click here





ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ලසිත් ජයනේත්තිරච්චිගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

Tuesday, October 23, 2012

Muthu Kandulin - Chandrasena Hettiarachchi

මුතු කඳුලින් මා දෙනෙතේ 


මුතු කඳුලින් මා දෙනෙතේ 
පෙම් සිතුවම් බොඳ වන්නේ
රිදවන්නද වෙන්වූයේ
තනිවෙන්නම් මා //

සඳ මඩලේ තරු පොකුරේ
රුව ඇඳුනේ ඔබගේ
මද පවනේ මල් ගොමුවේ
සුවඳ දැනේ ඔබගේ
කඳුළැල්ලෙන් හසරැල්ලෙන් 
සැනසෙන්නම් මා

මුතු කඳුලින් ...................... //


මල් පිපුනේ රොන් පිරුණේ
බඹරුන් ගී ගැයුවේ
නෙතු දැහැනේ පෙම් සිහිනේ
සිතුවම් මා පෙලුවේ
හසරැල්ලෙන් කඳුළැල්ලෙන්
සැනසෙන්නම් මා


මුතු කඳුලින් ...................... //


TO Download the Original mp3 Click Here

TO Download the Remake mp3 Click Here




ගායනය - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
පද රචනය - ලසිත් වසන්ත
සංගීතය - සරත් වික්‍රම


Saturday, October 20, 2012

Unu Kandulak wee dase - Shashika Nisansala

උණු කඳුලක් වී දෑසේ


උණු කඳුලක් වී දෑසේ 
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දනුනාද මගෙ ආදරේ //

හද වේදනාවෙන් වැළපෙයි අනේ
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ

කුළුදුල් ආලේ රසකලේමී
ළමැදේ හංගා ගුලි කලේමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා

උණු කඳුලක් වී දෑසේ...............


ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලතී
මගෙ මිතුරිය හා ඉගිලීල
ඔබ යයි මා නෙතු රවටාලා
ඉකි ගසනා හද හඬවාලා


උණු කඳුලක් වී දෑසේ................//


To Download mp3 click here

ගායනය - ශෂිකා නිසංසල

Thursday, October 18, 2012

Hitha Assata Heena Godak - Athula Adhikari

හිත අස්සට හීන ගොඩක්


හිත අස්සට හීන ගොඩක් ගෙනල්ල දුන්න
ඹය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම
සුළඟ වගෙ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

කඳුලක් කඳුලක් ගානේ පෙම දියකරලා
සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා

අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ආදරේ කියා දුන්නු ආදරී ඔයා

තැවුනත් දැවුනත් මියගිය පෙම සිහිකරලා

සුවඳක්වත් නෑ මතකයේ අදනම් රැඳිලා
අමතක කර ලන්නට බෑ මට නම් කිසිදා
ජීවිතේ කියා දුන්නු ආදරී ඔයා

හිත අස්සට හීන ගොඩක්........................


To Download mp3 click here



ගායනය -  අතුල අධිකාරි


Wednesday, October 17, 2012

Me Saumya Rathriya - Dharmadasa Walpola

මේ සෞම්‍ය රාත්‍රීය


මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී //

රමණී හැඟුම් පෑ උතුම් දර්ශනේ
රන් තාරකා හා ගියා සේ පෙනේ //
සේපාලිකා සේපාලිකා
මාගේ අමානන්ද මේ කෝ අනේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................//


සංකාව හෘදේහි ඒවී ගලාලා
කොයි වේලෙ ඒදෝ කියාලා බලාලා //
ආනන්ද රාත්‍රි සෞම්‍ය කාන්ති
මා ආදරීගෙ වියෝවින් පෙළේ
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

මේ සෞම්‍ය රාත්‍රිය................. //

To Download original mp3 click here

To Download The Remake Click Here

ගායනය - ධර්මදාස වල්පොල


Tuesday, October 2, 2012

Pata Wenas Wana - Samitha Mudunkotuwa

පාට වෙනස් වන

පාට වෙනස් වන
සමනලයෙකු ලඟ
සමනලියක් උනානෙ මං
පාට වෙනස් නොවී ඉන්න //


සුළඟේ දැවටී මල් පෙති සැලූනා
සුසුමක හසුවී සෙනෙහස බිඳුනා
ආදර හීනය තරු මත සඟවා
කලූවර අහසක තනි කෙරුවේ ඇයි

කඳුලේ සේයා අඳුරේ නැගුනා
සියුමැලි අත්තටු එකිනෙක බින්දා
ජීවිත අහසේ මා තනි කර දා

ඈතින් ඈතට ඉගිල ගියේ ඇයි

පාට වෙනස් වන...................


To Download mp3 click here



ගායනය - සමිතා මුදුන්කොටුව
පද රචනය - නිශාන්ත ශාන්තදේව
සංගීතය - රුවන් ශ්‍රී වල්පොල

Sulagata Kalin (Piyavi Teledrama Theme Song) - Jaya Sri

සුළඟට කලින්


සුළඟට කලින් පාවී ලස්සණ මලේ
වස්සානේ නුඹ හින්දා හැඬුවා
අවපස දුරින් පායා යළි ජීවිතේ 
නොදැනුනු සුවඳක් මා සෙව්වා

සිතුවිලි මනරම් නිල් අහස අරන්
ඔබ මා හමුවේ සැනහේ සරදම්

මල්කෙමි අතරේ සඟවා රහසේ
මගෙ සිත ගැයුවේ නොලියු ගීයක්

සමනල සිහිනෙන් එන්නෙද සියොතුන්
අරුණේ ඉගිලී යන්නට ආයෙත්
අපෙ පියවි ලොවේ නැතුවද පහසේ
නටුවේ බරවී රතු රෝස මලක්


සුළඟට කලින් .......

To Download mp3 click here



ගායනය -  ජය ශ්‍රී
පද රචනය - තුෂානි බුළුමුල්ල
සංගීතය -  ජය ශ්‍රී

Followers